@kavikari0: ඔයාට මන් හරි ආදරෙයි.. අතාරින්න බැරි තරමට මන් ඔය හිතට ඇබ්බැහි වෙලා ආදරෙ කරනවා.. ඔයා නිසා මට රිදෙන වාර අනන්තයි.. ඒ හැම වාරෙකම මම ඔයාව අතාරින්න උත්සහා කලත් ඔයා මට එකට කවදාවත්ම ඉඩ දුන් නෑ. ලෝකයක් කියන්නෙම අසම්මතයක් ඇතුලෙ තියෙන්නෙම රාගයක් විතරයි කියන්න. එත් අපි දෙන්නගෙ අතරේ තියෙන්නෙම හම්බ වෙන්න දින ගනින දවස් ටිහකුයි, පැය 24න් බාගයක්ම කොල් වල ඉන්න දවසුයි විතරමයි.. එදා ඔයාගෙ අයිතිය වෙන කෙනෙක්ගෙයි කියන්න මන් දැනගනත් ඔයාට ලන් උනේ ඔයාව මට මාරම විදියට දැනුන නිසා.. එදා ඔයා මට පොරොන්දු කවදහරිම දවස අපි අපෙ වෙන්න පුලුවන් දවසක් හදනවා කියලා ඔයා. ඉතින් ඒ පොරොන්දුව එක්ක මන් අවුරුදු ගානක් ඔයා එක්ක ආවා. හැරිලා බලපුවාම ඔයා කරලා තියෙන්නෙම අපිට තවත් එකතු වෙන්න අමාරු වෙන විදියෙ දෙවල් විතරමයි.. ඔයා නොහිතා කරන ඒ දෙවල් වලින් උනේම මාව මැරි මැරී ඉපදුන එක.. ඔයාගෙ ආදරේ ලග අද වෙද්දි මන් අමු අමුවෙ පිච්චෙනවා .. අතාරින්න බැරිකමට අල්ලන් ඉන්නවා වේදනාවෙන් උනත්.. ඔයා මට ඇත්ත කිවොතින් රිදෙයි කියලා කියන සමහර බොරු මන් දන්නවා ඒ හැමදේම බොරු කියන්න.. එත් ඔයා ඒ බොරුවක් කියන්නෙත් මාව රිද්දන්න තියන අකැමැත්ත නිසා කියලා මන් හිත හදාගන්නන්වා. එක මගෙ මෝඩකමක් වෙන් ඇතී.. මොකද ආදරේ ලග ඒ තරම් මන් ඔයා ලග අසරන වෙලා ඉවරයි.. අනෙ මන් ඔයාගෙ වැදලා ඉල්ලනවා, මාව අයිතිකරගන්න බැයිනම් ඔයාට, මට යන්න දෙන්න.. ඔයාගෙ ජිවිතේ ඉන්න ඒ ගැනු කෙනා එක්ක සතුටින් ඉන්න බලන්න.. මට දරාගන්න බැරි උනත් ඔයා එයා එක්ක ආයෙම සතුටින් උන්නොත් මන් දරාගන ඉන්නවා. මොකද අයිතිය මගෙ නෙමෙ කියන්න දැනෙන වාරයක් ගානෙ මන් නොමැරි මැරෙනවා. තවත් හිතට මේ වේදනාවල් දරාගන්න හයියක් ඉතුරු වෙලා නෑ. කරපු පොඩි හරි පිනක් මන් තියනවනම්, එක්කො ඔයා මගෙම වෙන්න ඔනී, නැත්නම් ඔයාව මට නැති වෙලා යන්න ඔනී... මොකද මෙ උත්තරයක් නැති ප්‍රශ්නෙ එක්ක ඔට්ටු වෙලා මට දැන් හරි මහන්සී දෙවියනේ... හතුරෙක්ටවත් අයිති නොවන මනුස්සයෙක් අතාරින්න බැරි තරම් හිතට දැනෙන්න නරකයි💔 🕊️ කවිකාරි #foryoupage
~ කවිකාරි ~
Region: LK
Thursday 28 May 2026 14:43:31 GMT
Music
Download
Comments
Susa_💗🐼 :
අනියමක් උනත් රාගයෙන් තොර පෙමක් තියෙන්නම බැරිද.... කවමදාකවත් අතකින්වත් අල්ලගෙන යන්න බැරි ආදරයක් තියෙන්න බැරිද... 😢😢😢
2026-05-28 19:51:59
131
Saduu ❤️ :
අනියමක් උනත් සමහර බැදීම් 🥺 අවංකයි ආදරේ අසීමාන්තිකයි 😔
2026-05-28 18:46:01
73
Imesha :
මගෙම කතාව ඔය.. ඇත්තටම කවදාවත්ම අපිට අයිති කරගන්න බැරි කෙනෙක් වෙනුවෙන් අපේ හිත් වල ආදරයක් උපදින්න නරකයි.. ඒ වේදනාව පුදුම තරම්.. මුලු ලෝකෙම කියනවා අසම්මතේ ඇතුළේ තියෙන්නෙ රාගය විතරයි කියලා.. ඒත් අපේ බැඳීම ඇතුළේ තිබුණ ආදරය , සතුට, රැකවරණය, සැනසීම, අවංකකම කවුරුත් දන්නෙ නෑ.. දෙන්නට දෙන්න කොයි තරම් ආදරේ කලත් අයිති වෙන්න බැරි වෙන්නෙ පෙර පවකට වෙන්න ඇති.. ඒකෙ වේදනාව දන්නෙ මං වගේ විඳවන අයම විතරයි..
