@nilu12368: සොයාගත නොහැක සැනෙකින් ඒ 'මතු දිනක හමුවන කෙනා', මඟ දෙපස සෙව්වද, හමුවන්නේ නැත ඔහු අප පතන විලසින් එදා... ඔහු පැමිණෙන්නේ නිරායාසයෙන්මයි ජීවිතය වෙත ගලා, සන්සුන් සිහිනයක් සේ හදවතේ නවාතැන් සොයා... කාලය ගතවේවි බොහෝ සෙයින් හැඳින ගන්නට 'මේ තමයි ඒ කෙනා' කියා, දින සති මාස ගෙවී යාවි හදගැස්ම හඳුනන්නට පෙරුම් පුරා... සමහරවිට නොදැනේවි අපට කිසිදාක ඒ වග පවා, ළඟම සිටියත් සොඳුරු මිනිසෙකු, අප දෑස් අන්ධ වී ඇති සේ බලා... සිතේ නම් 'ඔහු මාව වටහා ගනී' කියා කිසියම් හෝ දිනක, පවසන්න හිතේ ඇති දේ, සඟවා නොතබා සිතේ කොනක... වටහාගන්න, සමහරවිට ඒ නොසිතූ මොහොතේ හමු වූ 'කෙනාම' විය හැක, ඔබේ ලෝකයම දිනූ, ඔබේ ආත්මයම නිවන ඒ සැබෑ කෙනා... අප හැමදාම කරන්නේම ඒ 'මතු දිනක හමුවන කෙනා' සෙවීම වුවත්, නන්නාඳුනන මිනිසුන් අතර, අපේම කෙනෙකුගේ සේයාවක් පතන මුත්... ඔහු 'මේ කෙනාමයි' කියා අප හදවතින් හඳුනා නොගන්නේ නම්, අපේ මුවගින් නොදොඩා, දෑස්වල ඇති ආදරය නොපෙන්වන්නේ නම්... ඔහුට හැකිවේද කිසිදා අපව වටහා ගන්නට? ඔහු කෙසේ තේරුම් ගනීද අප සඟවාගෙන සිටින ඒ රහස් ආදරය? දිවියේ වෙහෙසකර මන්සල් අතර තනිවී වැළපෙන කල, ජීවිතය නමැති මහා කාන්තාරයේ සෙනෙහසේ දිය බිඳක් සොයන කල... එබැවින්, අප සැමටම අවශ්‍යයි... හුදෙකලාව බිඳ දමා හදවතින් කතා කරන්නට කෙනෙක්, අප පවසන නිහඬ කඳුළකට වුවත් සැබැවින්ම සවන් දෙන්නට කෙනෙක්, ලෝකයම පිටුපෑවත්, අපව සැබැවින්ම වටහා ගන්නට කෙනෙක්... ජීවිතයේ අවසන් හුස්ම තෙක් අප අසලින්ම හිඳින්නට කෙනෙක්..." ~✍️ගනිෂ ගයම්පත් ~ #ආදරය #ජීවිතය #අතහැරීම #සැබෑආදරය #හදවතටදැනෙනවදන් Copied 💙

Nilu@123
Nilu@123
Open In TikTok:
Region: LK
Tuesday 02 June 2026 04:38:52 GMT
5155
177
7
49

Music

Download

Comments

lakshi_892
༒🅻🄰🅺🅂🅷🅸 🇱🇰⃝💞⃝🌹࿐ :
අනිවාර්යයෙන්ම සත්තලං 💚
2026-06-02 05:00:00
0
chathu2551
chathu :
❤️❤️❤️❤️
2026-06-02 06:15:42
0
apurwa839
D A R :
💚💚💚
2026-06-02 05:43:32
0
shyama417
shyama :
💕♻️💕♻️♻️♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕💕💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️💕♻️
2026-06-02 05:10:27
0
hiroshisanmeth
hiroshisanmeth :
❤️❤️❤️❤️❤️
2026-06-02 05:04:17
0
harshika.p.withana
Harshika p withanage :
🌹🌹🌹🌹🌹🌹
2026-06-02 05:02:38
0
madhu8416
gayana maduwanthie perera :
❤️❤️❤️❤️
2026-06-03 03:09:13
0
To see more videos from user @nilu12368, please go to the Tikwm homepage.

Other Videos


About