@mrsusa7: තමුසෙට ඕකවත් හරියට කරගන්න බැරිද? පාන්දර තුනහමාරයි. එලාම් එක වදින්න කලින් නිල්මිණි ඇඳෙන් නැගිට්ටේ පුරුද්දට. නිල්මිණි රස්සාවක් කරන ගමන් ළමයි දෙන්නගෙයි මහත්තයාගෙයි වැඩ සේරම තනියම කරන්නේ මැෂිමක් වගේ. එයාගේ දවස පටන් ගන්නේ පාළු කරුවල කුස්සියෙන්. උදේටයි දවල්ටයි උයලා කෑම පාර්සල් තුනක් බැඳලා දාපු රෙදි ටිකත් වනලා ඉවර වෙනකොට වෙලාව හය වෙලා. ඊටපස්සේ ළමයි දෙන්නව නැගිට්ටවලා ඉස්කෝලෙට යවන්න ලෑස්ති කරන එකත් එයා කරන ලොකු යුද්ධයක්. උදේ හය හමාරට විතර නැගිටලා කුස්සියට ආපු අජිත් "කෝ තාම තේ නැද්ද? පරක්කු වෙනවා." කියලා කෑගැහුවා. ගෙදර වැඩ ගෑණුන්ගේ වගකීමක් විතරයි කියන එකයි අජිත්ගේ ඔළුවේ තිබුණේ. නිල්මිණි ඔෆිස් ඇඳුම ඇඳගත්තේ හතිදාගෙන. කන්නවත් එයාට වෙලාවක් නෑ බස් එකට දුවන්න ඕනේ. අජිත් එයාගේ වාහනෙන් ඔෆිස් ගියත් "ඔයාව දාන් ගියොත් මට පරක්කු වෙනවා" කියලා නිල්මිණිව දාගෙන යන්න එයා කවද‍ාවත් කැමති වුණේ නැහැ. ඔෆිස් එකේ වැඩත් ඉවර කරලා නිල්මිණි ගෙදර එනකොට රෑ හතයි. බස් එකෙන් බැහැලා ගෙදරට එන පාරේ ඇවිදගෙන එද්දි වෙනදට වඩා ලොකු මහන්සියක් එයාට දැනුණා. පපුව අල්ලගෙන ටිකක් වෙලා පාර අයිනේ හිටගෙන හිටියේ හුස්ම ගන්නත් අමාරු වුණු නිසයි. ගෙදර ආපු ගමන්ම ඇඳුම් මාරු කරගෙන කුස්සියට රිංගන එක එයාගේ පුරුද්ද. එදා රෑ කෑම කන ගමන් නිල්මිණි හෙමිහිට අජිත්ට කතා කළා. "අජිත් අර කෝස් එක ලබන මාසේ පටන් ගන්නවා. සෙනසුරාදා විතරයි තියෙන්නේ. ඒක කරොත් මට ඔෆිස් එකේ ප්‍රමෝෂන් එකක් ගන්න පුළුවන්.""මොන මඟුලකටද ඕවා? ගෙදර ඉඳලා මේ ගෙදර වැඩක් කරගෙන ඉන්නවකො. ඔහේ ඔය කෝස් වලට යන්න ඕනේ නෑ." අජිත්ගේ කටහඬ හරිම සැරයි. නිල්මිණිගේ පඩිය වැටෙන ඒටීඑම් කාඩ් එක පවා තිබුණේ අජිත්ගේ සාක්කුවේ. එයාට ඕනේ විදියට තමයි නිල්මිණිගේ පඩියත් වියදම් කළේ. බස් එකේ යන්න විතරක් උදේට ගාණක් නිල්මිණිගේ අතට දෙනවා "අජිත් අම්මාව බලන්න යන්න ඕනෙ" කියලා ඇහුවමත් අජිත් කිව්වේ "අම්මගෙ මොනා බලන්නද? ඔය හැමතිස්සෙම යන්න ඕනේ නෑනෙ. ලබන සතියෙ දිහාවට යමු." කියලා. යාලුවෙක්ට කෝල් එකක් ගත්තත් අජිත් ඒ දිහා බැලුවේ සැකෙන්. දවසක අජිත් ගෙදර ආවේ පාර්සලයක් අරගෙන. "මෙන්න මේක තියාගන්නවා. ලබන සතියේ අපේ ඔෆිස් එකේ පාටියට යන්න මම ගෙනාවේ." ඒක පරණ තාලේ අඳුරු පාට ගවුමක්. නිල්මිණි ඒ වගේ ඇඳුම් අඳින්න ආස නෑ. ඒත් වචනයක් හරි කිව්වොත් ලොකු රණ්ඩුවක් වෙයි කියලා නිල්මිණි කිසිම දෙයක් නොකියා ඒක ගත්තා. තමන්ට කැමති ඇඳුමක් තෝරගන්නවත් නිදහසක් එයාට තිබුණේ නෑ. මේවෙලාවෙ ආයෙත් නිල්මිණිගේ පපුව ආයෙත් රිදෙන්න ගත්තා පුටුවක් තදින් අල්ලගත්තත් අජිත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැතුව "කෝ කෑම නැද්ද තාම. මාර බඩගිනියි" කියලා කාමරේට ගිය පහුවද‍ා නිල්මිණිගෙ පපුවේ ආපහු රිදුනා. කොහොමහරි අමාරුවෙන් වැඩ ටික ඉවර කරලා අජිත් ඔෆිස් යන්න ලෑස්ති වෙනකොට එයා ගාවට ගියා.