@dulshan.kavi: ගොඩක් මිනිස්සු අවුරුදු තිහ කිට්ටු වෙනකොට පරිනත වෙන්න පටන් ගන්නවා...තනියෙන් හම්බ කරන්න ගත්තට පස්සේ රටකට ඇවිත් තනියම ජීවත් වෙන්න ගත්තට පස්සේ අර ගෙදරින් කකා හිටපු කාලේ හිතපු තරම් ජීවිතේ සුන්දර නෑ කියලා තේරෙන්න ගන්නවා..ජීවිතේ හරි අමාරුයි කියන එක තදින්ම දැනෙනවා..ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්ණ දැකලා..මිනිස්සු වෙනස් වෙන විදිය දැකලා අර බොළද හිත් මැරෙනවා හිත් දරදඩු වෙනවා..ආදරේ කියන වචනය විහිලුවක් කසාදය කියන්නෙ සෙක්ස් කරන්න හදාගන්න ලයිසන් එකක් වගේ දැනෙන්න ගන්නවා...කොටින්ම කිව්වොත් යථාර්ථය අවබෝධ වෙන්න ගන්නවා..ගොඩක් මිනිස්සු මහණ නොවුනට ජීවිතේ කියන්නෙ දුකක් බැදීම් කියන්නෙ තවත් දුකක් කියල ඔය වයස වෙනකොට තේරුම් ගන්නවා.. ඕකට හේතු ගොඩක් තියෙනවා පන්ති වල හිටපු ලස්සන කෙල්ලො ඒ කාලේ ඉස්කෝලේ හිටපු පට්‍ටම කෑලී අවුරුදු විසි ගණන් වලින් බැදල දරුවෝ හදලා වැරහිලා ඉන්න හැටි දැක්කම හික් ගෑවෙනවා....කොල්ලොත් ඉස්සර පට්ට සැහැල්ලුවෙන් හිටපු උන් ලමයි හදාගෙන ප්‍රශ්ණ ගොන්නක් ඔළුවට දාගෙන පිස්සො වගේ ඉන්න විදිය දැක්කම බය හිතෙනවා..උන්ගේ ප්‍රශ්ණ ඇහුවම මහණ වෙන්න හිතෙනවා ගිහින් ..ඉස්සර පන්තියේ හිටපු හන්සම් කොල්ලො ප්‍රශ්ණ දරාගන්න බැරුව බීල බඩවල් ඇවිත් සමහර උන්ගේ ජිම් පප්පලා වගේ ඕවා පේන්න ගත්තම අර තිහ පැනපු බැදපු නැති සෙට් එකට අනේ හපෝ කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි ආත්ම හතක් එකට ඉස්සරහටම යන්න වගේ හිටපු ඉසුරුමුණි පෙම් යුවල වගේ හිටපු සමහර උන් ඩිවෝස් වෙන්න නඩු දාලා ..අවුරුදු පහ හය සම්බන්ද තිබිලා දෙන්නට දෙන්න නැතුව බැරුව වගේ හිටපු උන් මරාගන්නවා දකිනවා බැන්දට පස්සේ එතකොට ඔය රටවල් වලට වෙලා තනිකඩව ඉන්න උන්ට දකින්නම වෙන්නෙ කසාද කඩන් රටවල් වලට ඇවිත් දරුවෝ ජීවත් කරන්න තනියම මාර කට්ටක් කන ගෑණු ..ඒ ගෑණු එක්ක පැයක් කතා කරොත් කසාද බදින්න බයම හිතෙනවා..උන්ට මෙහෙම උනා නම් අපිට මොනවා නොවෙයිද හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි අර වයසට ගියාම වතුර බොන්න දෙන්න ලමයි ඉන්න ඕනි කියන ආකල්පය දැන් උන්ගෙ ඔළු වලින් යන්නම යමින් ඉන්නේ..ඒ නිසා ගොඩක් ලමයි ඕනි නිසා අකමැත්තෙන් හරි බදින ප්‍රතිශතය දැන් අඩුයි..ඒ විතරක් නෙවෙයි මහන්සි වෙලා හදපු ළමයි කාලකන්නි වගේ හැදෙන විදිය දෙමපියෝ නැත්තටම නැති කරලා දාන විදිය කෙයාර් නොකරන විදිය දැක්කම අර කසාද එපා වෙලා ඉන්න උන්ට ළමයිනුත් එපා වෙනවා මොකටද තමන්ට තමුනුත් නැති කරන් ළමයි නැහිලා හදල කියලා හිතෙනවා.. ඒ විතරක් නෙවෙයි කාලයක් නිදහසේ ඉදල මිනිස්සු නිදහසට ආදරේ කරන්න ගන්නවා..තමන් ඒ ගෙවපු තනිකඩ නිදහස් ජීවිතේ නැති කරගන්න අකමැති වෙනවා..හුදෙකලාවට ප්‍රිය කරන්න පටන් ගන්නවා..අවසානයේ හුදෙකලාව තෝරා ගන්නවා.... ✍️ Maheshi Ganegedara #coped #foryou #fyp #f #trending
Dulshan Kavi
Region: LK
Wednesday 03 June 2026 03:48:17 GMT
Music
Download
Comments
shani.sansala :
