@sihina788: අපි දෙන්නා කතාවක් පටන් ගත්තේ හොරෙන්. නමක් නැති, තැනක් නැති, අයිතියක් නැති කතාවක්. ඒත් ඒ කතාව ඇතුලේ මම ජීවත් වුණේ, මගේ ජීවිතේට වඩා ලස්සනට. ඒ දවස්වල ඔයාගේ මැසේජ් එකක් ආවම, ලෝකේ හැමදේම නවතිනවා වගේ දැනුණා. ඔයාගේ හිනාව දැක්කාම, මගේ හැම රිදීමක්ම නැති වෙලා ගියා. ඒ වෙලාවට හිතුවා... මේක අපේ කියලා. ඒත් ඇත්තටම මේක අපේ වුණේම නෑනේ. අපිට තිබුණේ එකිනෙකාගේ ජීවිතේට රිංගපු අයිතිය විතරයි. ඒකත් තාවකාලිකයි කියලා දැන් තේරෙනවා. ම අල්ලගන්න හැදුවා. "අපි" කියන වචනේ ඇත්තටම හදාගන්න හැදුවා. ඒත් ඔයා බය වුණා. බය වුණේ නැතිවෙනවට නෙවෙයි, ළඟට ගත්තොත් හැමදේම අවුල් වෙයි කියලා. ඒකයි ඔයා ඈත් වුණේ. ඒකයි මම ආයෙත් දුර ඉඳන් බලන් ඉන්න තැනට ආවේ. දැන් ඔයා වෙන කෙනෙක්ගේ කතාවක්. මට තියෙන්නේ ඔයාගේ පැරණි චැට් එකයි, අපි කියපු නොකියපු දේවල මතකයි. ඒවා දිහා බලන් ඉන්න එක විතරයි මට ඉතුරු වෙලා තියෙන්නේ. ලබාගන්න ගියොත්, ඒ මතක ටිකත් නැති වෙයි කියලා බයයි. ඒක නැති වුණොත්, මට ඉතුරු වෙන්නේ හිස් තැනක් විතරයි. ඉතින් මම නිහඬයි. දුක හංගගෙන, ඔයා සතුටින් ඉන්නවා කියන එකටම සතුටු වෙනවා. මොකද මම දන්නවා, සමහර ආදර කතා ලස්සනට ඉවර වෙන්නේ, ඒවා පටන් නොගෙනම ඉවර කරද්දී කියලා. ඒකයි මම තේරුම් ගත්තේ... අපිට තිබුණේ ආදරේ නෙවෙයි, ආදරේ වගේ දැනුණ මොහොතක්. ඒ මොහොත අල්ලගන්න ගියොත්, ඒකත් නැති වෙයි. ඉතින් මම බලන් ඉන්නවා. දුර ඉඳන්, නිහඬව, ඔයාගේ සතුට මම හේතුවක් වෙලා නැති උනාට, ඔයාගේ දුකට මම හේතුවක් වෙන්නෙ නැති විදිහට. සමහරවිට මේක තමයි, අපේ කතාවට තියෙන ලස්සනම අවසානය..! දුකකින් උනත් මේ තැනින් සිනහවකින් නවතිමු කරුණාකර කතෘ අයිතිය සුරකින්න ) Sihina ✍️ #foruoupage #sihina788 #repost #fouryou #fypシ゚

🇱🇰 < | 𝐒𝐈𝐇𝐈𝐍𝐀 🖋️
🇱🇰 < | 𝐒𝐈𝐇𝐈𝐍𝐀 🖋️
Open In TikTok:
Region: KW
Tuesday 09 June 2026 15:39:43 GMT
7514
393
20
48

Music

Download

Comments

theshii460
👀🇱🇰ThEsHi🇰🇼(Chef girl 🤭 :
aiye capshion eka
2026-06-10 11:43:42
0
sadaruwan.sameera7
Sa N da Ru 🙃💚 :
captione 💚🥺
2026-06-09 18:31:14
0
alonehart28
💔🥀ALoNe hArT💔🥀 :
aththa ada mamathh e hinaw wenuwenn nokrpu deyakk naa adathh man mawama sanasa gnnwa e wenuwenn🥺🥺🥺🥺
2026-06-09 22:26:18
0
pathum.pathum.sad
sudu :
ඇත්ත 😭
2026-06-13 00:02:57
0
keshiperera761
Keshi perera :
caption eka plz
2026-06-11 20:09:26
0
gardi_nicola
🦋Gardi Nicola🦋 :
Magema kathawa 🥺❤️
2026-06-09 16:23:25
0
kaushirathnayake650
kaushi :
caption pls🥺
2026-06-10 12:57:38
0
pds684
pds :
🥰🥰🥰🥰🥰🥰🥰🥰Hatt🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-06-12 15:22:14
0
dhananjaya0405
𝒟𝒽𝒶𝓃𝒶𝓃𝒿𝒶𝓎𝒶🥀❤️‍🩹 :
අයියේ කැප්ශන් එක දෙන්නකො ❤️‍🩹
2026-06-17 14:56:51
0
madushani_sudeshika
Maduu | 🤍" :
🥰
2026-06-10 04:39:15
0
tutubabh79
𝐓ᴜ𝐭ᴜ 🌈🌝 :
🙂❤️‍🩹
2026-06-13 16:53:12
0
shavyhashi99
H 💋🍃🐻‍❄️ :
🥺🥺
2026-06-11 16:19:44
0
mashidil2
Mashi 🇷🇴 :
🥺🥺
2026-06-09 21:08:16
0
shaniabesinghe1991
"𝐬𝐡𝐚𝐧𝐢 𝐚𝐛𝐞𝐬𝐢𝐧𝐠𝐡𝐞 :
🥺
2026-06-14 04:38:10
0
To see more videos from user @sihina788, please go to the Tikwm homepage.

Other Videos


About