අජිත්... මට පපුව හිරවෙලා වගේ. අතත් ලාවට හිරිවැටෙනවා. අපි අද හවස ඩොක්ටර් කෙනෙක් ගාවට යමුද? ගැස්ට්‍රයිටිස් වෙන්න ඇති. හරියට වෙලාවට කන්නේ නෑනේ. අද නම් බෑ. මේ සතියෙම වැඩ. ලබන සතියේ අඟහරුවාද‍ා විතර යමු. එතකන් ඔය ගෙදර තියෙන ගැස්ට්‍රික් පෙත්තක් බීලා ඉන්නවාකො අඩුවෙයිද බලන්න. අජිත් කිව්ව ලබන සතිය කවදාවත් ආවේ නෑ. අජිත්ට තිබ්බ වැඩත් එක්ක මේ ගැන එයාට අමතක වුනා. එදා උදේ වෙනදා වගේම පාන්දර හතරට නැගිට්ට නිල්මිණිට දැනුණේ කවද‍ාවත් නැති අමාරුවක්. ඒත් ළමයින්ට උදේට කන්න දෙන්න ඕනෙනේ කියලා හිතපු නිල්මිණි කුස්සියට ගියා. ආපහු පපුව රිදෙන්න ගත්තා. කෑගහගන්නවත් පණක් නැතුව නිල්මිණි එහෙම්මම කුස්සියේ බිම වාඩිවුනා. හය හමාරට විතර කුස්සියට ආපු අජිත් දැක්කේ බිම වැටිලා ඉන්න නිල්මිණිව. ඉස්පිරිතාලෙට අරන් ගියත් කිසිම වැඩක් වුණේ නෑ "දරුණු හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නේ. කාලයක් තිස්සේ විවේකයක් නැතුව ඉඳලා තියෙනවා වගේ. මීට සතියකට කලින් හරි ගෙනාවා නම් මේ ජීවිතේ බේරගන්න තිබුණා. දැන් පරක්කුයි ඩොක්ටර් කියද්දී අජිත්ට මතක් වුනේ නිල්මිණි කලින් මේ ගැන කිව්වා නේද කියලා. දරාගන්න බැරි දුකක් ඔහුට ආවා. නිල්මිණිගේ අවසන් කටයුතු ඉවර වෙලා සතියක් යද්දී මුළු ගෙදරම පාළුවට ගිහිල්ලා."තාත්තේ... අම්මා කවදද එන්නේ පොඩි පුතා අඬ අඬා අජිත්ගෙන් අහද්දි දෙන්න උත්තරයක් තිබුණේ නෑ. කුස්සියේ කෑම නෑ, රෙදි කඳු ගැහිලා. අජිත් හිස් බැල්මෙන් කුස්සියට ගියා. නිල්මිණි තනියම මේ හැමදේම කළේ කොහොමද කියලා අජිත්ට දැන් තේරුණා. "අපෝ තමුසෙට මේකවත් හරියට කරගන්න බැරිද ඕයි" දවසක් ශර්ට් එක හරියට මැදලා නෑ කියලා නිල්මිණීට කෑගහපු හැටි මෙයාට මතක්වුනා. මට අමාරුයි අජිත් ඩොක්ටර් කෙනෙක් ගාවට යමු කියලා පපුවත් අල්ලගෙන නිල්මිණි කියද්දි මට වැඩ තියෙනවා ලබන සතියේ යමු කියලා තමන් කියපු වචන අජිත්ගේ හිත ඇතුළේ දෝංකා කාමරේ ඇඳ උඩ තිබුණු අර පරණ ගවුමයි තමන්ගෙ පර්ස් එකේ තිබුණු නිල්මිණිගේ ඒටීඑම් කාඩ් එකයි දකිද්දී තමන් ඒ අහිංසක බිරිඳව කොච්චර පීඩනයකට ලක් වුනා මේ කතාව ගැන ඔයාලා මොකද හිතන්නෙ?#froyou #fybシviral #trnding

