@officialtechwiththadi: සතුරාට උන් හිටි තැන් අහිම් කල කෆිර් නැවතත් ලක් අහස් කුසේ නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය සාර්ථකව සිදු කෙරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරේදී නවීකරණය කරන ලද ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය 2026 ජූනි 11 වන දින සාර්ථකව සිදු කෙරුණි. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ජෙට් ප්‍රහාරක බලඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය. “සිංහ පැටවා” යන විරුදාවලියෙන් හඳුන්වනු ලබන අංක 10 ප්‍රහාරක බලඝණයට අයත් Kfir ප්‍රහාරක ජෙට් යානා නවීකරණ වැඩසටහන Israel Aerospace Industries (IAI) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir C2, Kfir C7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතරක් මෙන්ම Kfir TC2 වර්ගයේ පුහුණු ජෙට් යානයක්ද නවීනතම Kfir C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කිරීම සිදු වෙමින් පවතී. මෙහි ප්‍රථම අදියර ලෙස නවීකරණය කරන ලද පළමු Kfir C12 යානයේ පළමු පරීක්ෂණ පියාසැරිය 2026 ජූනි 11 වන දින සාර්ථකව නිමාවට පත් විය. මෙම සාර්ථකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් හැකියාවන් නව තලයකට රැගෙන යාම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ. නවීකරණය කරන ලද Kfir C12 ගුවන් යානය නවීන digital glass cockpit avionics පද්ධතියකින් සමන්විත වන අතර, එමඟින් නියමු කාර්යභාරය සැලකිය යුතු ලෙස පහසු කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ඇත. එයට අමතරව වැඩිදියුණු කළ සංවේදක සහ multi-mode radar හැකියාවන් මඟින් ඉලක්ක හඳුනාගැනීම සහ තත්ත්ව දැනුවත්භාවය (Situational Awareness) වැඩිදියුණු කර ඇත. තවද, නවීන navigation, communication සහ network-centric සම්බන්ධතා පද්ධති ඒකාබද්ධ කිරීම මඟින් මෙහෙයුම් සම්බන්ධීකරණය සහ නිරවද්‍යතාව ශක්තිමත් කර ඇති අතර, precision weapon integration සහ advanced weapons management systems මඟින් ගුවනේ සිට ගුවනට (air-to-air) සහ ගුවනේ සිට ගොඩබිමට (air-to-ground) මෙහෙයුම් හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත. මෙම නවීකරණය හේතුවෙන් Kfir C12 යානය බහුකාර්ය (Multi Role) යානයක් ලෙස පරිවර්තනය වී ඇත. මෙම නවීකරණය කරන ලද Kfir ප්‍රහාරක ජෙට් යානය විවිධ උස මට්ටම් යටතේ තවත් පරීක්ෂණ පියාසැරි පහක් පමණ සිදු කිරීමට නියමිතය. ඉදිරි දිනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුර අවට ප්‍රදේශවල ජනතාවට මෙම නවීකරණය කරන ලද ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නවීන තාක්ෂණික හැකියාවන් පිළිබඳ ජනතාවට සජීවී අත්දැකීමක් ලබා දෙන විශේෂ අවස්ථාවක් ලෙසද සැලකේ. පළමු පරීක්ෂණ පියාසැරිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ සිදු කෙරිණි.#creatorsearchinsights #airforce #fighter #srilanka #airplane @SL Aircraft ✈️ @Sri lanka force 🇱🇰

🔌🛵Tech with thadi🎥
🔌🛵Tech with thadi🎥
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 15:59:54 GMT
11031
766
4
13

Music

Download

Comments

gaming.lesandu
Gaming Lesandu :
2026-07-08 00:55:38
1
user6731243
ROSHANI MITHARA ❤️ මිතූ ❤️ :
❤️❤️❤️
2026-06-11 16:06:56
1
nowtykolla82
Susara geethal 🥰🇧🇭🇱🇰🥰 :
❤️
2026-06-14 09:18:49
0
r.a.i369
🇶🇦 ⚡සුනා ⚡🇱🇰 11.11 🥷 :
❤️❤️❤️
2026-06-16 02:28:43
0
To see more videos from user @officialtechwiththadi, please go to the Tikwm homepage.

Other Videos


About