2026-05-29 06:02:53
38
A⃠d⃠i⃠ :
මගේ කතාව වගේ...🥺❤️🩹
2026-05-28 15:26:54
48
Cinderella 🧚♀️💖 ( ZINDY ) :
අනේ දෙයීයනේ මගේ කතාවමයී🥺🥺💔 ඇත්ත හංගලා ලෝකයක් තරම් ආදරේ දීලා නන්නාදුන මිනිස්සු වගේ එයා දැන් wife එක්ක සතුටින් ඉන්නවා😔🥺පවුලක් විනාශ කරලා සතුටු වෙන්න තරම් කැත හිතක් මට නැති නිසා පැත්තකට වෙලා මං හැමදාටම තනි උනා🥺🥺🥺😔
2026-05-29 11:59:56
25
𝐎𝐬𝐡𝐬𝐡𝐲𝐲_𝐆𝐢𝐥𝐥_🐣💋💦 :
ඒත් පනවගේ ආදරය කරන කෙනෙක් ඉන්නව කියල හොදටම දැන දැනත් කෙනෙක්ට ලන්වෙනවනම් ඒකට කියන්නෙ මොකද්ද 🙂💔
2026-05-29 06:04:40
17
@බිනූ_💓🥺_[girl ]✨😘 :
දෙන්නෙක් අතරට අතරමැදියෙක් වෙන්න හිතන්නවත් එපා. දුක් විදින්නෙ තමන් විතරක් නොවෙන නිසා . ඊට වඩා තනිකම හොදයි කියලා අනන්තවත් හිතෙයි ❤️🩹🤝🙂
2026-05-29 06:41:39
27
❣️තනිකම හුදෙකලාව ❣️ ☸️✝️☪️.. :
ලෝකය මොනවා කිවුවත් අසම්මතය ඇතුලේ තියෙන්නේ රාගයම නෙවෙයි..අවංකකම ආදරේ කරන මිනිස්සු ඔනි තරම් ඉන්නවා.. එත් අයිතියක් නැති කෙනෙකුට ආදරේ කරනවා කියන්නෙම මාර වේදනාවක්...❣️❣️❣️❣️
2026-05-30 05:49:06
30
🍂🍃🍂🍃🍂 :
"ජීවිත සහකරුවෙකු සෙවීම වැරදි නැත. නමුත් දැනටමත් සහකරුවෙකු සිටින කෙනෙකු සෙවීමට යන්න එපා."❤️
2026-06-04 02:52:27
8
🌼Bisho🌼 :
“ අනියමේ වුව නියමයේ වුව රිදුම් ස්ත්‍රියටයි "
2026-05-28 21:50:10
16
𝗖 𝗵 𝗮 𝘁 𝗵 𝘂_👻 :
ලබන ආත්මෙවත් මගේම වෙලා මන් ලගටම එන්න කියල ප්‍රාර්ථනා කරනව පන.🥺❤️🩹
2026-05-29 15:21:58
8
❤️🔥Dinu❤️🔥❣️Dinusha❣️❤️🔥 :
ඒ කතාව පිස්සුවක්😢 .ලංවෙන්න බැරි නම් ඇයි දෙයියනේ 😢එහෙම ආදරයක් දැනෙන්නේ 😔 🙏😢😢 දෙව්යන්ගෙන් ඉල්ලන්නේ කාවදවත් එක්කෙනෙක්ව තනිකරන්න එප.🙏😢😔ඒ වේදනාව දන්නේ තනිවෙන කෙනාම ව්තරයි🙏😢කොයි කවුරු කොහොම හිත හදන් හිටියත්.ඒ වේදනාව 😢😢😢😢
2026-05-28 21:40:58
15
Nusha Silva :
අනේ දෙවියනේ,,,,,💔💔එකම විදියට මිනිස්සු විදවනවා, අයිති නැති හිකකට නම් ආදරේ දැනෙන්නම හොද නැ.
