@staywithnuwan: Python Virtual Environment : හිතන්න ඔයා python application කීපයක් හදාගෙන යනව. අපි හිතපු applications 2ක් build කරගෙන යනව එක app එකක් run වෙන්නෙ Flask 2.3 වලින් අනික run වෙන්නෙ Flask 3.1 වලින්. දැන් ඔයාට මේ apps ඔයාගෙ Window/Mac/Linux OS එකේ test කරගන්නනම් එල වෙලාවක Flask 3.1 install කරල ඒ අදාල app එක run කරල පස්සෙ ඒක uninstall කරල Flask 2.3 දාල ඒ app එක බලන්න ඕනි. එක්කො පොඩි containers run කරගන්න ඕනි, එක්කො VM දාගන්න ඕනි. ඉතිං ඕව කරදර වෙලාව යන වැඩ. පොඩි දේකට ඔච්චර දේවල් ඕනි නෑ, python 3 ( ඇත්තටම python 3.3 ) වලින් ආව සෑගෙන්න useful option එකක් තනයි python virtual Environment ( python venv ) කියන්නෙ. මේ feature එකෙන් ඔයාට පුලුවන් main python package එක run wena නමුත් base OS එකට සම්බන්ධ නැති වෙනම isolated environment එකක් හදාගෙන ඔයාගෙ app එක run වෙන්න ඕනි අදාල packages ටිකත් වෙනම තැනකට install කරගෙන base OS එකට සම්බන්ධ නොවී app එක run කරගන්න. මේ virtual environment එක හදල දෙන්නෙ python වලින්. ඉතිං ඔයාට කැමති තරමක් මේ වගේ python virtual environment හදාගෙන එක එක version වල packages එක්ක වැඩ කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔයා Flask 2.3 වලින් run වෙන app එකට python venv එකක් හදාගත්තහම ඒ venv එක ඇතුලෙ විතරයි Flask 2.3 install වෙන්නෙ ඒක base OS එකට install වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාට තවත් python venv එකක Flask 3.1 install කරන්න පුලුවන් ඒකත් base OS එකට සම්බන්ධ වෙන්නනෙ නැති නිසා එකම Base OS එකක් ඇතුලෙ ඔයාට විවිධ Flask versions පාවිච්චි කරන්න පුලුවන්. Flask උදාහරණයක් විදිහට ගත්තෙ, ඕනිම python package එකකට මේක අදාලයි. කොහොමද මේක create කරගන්නෙ. කරගන්නෙ ඔයාගෙ project folder එකට යන්න cli එකෙන්, Mac/Windows/Linux අදාල නැහැ. හැබැයි අඩුම ගානෙ python3.3 install වෙලා තියෙන්න ඕනි. අපි හිතමු ඔයාගෙ project එක තියෙන්නෙ Linux OS එකක මෙන්න මේ වගේ තැනක කියල : /root/my_projects/application_1 application_1 folder එක ඇතුලට ගිහින් ඔයාට පුලුවන් execute කරන්න මෙන්න මේ command එක ( මේ command එක Mac/Windows සහ Linux වලට පොදුයි.) # python3 -m venv venv ඊට පස්සෙ මේ create උන virtual environment එක අපි activate කරන්න ඕනි, ඒක කරන්නෙ මෙන්න මේ command එකෙන්. මේකෙ mac & linux command එක සමානයි, # source venv/bin/activate Window වලදි දෙන්න ඕනි මේ command එක, ~> venv\Scripts\activate.bat ඊට පස්සෙ pip ( python package manager ) use කරල ඔයාට අවශ්‍ය packages install කරල project එකත් මේ ෆොල්ඩර් එකට දාගෙන app එක run කරන්න පුලුවන්. අදාල venv එකෙන් වෙන එකකට හරි base OS එකට හරි switch වෙන්න ඕනි උනහම මෙන්න මෙහෙම දෙන්න, # deactivate Video එකට මම අරන් තියෙන්නෙ Linux OS එකක්, ඒත් ඒකෙ වෙනසක් නෑ, Window/Mac වලත් මේ වගේමයි. පොඩි command වෙනසක් තියෙනව Windows වලදි, ඒක මම මේ description එකේ විස්තර කරා.. ____________________ 👉 වීඩියෝ එක බැලුවහම තවත් clear idea එකක් ගන්න පුලුවන් වෙයි.. ජය වේවා..🫡 #tipoftheday #pythonprogramming #pythonvenv

staywithnuwan
staywithnuwan
Open In TikTok:
Region: LK
Saturday 13 June 2026 10:19:39 GMT
2954
247
3
5

Music

Download

Comments

samodharithanawam
Samodharitha Nawamma :
❤️❤️❤️
2026-06-17 00:37:25
0
keshal.wijesingha
Keshal Wijesingha :
✨🙌
2026-06-13 18:21:22
0
great_k.wickramasinghe
Kavindu Wickramasinghe :
❤️❤️❤️
2026-06-29 18:22:18
0
To see more videos from user @staywithnuwan, please go to the Tikwm homepage.

Other Videos


About