@keshub3vin: අපේ කතාවේ නුඹ කියලා චරිතයක් නොතිබුනු තරම්... ඒත් මම හිස් පිටුවල, නොලියූ වාක්‍ය අතර, නොකියූ වචන වලින් උඹව ගොඩනැගුවා. සාමාන්‍ය මනුස්සයෙක් වුන උඹට මම පියාපත් අඳිමින්, මගේ හිත් අහසේ පියාඹන පුංචි සුරංගනාවියක් කළා. උඹේ නිහඬකම්වලට මම ආදරය කියලා තේරුමක් දුන්නා. උඹේ දුරස්වීම්වලට මම බියක් කියලා සමාව දුන්නා. උඹ නොකළ දේවල් පවා, නුඹ වෙනුවෙන් මමම කරලා දේවල් හරි ලස්සනයි කියලා විශ්වාස කළා. මොකද සමහර වෙලාවට ආදරය කරන්නේ මනුස්සයෙකුට නෙවෙයි, අපිම ඔවුන් ගැන ඇඳගත් සිතුවමකට. ඉතින් මම උඹව පුංචි සුරංගනාවියක් කරලා උඹ නොහිටපු අපේ කතාවේ තියාගෙන හිටියා, උඹ කිසි දවසක ඒ වගේ කෙනෙක් නොවූනත්... මම උඹට ආලෝකයක් දුන්නා, උඹ මගේ කළුවර අහසට හඳක් වගේ පෙනෙන්න. මම උඹට පියාපත් දුන්නා, නුඹ මාව අත්හැරලා පියාඹලා යන තරම්... අද හැරිලා බලද්දි දැනෙන්නෙ, උඹ මාව රිදෙව්වා නෙවෙයි. රිදුණේ මගේම හිත ඇඳපු සුරංගනාවිය බිඳ වැටුණු නිසා. උඹ කවදාවත් ස්වර්ගයෙන් ආපු කෙනෙක් නොවුනා... ඒත් මම මහ පොලවේ මිනිහෙක්ව, මගේ ආදරයෙන් දේවදූතයෙක් කරලා තිබුණා. හැබැයි උඹ හිටපු ඒ මගේ කතාව කියවපු හැමෝම උන්ගේ හිත ඇතුලේ මාව දේවදුතයෙක් කලා... මට ඒ ගැන සතුටුයි... ඒ නිසා නුඹව අහිමි වුණා කියලා දුක නැහැ… දුක තියෙන්නේ, කිසිදා නොසිටි සුරංගනාවියකගේ මරණය දරාගන්න තවමත් මම ඉගෙන ගනිමින් ඉන්න නිසා... -keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ
keshan bevin
Region: LK
Friday 12 June 2026 16:20:52 GMT
Music
Download
Comments
vishwa :
@Rismi illiyas
2026-08-08 07:56:39
1
𝓐𝓜𝓪𝓪🐣💦 :
අනේ අයියේ ඔයාගේ art හරි ලස්සනයි 🥰❤️
2026-06-13 07:35:35
2
Prabodhi Malshani :
ඒ වචන හිතට හරි බරයි ❤️🩹
2026-07-01 17:24:43
1
Pavani Fernando :
Wordless brother 🤝✨
2026-06-17 15:42:16
2
Rv :
ඒකපාර්ශිකයි ප්‍රේමය! ❤️
2026-06-13 05:30:52
1
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
ගැඹුරු point ♥️
2026-06-17 01:34:29
1
Rajitha Viduranga :
Ayenm.ep❤️
2026-06-13 07:44:44
1
Thisara Edirisinghe :
Bro! are you magician ?? 🥺😫🤍
2026-06-13 14:14:18
1
SHAN __ 😊❤️🩹 :
Capshan eka oni
2026-06-28 09:30:50
1
k:R 🍒 :
@ThShA✨🤎
2026-07-03 07:28:05
2
K A S U N 🩶 :
@Hansi💗 my angel 🥺
2026-07-20 16:45:00
2
Upeksha__ :
🥰
2026-06-16 12:21:55
1
Kavee |🎀 :
💕🥰
2026-06-13 09:52:27
1
Akesh :
❤️
2026-06-12 19:06:57
1
Shakyyy ⚖️👩⚖ :
♥️
2026-06-13 03:23:47
1
navida._a :
🥺❤️
2026-06-12 16:24:39
0
🖤🌷O_S_H_E_E🌷🤍 :
❤️🩹🙂
2026-06-12 16:25:20
1
-Shelo- :
❤️❤️❤️
2026-06-23 10:26:43
1
k:R 🍒 :
@prasangika lakmali ❤️🩹
2026-06-28 06:36:06
1
sandaru prabash :
🤍
2026-06-15 11:28:40
1
𝐇 𝐀 𝐅 𝐒 𝐀 :
🤍
2026-07-01 06:59:59
1
udeni :
♥️🥰
2026-06-13 02:08:30
1
k:R 🍒 :
@🧿Ama.. 🧿 You might not know these things sometimes.❤️🩹
2026-07-07 08:36:47
1
𝙼𝙰𝙻𝙴𝙴𝚂𝙷𝙰 ...🦕 :
@𝓝!
2026-08-01 00:57:58
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.