@aryanariyanafamily: අපි දෙන්නා එකම ගෙදර, එකම ඇදේ දෙපැත්තකට වුනා..😪 බිස්නස් එකේ වැඩ කරලා, ළමයි ඉස්කෝලේ යවලා, පංති යවලා, ප්‍රැක්ටිස් යවලා.. ගේ දොර අඩුපාඩුකම් බලලා... ගෙදර දොරේ කෑම බීම බෙහෙත් හේත් අවෂ්‍යතා බලලා.. හෙට දවසෙත් ඒ රූටින් එකම ගහන හැටි Plan කරලා නිදහසේ ඉදගද්දී දවස ඉවර වෙලා.. අපිට මේක එපා වුනා.. කසාද ජීවිතේ නෙවෙයි.. මේ ඩේලි රූටින් එක.... පොත් පත් වලයි, ටික් ටොක් ,ෆේස් බුක් එකෙයි එහෙන් මෙහෙන් අහුල ගත්ත කෑලි ටික ටික ඇප්ලයි කරන්න පටන් ගත්තා...🔽 විශ්වාස කරන්න සති තුනයි ගියේ ජීවිතේ ආශ්චර්යයක් වෙන්න පටන් ගත්තා..😳 මේ කසාද සහතිකේ නොලියවුන, කසාද ජීවිතේ ලියවෙන්න ඕන රත්තරං නීති...💎 ⚠️️ ස්මාර්ට් ෆෝන් මාරයා අයින් කරන්න.. අද අපිට ෆෝන් එක නැතුව ටොයිලට් යන්නත් බෑ.. ෆෝන් එක අපිට සමීප වෙලා පවුලට වැඩිය.. අපි දෙන්නා එකම ඇදේ දෙපැත්තේ ඉදගෙන එක්කෙනෙක් ෆේස්බුක් එකේ, අනිත් එක්කෙනා ටික් ටොක් එකේ ඉදගෙන තනියම ඒ ලෝකේ අතරමං වෙලා තියනවා.... බඩජාරි කෑම ගිලිලි.. පොළව යට බංකර්... කු#$% දි#$%කා ඩාන්ස්...😅 වගේ විකාර වලින් ඔයාගේ ජීවිතේ වටිනාම කාලය උදුරගන්න දෙන්න එපා... 📵 කන වෙලාවට පවුලේ කවුරුත් ෆෝන් එක අතට ගන්නේ නෑ...🚫 දැන් සතියට දවස් තුනක් හතරක්වත් එකට කෑම කනවා...😍 ඒක කෑම මේසේම නෙවෙයි.... සමහර වෙලාවට අරියානා ඉස්කෝලේ වැඩ ඇදේ ඉදන්.. ඉතිං අපිත් ඇදට ගිහින් අරියානට කවනවා.. මාත් කනවා.. අපි චැට් එකක් දාගෙන ඇදේ ඉදන්ම රෑ කෑම කාලා ඉවරයි... අපිටනම් ඒක මාර චිල් දෙයක්... ⛔ රෑ නින්දට යද්දි ෆෝන් එක ඇදට ගන්න තහනම්.. කොච්චර ෆෝන් නිසා අපේ රොමැන්ටික් ලයිෆ් එක හිර වුනාද කියනවනම් මුල් දවස් වල අපිට කතා කරන්න දේවල් තිබ්බෙත් නෑ...😪 දැන්නම් අරියානා කෑගහනවත් එක්ක.. "අනේ ඔය දෙන්නගේ කතාව නවත්තන්නකෝ නින්ද යන්නේ නෑ කියලා.."🤣 හැමදාම අහවල් වැඩේ කරන්න කියලා නෙවෙයි මේ කියන්නේ..🤭 ඒක නොකරත් ආදරෙන් බදාගෙන ඉන්න.. නිදාගන්න කලින් උම්මා එකක් දීලා ගුඩ් නයිට් කියන්න... ඒවා තමයි අපිව පවුලක් විදියට ආරක්ශා කරන නියම පවුරු..💯 💰 ආර්ථික බර තනිවම නොදැරීම සහ "මගේ-උඹේ" ලේබල් නැති කිරීම. මේ කාලේ පිරිමි වැඩ ගැහැණු වැඩ කියලා එකක් නැහැ. සතියට එක දවසක් රෑ කෑම මම දැන් මගේ අතින් හදලා දෙනවා...😍 ඒ දවස දැන් මගේ ජීවිතේ සතුටුම දවසක් වෙලා..🤩 සමහර ඉරිදා වල් වල කට්ටිය පංති ගිහින් එද්දි මම උයන්නම් කියලා පොරොන්දු වෙනවා..🥰 මොන ඉවිලි... ෆිල්ම් එකක් බලලා හීං අඩියක් ගහලා ඉද්දී වෙලාව ගිහින්...😉 ඉතිං කඩෙන් එක එව්වා ගෙනල්ලා, මේසේට ඇරලා මම තමයි හැදුවේ කියලා කුරිරු සතුටක් ලබනවා..🤫 රවට්ටනවා නෙවෙයි... ආදරේ වැඩිකම.. (දැන් ඉතිං දැනගනී සමහර දවස් වල කරපු කපටි වැඩ 😅) ⛔ තරහෙන් නිදාගන්න එපා.. අපි ඉස්සර ප්‍රශ්ණ ඇති වුනාම දවස් ගණන් කතා නොකර ඉන්නවා 😳 එහෙම අපතේ යවන්න තරම් කාලයක් අපිට නෑ මිත්‍රයා..😟 ඇහුම්කන් දෙන්න... ගරු කරන්න.. සමාව දෙන්න.. සමාව ගන්න... නිහතමානී වෙන්න... සතුටින් කෙසේ වෙතත් ප්‍රශ්ණේ විසදගෙන සාමයෙන් නිදාගන්න..