ඔව් මේක නම් true story.31 ක් දැන්.bt ජීවිතේ හරි සාමකාමි. බැදීම් අඩුයි..එතකොට දුක අඩුයි..circle එක පොඩි වෙන තරමට අපි සතුටින් 🥰
2026-06-05 08:12:50
104
디누사 바스나야케 :
24යි ඇයි දැන්ම මට එහෙම දැනෙන්නේ කියලා කල්පනා කරනවා මාත් 😑😟
2026-06-04 15:04:55
68
Doni :
දැන් 30🥰 තාමත් විවාහයක් අවශ්‍යයයි කියන හැගීමක් නෑ🥰 තාමත් මට නම් ඕනී නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න❤
2026-06-05 09:32:12
20
🥀🤍-- :
100% ක් ඇත්ත
2026-06-04 08:48:12
45
Maheshi 🥰❤️ :
🥰❤️:27ක් දැන් එත් මේ නිදහසට මම නම් මාරම ආසයි .. බැදිම් හරි අඩුයි තනිකම කියන දේ සමහර වෙලාවට දැනෙන්නේ නැහැ කිවුවොත් බොරුවක් තනියම ඉන්න ගොඩක් අයට මන් හිතනවා එක හරි නුහුරු දෙයක් නෙවේ කියලා.. නමුත් ඒ තනිකමට හුරුඋන ගොඩක් අය බැදිම් පස්සේ යන්න හදන එක හරි අඩුයි තනිවම ඉස්සරහට යන්නයි හුරු වෙලා ඉන්නේ .. මගේ එකම පැතුම මම වගේ තනියම ඉන්න හදන හරි ලස්සන හදවත් වලට තමන්ගේ හීන වලට යන්න තව තවත් හිත ශක්තිමත් වෙන්න ඕනේ 😊❤️🤘
2026-06-08 03:29:26
20
ॐ𝔸𝕞𝕚ॐ 𝑹𝒐x👑 :
මේක නම් මාරම ඇත්තක්..මේක කියව්වාම හරියට මගේ හිත මං කියෙව්ව වගේ දැනුනා...🥹
2026-06-04 16:47:50
26
mgirl0027 :
30i මේක ඇත්තක්…😊
2026-06-04 13:12:52
16
Chamalka madurawala :
ම්ම්..ඇත්ත..38 යි දැන්..ඉතුරු ටිකත් තනියෙන්ම ඉන්නවා..🙂
2026-06-04 18:48:19
16
🪻 Surangika Perera 🪻 :
34years දැන් මට නං පොඩි කාලේ ඉදලම ඕක දැනුන නිසා නැන්දෙ නැහැ.
ජීවිතේ ගත්ත හොදම තීරණය ඒක තමයි.නිදහස, සැනසීම,සතුට අප්‍රමාණයි.
2026-06-20 12:19:25
6
🇱🇰 🇮🇱 ℙℝ𝕀𝕐𝔸 '91 :
අත්විඳීමෙන් කියන්නෙ. ඇත්ත කතාව. මිහිරි විදිහට දැනෙන හීන ලෝක වලට වඩා යතාර්ථය තේරුම් අරං තනියම ඉන්න එක හොඳයි. ♥️🤟
2026-06-05 10:54:16
8
Alpha T 🐺 🪐 :
මේක සහ ගහන ඇත්තක්.
හැබැයි එක තත්පරයකට අපි දැන් නාකියි නේ කියලත් හිතෙනවා. ඒ උනාට 32 කියන්නෙ භද්‍ර යෞවනයේ ආරම්භය 😁❤️
2026-06-05 12:42:53
7
Tutu🐥 Mel :
27i but this is f*king True ❤️
2026-06-04 16:08:57
12
🇰🇷Isuru Liyanage🇰🇷 :
30yi.. මේ විදියටම තේරිලා ඉන්නෙ ඇත්තටම....
2026-06-07 02:23:03
9
thariboy🐰 :
නියමයි තව 6යි 😂
2026-06-04 14:01:51
12
prabod :
ඕන්න ඕක තමා ප්‍රශ්නෙ 100%ක්ම ඇත්ත❤️
2026-06-04 14:10:46
10
rohan_rulzz :
අම්මෝ මෙක ඇත්ත ම කියලා 🥺
2026-06-06 15:57:19
1
𓇼 𝑇𝑖𝑑𝑒𝑠 & 𝑃𝑒𝑎𝑘𝑠 ᨒ ོ :
හරියටම හරි. 30 සන්තෝසයි 🙂
2026-06-04 09:39:35
7
🧿DuShY 🌸 :
ඇත්තම කතාව.
2026-06-04 01:43:54
5
Shashindra Kalatuwawa :
ඇත්ත 😳
2026-06-11 06:28:47
1
Bhagya Kumudu :
එලම 👍
2026-06-18 12:50:35
1
Senadheera :
yes 100%
2026-06-19 16:21:05
1
🫣Yasiya👻 🇫🇷 :
27🙂
2026-06-09 22:27:01
0
...Life 🌹 ❤️ ..😊🇱🇰 🇰🇼 :
ඇත්ත 🙂
2026-06-11 17:34:39
0
chiranga :
මටම ලියපු එකක්
2026-06-14 09:05:17
3
🇱🇰꧁ঔৣ☬🕉️ AMILA ━━╬ঔৣ꧂🇱🇰 :
:100%
True👊👊
👌👌👌👍
2026-06-22 10:44:45
1
To see more videos from user @dulshan.kavi, please go to the Tikwm
homepage.