@back_to119: boyfriend කෙනෙක් ඉන්නවනම් , husband කෙනෙක් ඉන්නවනම් , පුතෙක් ඉන්නවනම් මේක වටීවී. පිරිමි කියන්නෙ රොබෝලා නෙවෙයි. එයාලටත් හැඟීම් දැනීම් තියනවා. මහන්සි දැනෙනවා. දුක හිතෙනවා. තනිකම දැනෙනවා. සාමාන්‍යෙන් පිරිමියෙක් කියන්නෙ මාර විදියට දරාගෙන ඉන්න කෙනෙක්. පිටතින් රළු , නපුරු , දඩබ්බර , හිතුවක්කාර අය වගේ පෙනුනට පිරිමියා කියන්නෙ ඇතුලෙන් හරිම මෘදු , ආදරණීය වගේම අහිංසක කෙනෙක්. එයාලට පහසුවක් දැනෙන , ආදරේ හිතෙන , විශ්වාස කරන කෙනෙක් ළඟදි හරියට පොඩි ළමයි වගේ. සමහර girlfriendලා wifeලා , මැසේජ් එකක් නොදැම්මොත් , reply එකක් පරක්කු වුනොත් , මූණ පුම්බගෙන තරහ වෙනවා. එක්කො අනං මනං කියනවා. බීලා ගෙදර ආවොත් , සමහර ගෙවල් වල ලෝක යුද්ධ !! පිරිමියෙක් කියන්නෙ තනිකරම වගකීම් වලින් පිරුණු කෙනෙක්. එයාලට සමහර වෙලාවට තමන් ගැන බලන්න වෙලාවක් නෑ. නිකමට හිතමු marry කරපු කොල්ලෙක්ගෙ ජීවිතේ ගැන. කොල්ලා තනියම ඉන්න කාලෙ වගේ නෙවෙයිනෙ. marry කළාම කොල්ලගෙ අම්මා තාත්තා ගැන වගේම wife ගෙ අම්මා තාත්තා ගැන බලන්නත් ඕන. ඊටපස්සෙ තමන්ගෙ wife ගැන බලන්න ඕන. office එකේ වැඩ ගැන බලන්න ඕන. ඊළඟට ළමයෙක් එහෙම හැදුවම ළමයව බලන්න ඕන. මේ ඔක්කොම වගකීම්. තනිකඩ කොල්ලෙක් වුනත් වගකීම් වල අඩුවක් නෑ. සහෝදර සහෝදරියො ඉන්නවනම් එයාලගෙ වගකීමුත් උඩ කිව්ව ඒවට එකතු වෙනවා. අනේ ඉතිං සමහර කොල්ලො , තමන්ට ඉෂ්ට කරන්න තියන වගකීම් සහ උන්ගෙ හිත් වල තියන වගවීම් වෙනුවෙන් , " හීන බිල්ලට දීලා කැපවෙනවා“. කවදාවත් ... මං අහන්නෙ කවදාවත් , ඒ husband ගෙන් , ඒ boyfriend ගෙන් ඒ පුතාගෙන් ඔයාලා මෙහෙම ප්‍රශ්න ටිකක් අහලා තියනවද ? "ඔයා හොඳින් ද ?" "ඔයා සතුටින් ද ?" "ඔෆිස් එකේ වැඩ කොහොමද ? " " මේ දවස් ටික ඔයාට අමාරුද ? " "ඔයාට මහන්සි ද ?" "ඔයාට දරාගන්න අමාරු ප්‍රශ්නයක් තියනවද ?" " ඔයාට කියාගන්න අමාරු , ඒත් කියන්න ඕන දෙයක් තියනවද ?" මං හිතන්නෙ මෙහෙම ඒවා අහලා නැතුව ඇති නේද ? අහනව අඩු ඇති නේද ? ඒ වෙනුවට ඔයාලා අහලා ඇත්තෙ මෙන්න මේ වගේ ඒවා. " අද එන්න පරක්කු වෙනවද ?" "වැඩ වැඩ වැඩ , ඕක ඉවරයක් වෙන්නැද්ද ?" "අදත් බීගෙනද එන්නෙ ?" "ඔයාට හැමදාම පාටි. හැමදාම ජොලි කරනවා." " ඔයාට අපි ගැන ගාණක්වත් නෑ. ඔයා අපි ගැන හිතන්නෙ නෑ." "මට අරකට මෙච්චර ගාණක් ඕන. ඔයාට දෙන්න පුළුවන් ද ?" " ගෙදර බඩු ඉවරයි. ගේනවද ?" මං හරි නේද ? ඔය මම දෙවනියට කියපු ප්‍රශ්න ටික වෙනුවට , මීට පස්සෙ , අර මම මුලින් අහපු ප්‍රශ්න ටික , ඉඳලා හිටලා හරි ඔයා එයාගෙන් අහන්න. මාසෙකට එකපාරක් හරි පුලුවන්නම් එයාව කතාවකට අල්ලගන්න. ඔයාගෙ ප්‍රශ්න සේරම දිගාරින්න නෙවෙයි. එයා ගැන අහන්න වෙලාවක් දෙන්න. මහන්සියෙන් වගේ ඉන්න දවසක පොඩි head massage එකක් දීලා ටිකක් එයාව ළඟට ගන්න. ටිකක් නිවිලා ඉන්න දෙන්න. මොකද , "පිරිමි කියන්නෙ රොබෝලා නෙවෙයි." ගෑණුන්ගෙ දරාගැනීම අසීමාන්තිකයි කියනවනෙ . පිරිමින්ගෙ කියලත් වෙනසක් නෑ. උනුත් එහෙම්මමයි. උන් රොබෝලා නෙවෙයි. ඉතින් පොඩ්ඩක් උන්ට ඇහුම්කන් දෙන්න. පිරිමි තමන් ගැන කතා කරන්නෙ අඩුවෙන්. එයාලා එහෙම කතා කරනව කියන්නෙ , ඔයා එයාට විශේෂ කෙනෙක්. එයා ඔයාව විශ්වාස කරනවා. ඒ නිසා , ආදරේ එක්කම මෙන්න මේ caring කෑල්ලත් දෙන්න අමතක කරන්නෙපා. පිරිමියගෙන් විතරක් caring බලාපොරොත්තු වෙන කාන්තාවක් වෙන්න එපා. (මේවා මෙහෙම්මම පිරිමින්ගෙන් ගැහැණුන්ටත් ලැබෙන්න ඕන ) #onemilionauditions #fypシ゚ #foryourlifetimememory #forypurlife #www_ravi_com📌💨