❤️🩹 හෙට උදේ නැගිටලා ප්‍රශ්ණේ විසදන්න අපි ඇහැරෙයිද නැද්ද කියලා කාටවත් සහතික කරලා කියන්න බෑ..😪 🛡️ දෙමාපියන් සහ නෑදෑයන් අතර සීමාවන් තියන්නම ඕන.. ඉස්සර අපේ පවුල ඇතුලට නෑදෑයෝ අම්මලා තාත්තලා මාර විදියට ඇගිලි ගැහුවා..😟 ප්‍රශ්ණ ඇති වුනේ අපි නිසා නෙවෙයි.. එයාලා ප්‍රශ්ණ ඇති කරෙත් නෑ..🤔 හැබැයි දෙන්නගේ මතභේද ගැලපෙන්නේ නෑ.. ඒ අදහස් යෝජනා චෝදනා ගොඩක් මැද්දේ ඉදන් ජීවත් වුන නිසා...🤕 අපේ පරම්පරා දෙකේ අදහස් එකට එකතු කරන්න හරිම අමාරුයි..🚫 තනියම ඉන්න පටන් ගත්ත දවසේ ඉදන් පවුල් ජීවිතේ ලස්සන වෙන්නයි, සාර්ථක වෙන්නයි පටන් ගත්තා..😍 වෙන් වුනාම ඈත් වෙන්නේ නෑ.. ඈත් වුනාම තවත් බැදීම් වැඩි වෙනවා...❤️🩹 ❤️🩹"ස්තූතියි" සහ "සමාවෙන්න" කියන වචන දෙකේ බලය.. මගේ අතින් අවුරුදු ගාණක් පවීට "සමාවෙන්න පැටියෝ.." Thank you මැණික කියවුනේ නෑ..😪 යාළුවෙලා හිටපු කාලෙනම් ඔය වචන ලියපු ලියුම් වලත් ඕන තරම් තිබ්බා..😅 බැදලා ළමයි හම්බ වුනාම ඒ වචන ආවේම නෑ.. හැබැයි ඒ වචන ජීවිතේට ආවම ජීවිතේ හිතාගන්න බැරි විදියට වෙනස් වුනා..😲 කාලයක් එකට ඉද්දී මිනිස්සු හිතනවා තමන්ගේ සහකරු තමන් වෙනුවෙන් කරන කැපකිරීම් "එයාගේ යුතුකමක්, ඒක එයා කරන්නම ඕනේ" කියලා. උදේ ඉඳන් රස්සාව කරලා මහන්සි වෙලා එන සැමියා, නැත්නම් දවස තිස්සේ උයලා පිහලා දරුවෝ බලාගන්න බිරිඳ... මේ හැමෝම මනුස්සයෝ. අගය කරන්න ලෝභ වෙන්න එපා. රසට උයපු කෑම වේලකට, මහන්සි වෙලා ගෙදරට ගෙනත් දීපු බඩු ටිකකට "ස්තූතියි මැනික" කියලා කියන්න පුරුදු වෙන්න.🌹 වැරදීමක් වුණාම තමන්ගේ පුහු අහංකාරය පැත්තකින් තියලා "මට සමාවෙන්න" කියලා වැළඳගන්න පුරුදු වෙන්න. 🫂 ඒ වචනවලින් මැරෙන්න යන ආදරයක් වුණත් පණ ගන්වන්න පුළුවන්. එක දවසින් දෙකෙන් ජීවිතේ වෙනස් වෙන්නේ නෑ.. ඒත් එක දවසට කරන පුංචි දෙයක් දවසක මහමෙරක් තරම් ලොකුවට ඔයාගේ පවුල ආරක්ශා කරන්න උදව් කරනවා... එහෙනම් දැනට නවතින්නම්... සතුටින් ආදරෙන් ඉන්න හැමදාම..
Aryan Ariyana Family
Region: LK
Tuesday 09 June 2026 16:00:35 GMT
Music
Download
Comments
LUSH Fashion :
සතුටින් ඉන්න
2026-06-10 00:29:51
4
niro 82 :
ම්ම්ම්ම්ම්
2026-07-01 11:10:43
0
Saj :
බුදු සරණයි ඔයාට 🥰🥰🥰🥰
2026-06-10 05:59:06
2
Chandana Chapa :
100% ඇත්තම ඇත්ත...
2026-06-09 17:22:45
0
Dilshika :
පිං ඔබට
2026-06-09 19:53:09
0
iresa :
එහෙම ආදරයක් ලබා ගන්න අපිට බෑ ඒක කරුමෙ
2026-07-12 09:09:56
0
Mohomed Nazmi :
❤️❤️❤️
2026-06-10 14:44:05
2
Anuradha Samanmali :
🥰❤️🌹
2026-06-10 03:10:36
0
dili liyanage :
❤️
2026-06-11 00:49:11
0
Harsha silva :
♥️♥️♥️
2026-06-12 00:02:35
0
Piyumi Perera :
❤️
2026-07-10 18:58:45
0
iresha :
❤️❤️❤️
2026-06-10 16:50:28
0
Sasitha :
💜💜💜
2026-06-10 05:56:41
0
🇱🇰𝓭𝓲𝓵𝓱𝓪𝓷𝓲💞💞🇰🇼 :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-10 16:54:12
0
🌀RoShA🌀 :
@Muthu🥀
2026-07-01 13:06:25
0
🐶 Leo pancha 🐶 :
❤️❤️❤️❤️
2026-06-10 11:18:24
0
To see more videos from user @aryanariyanafamily, please go to the Tikwm
homepage.