2026-05-28 23:16:45
11
🌎❤NIRMALA ❤🌎 :
කරපු පව් වලට මේ ආත්මේ එහෙම දෙයක් උනා ආයේ උපදින කිසිම ආත්මෙක අයිතිකර ගන්න බැරි හිතකට ආදරේ දැනෙන්න එපා 🙏🙏🙏
2026-05-29 01:38:00
12
𝑻𝒉𝒖𝒔𝒉𝒊𝒊_👣 :
මගේ කතාව වගේමයි..🙂🙇
බැරිම තැන සතියකට කලින් මන් අයින් උනා..
🙂💔🙇
2026-05-29 07:02:17
11
happy & :
මේ මගේ කතාවම නේද
2026-05-28 18:51:00
8
🥰sewwandi 🌎🌿 :
😔🥹 ඒ විදවීම දන්නේ එයාලම තමා 🥹
2026-05-29 03:52:12
6
සිරෝ :
මගේ කතාව වගේ 🥺
2026-05-28 15:49:48
5
🇦🇪 Anjali🇦🇪 :
😭😭😭 අනේ මේ මගේ කතාව.. මං ආදරේ කලේ පිස්සුවෙන් වගේ🥺🥺🥺එයා දිපු පොරොන්දු එයා කැඩුවත් මං එයාට දිලා ආපු පොරොන්දු ඒ විදියටම රකිනවා.. මොන කරුමයක්ද ඔයාව මේ තරම් මට දැනුනේ ඇයි.. මං තාමත් පිච්චෙනවා ඔය රුපේ ඉස්සරහා දෙයියනේ.🥺🥺🥺
2026-05-28 15:14:45
7
Laya BBH :
meka ඇත්ත🙂 බලෙන්ම හිත අස්සට රිංගලා මාව වැරදිකාරිකරලා අනියම අනියමම වග පෙන්නලා සැබෑ පෙම එක්කම ගියා....රාගය ගෑවිලාවත් නැති නිසා මන් අන්ධ උනා අනියම උනාට මේකයි සැබෑ පෙම කියලා🙂 එත් බලද්දි රාගය එක්ක තිබ්බ සැබෑ පෙමලු සැබෑ පෙම....🙂අවසානෙට මගේ හැගිම් මන් එක්කම තනි උනා💔💍
2026-05-28 23:45:19
7
🦋පුංවි සමනලී🦋 :
අයිති වෙන්නම ඔනි නැහැ ආදරේ කරන්න අයිතියක් නැති ආදර කතා සදාකාලිකයි අයිති කරගත්තු ආදර කතා තාවකාලිකයි. අත් වලින් බැදෙනවට වඩා හිත් වලින් බැදෙන ආදරේ හරි ශක්තිමත් කාටවත් ඒ බැදීම කඩන්න බෑ.දෑගිලි බැදුනට අපි හැමෝටම තියෙනවා හිතෙන් බැදුනු ආදරයක්.
2026-05-31 05:02:23
5
NK 🪬 :
මේක ඇත්ත ඇත්ත හංගලා බොරු කියලා බලෙන් වගෙ ලං වෙලා අන්තිමට අදුරන්නෙවත් නැති ගානට එයා දැන් wife එක්ක ඉන්නවා 🥺
2026-05-28 23:57:53
6
Anu♥️♥️♥️ :
කවදාහරි දවසක එයා මට අයිති වෙයි😔 එතකන් බලන් ඉන්නවා මං😔
2026-05-28 19:16:22
9
Dinu official 🧸🧸🧸🧸🧸🧸 :
අසම්මයක් උනත් දැනේන තැන ගැනු අපි නතර වෙනවා එතන රාගයක් නෙවෙයි තියෙන්නේ ආත්ම ගනක බැදිමක් . මාත් කලයක් විදේව්වා එත් දැන් සතුටින් ඉන්නවා දැනේන තැන අපි නතර වුන නිසා 💚
2026-05-29 07:05:13
5
💕 Jenni_28 💕 :
මගේ හිතේ තියන වචන ටික මේ......❤️
2026-06-03 08:49:51
1
To see more videos from user @kavikari0, please go to the Tikwm
homepage.