Susa Mr..🇱🇰
Susa Mr..🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 11 June 2026 17:16:11 GMT
10457
230
13
21

Music

Download

Comments

g_100xle
g_100xle :
වැඩියක්ම පිරිමි අජිත්ලාය🙏🙏🙏
2026-06-19 21:26:06
3
user3772265211115
මං මුතු මැනිකේ,නුබට විතරයි ❤️ :
මගේ ජිවිත කතාවෙන් වෙනස් තාම මැරිල නැ එත් හට් ඇටක් තියනව රැකියාව වෙනස් වගකිම් නම් අනන්තයි😥
2026-07-05 07:10:28
0
meguminakahara
ආදරේ අහස තරම් :
aththa kathawakwadipurama. inna ajithla💕💕
2026-06-21 09:36:39
2
chandani9552
චාන්දනී :
මගේ ජිවිතෙත් හොයලා බලන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැ නමුත් මම එයාලගේ යුතු කමි වගකිමි ඉටු කරනවා ලෙඩෙි වෙිනසකට තියෙන්නෙ කකුල් දෙකම ගන්න දෙයක් නැ නහර ගැට ගැහිලා ඉදිමිලා හිටගෙනම ඉදලා කැකුමයි කිවට මගේ දුක දැනෙන කෙනෙක් නැ 🥺😭
2026-07-08 18:10:38
2
nadeeshani.malsha
Malsha Dissanayake :
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත කතාව 👍💯
2026-06-12 12:31:11
3
dilini.dilini620
user35780772335 :
😳😳😳😳
2026-06-12 04:26:08
1
dilrukshianuradh
dilrukshianuradh :
💕💕💕💕💕💕💕💕💕💕💕💕💋💋💋💋💋💋💋💋💋💋💋💋💕💕💕💕💕💕💕💕💕💕💕💕
2026-06-12 00:25:12
0
user61937441090444
chani :
👍👍
2026-06-12 21:52:07
0
s.k.jayasinhe
S.K. JAYASINHE :
❤️❤️❤️
2026-06-12 13:47:28
2
ireesha.0
tharu❤️❤️❤️ :
🥰🥰🥰
2026-06-12 10:02:55
1
lakmalinlt
Lakmali&"NLT :
🥰🥰🥰
2026-07-11 04:41:53
0
To see more videos from user @mrsusa7, please go to the Tikwm homepage.

Other Videos


About