www_ravi_com ❤️🩹📌
Region: SG
Saturday 30 May 2026 01:43:10 GMT
Music
Download
Comments
Deshan dananjaya 🫠 :
මගෙ අම්මනම් අහන්නෙ පලවෙනි ප්‍රස්න ටික හැමදාම 😍❤️
2026-05-30 10:01:26
12
Dhanu🫰💚 :
ඔන්න ඉතිම් මගෙ මැණිකෙ ගැන ලස්සනට ලියපු පොස්ට් එකක් හම්බුනා, යාළු වෙලා අවුරුදු 10ක් , රංඩු ප්‍රශ්න කොච්චර උනත් ඒ කෙයාරින් එක ලැබෙනවා, ඉතිම් කොච්චර ප්‍රශ්න තිබ්බත් එයා නැතුව බෑ, මං හිතනවා මගේ පැත්තෙනුත් එයාට ඒ ටික ලැබෙනවා. ආදරෙයි මැණික.😍😘
2026-06-17 12:40:21
3
𝗟 𝗶 𝗳 𝗲 ✍️🕊️ :
කියන්න සතුටුයි මගෙන් එහෙම අහන්න තාම කෙනෙක් නැ 😊
2026-06-20 09:22:07
1
🥰සුදු❤️මහත්තයා🥰 :
caption eka danna puluwanda sahoo😔❤️🩹
2026-07-01 20:40:45
2
03`V´21 :
@all
captain 😇👫😻
2026-06-14 06:48:21
1
Neත්‍රා 👁🌪 :
මට ඒ හැමදේම මගෙ gril friend denwa එයා මාව හොදට තේරුම් ගත්තා මට දුකක් දැනෙන්න දෙන්නෑ 🙂 එයා
2026-06-01 12:02:25
3
pasindulakshan9366 :
🥺 පලවෙනි ප්‍රශ්න ටික මගෙ තාත්තා විතරක් අහන කොට
දෙවන ප්‍රශ්න ටික අනිත් හැමෝම අහනවා 🥺
2026-05-31 18:52:38
2
Tʜᴜsʜɪ 🧸💕 :
sorry sudu ❤️🩹
2026-06-30 08:18:17
0
ishuz_chathuraka :
hmm 😔
2026-07-02 01:59:46
1
04.21🖤🫀 :
Captions eka
2026-06-13 15:34:59
0
V I D U_N E TH :
සතුටුයි එහෙම කෙනෙක් මට ලැබුන එක ගැන🥰 M 🫶
2026-06-01 18:07:22
1
මලියා 👿 :
please caption
2026-05-30 08:45:11
1
💔THANuwa🚭💲 :
hmm😔
2026-06-04 15:05:11
1
d_gihan_official🫀🌌 :
සහතිකම ඇත්ත 🥹❤️🩹
2026-05-31 15:56:18
1
🇱🇰💫දිල් guruge 💫🇷🇴🇪🇺 :
මටනම් කතා කරන්න ඉන්නෙත් අම්ම විතරයි.ඒත් අම්ම මගෙන් අහන්නෙම කොහොමද මේ ඔක්කොම ඔයා තනියම කරන්නෙ කියල.මාව කියවන්න පුලුවන් එකම චරිතෙ අම්ම විතරයි.❤️
2026-05-31 10:44:23
4
user8100450682582 :
මට කවදාවත් නොලැබුනු දේ
2026-05-31 07:35:16
1
Charu Nawanjana :
mage ජීවිතය ඇතුළේ කවදාවත් ehema kenek idlath naa හැබැයි asai ehema kenek ekk ජීවිතය පුරාම adaren inn
2026-06-01 18:32:43
1
𝐊𝐑𝐈𝐒𝐇 🥹💐 :
Caption ek dannako
2026-05-31 08:06:31
1
🎌 Shan.vibe 🎌 :
කවදාවත් නොලැබුනු දේ.... 😳
2026-06-01 03:00:59
2
Mr Azi😈💀 :
කිසිම කෙනෙක් මාව ඔය වගේ තෙරුම් අරන් කතා කරල නෑ 🥺💔
2026-05-31 17:19:13
1
SAFA XS :
capetion එක ඕනෙ
2026-06-01 00:06:11
1
yenu :
කවදාවත් දැකපු නැති cAption එකක්
2026-06-23 14:54:33
0
Tharindu De Silva :
අපරාදේ කියන්න බෑ එහෙම අහන්නෙ නැති එකයි දුක🥺🥺
2026-06-25 04:47:31
0
R 💋 :
@dilrukshi 🥺❤️🩹
2026-06-28 19:00:10
2
Nethpriya 👮🫡 :
@Rashyananya Fernando 🫡
2026-06-04 06:11:07
2
To see more videos from user @back_to119, please go to the Tikwm
homepage.