@nursesdiary2025: 💁♂️ඇය ඉතාම ළාබාල, වයස අවුරුදු 23ක් වූ තරුණ කාන්තාවක්, රෝහලට පැමිණෙන්නේ අසිහි තත්වයෙන්. රුධිර පීඩනයට අගයක් නැත. එතරම් පීඩනය අඩු වී තිබුනි. ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනිය නොහැකි තරමට ඇඟ සීතල වී තිබුනි. හර්ද ස්පන්ධනය යන්තමටය. ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වූ වෙද හෙද කණ්ඩායම ඇයගේ හර්දය ක්‍රියා විරහිත වන්නට නොදී මහත් පරීශ්‍රමයක් ගෙන ඇයව ශ්වසන ආධාරක යන්ත්‍රයට සවි කොට ඉතා ඉක්මණින් දැඩි සත්කාර ඒකකයට රැගෙන පැමිණියා. 😓ඇයගේ රුධිර පීඩනය යතා තත්වයට ගැනීමට කළ හැකි සියල්ලක්ම කලෙමු. නමුත් එය තවමත් නොගිනිය හැකි තරම් කුඩා විය. දවස් දෙකක දැඩි පරීශ්‍රමයකින් පසු ඇය මෙලොවින් සදහටම දෑස් පියාගත්තේ ඇයගේ කුළුදුල් දියණියත් ඇයගේ සැමියාත් මේ ලොව තනිකරවමිනි. 💁♂️මොකද එයාට වුනේ? ඇය මාස පහක පුංචි දියණියකගේ ළාබාල මවක්. ඇය දින පහක ඉදලා වරින් වර පැමිණෙන උණ යටපත් කරන්න පැරස්ටමෝල් අරගෙන තිබුනා. රෝහලට හෝ නොගිහිං ඇය සිටියේ ඇයගේ දියණිය නිවසේ දමා යාමට තිබූ දැඩි අකමැත්ත සහ රෝහල් ගත වීමට තිබූ බිය නිසාවෙන්. ඇයට එකවරම තම නාන කාමරේදී අසිහි තත්වයක් ඇතිවෙනවා. නාන කාමරයට ගිය ඇය එලියට ඒමට ප්‍රමාද නිසා, ඇයගේ සැමියා නාන කාමරය වෙත යනවිට තමයි දකින්නේ ඇය ක්ලාන්ත වී ඇද වැටී සිටින ආකාරය. ඇයව හැකි ඉක්මණින් රෝහල් ගත කරනවා. නමුත් සිදු වූයේ කුමක්දැයි ඔබ දැන් දන්නවා.😓 තව දුරටත් ඇය මේ ලොව ජීවත් වෙන්නෙ නෑ. වළක්වා ගත හැකි දෙයක් තමන්ගේ දැඩි ආදරයත් රෝහල් ගත වීමට ඇති බියත් නිසා වළක්වාගත නොහැකි දරුණු තත්වයකට පත් වෙනවා. ඇයගේ මරණ සහතිකයෙයි "Septic Shock" සහ "Multiple organ Failure" නමින් සඳහන් වුනා. ශ්‍රී ලංකාවේ 'විශාලතම ඝාතකයා' සෙප්සිස්! ඒ මාරයට එයා බිල්ලක් වුනා.😓 අපි බලමු එහෙම කොහොමද වෙන්නෙ කියලා.. ඔබ පුදුම වේවි! රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් විශාලතම පිරිසක් මිය යන්නේ සෙප්සිස් (Sepsis) නම් බරපතළ රෝගී තත්ත්වය නිසයි ❤️ සෙප්සිස් යනු: ශරීර අභ්‍යන්තරයට ඇතුළු වන විෂබීජ (වෛරස්, බැක්ටීරියා, දිලීර හෝ පරපෝෂිතයන්) හේතුවෙන් සිරුරේ සෛලවල සහ අභ්‍යන්තර අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීමයි. 👉මේ අඩපණ වීම මත අවයවවලට සිදුවන හානිය නිසා ජීවිත අවදානම වැඩි වෙනවා. විෂබීජ කෙටි කාලයක් තුළ රුධිරය ඔස්සේ පැතිරී, සෛලවල ක්‍රියාකාරිත්වයට බාධා කර, ස්වසනය හා අනෙකුත් කාර්යයන් අඩපණ කරනවා. මෙය සෙප්සිස් කම්පන තත්ත්වය ලෙස හැඳින්වෙන අතර, මෙහිදී වහාම දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දිය යුතුයි. ⏱️ සෙප්සිස් කාල බෝම්බයක් වගේ! ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ජීවිතය අහිමි වීමේ ප්‍රවණතාව වැඩියි. 🔴 නියමිත කලට, නිසි ලෙස ප්‍රතිකාර කළ හැකි නම්, ජීවිතය බේරා ගැනීම ඉතා පහසුයි. 🔴 ඒ සඳහා කලට වේලාවට රෝගය හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යයි. 🚨 සෙප්සිස් රෝග ලක්ෂණ හඳුනා ගනිමු: ♥️සාමාන්‍ය ලක්ෂණ 💁♂️ දෛනික රටාව වෙනස් වීම (කතා බහ අඩු කිරීම, 💁♂️කෑම බීම ප්‍රතික්ෂේප කිරීම). 💁♂️ නිතර නිදා ගැනීම හෝ අධික ලෙස අලස වීම. 💁♂️වෙනස් කතා විලාසයක් පෙන්නුම් කිරීම. 💁♂️ ඇඟ සීතල වීම, මාංශ පේශි ගැස්සීම. 💁♂️ හුස්ම ගැනීමේ වෙනසක් දැක ගත හැකි වීම. 🔴🔴බරපතල ලක්ශන 💁♂️රුධිර පීඩනය අඩු වීම. 💁♂️ස්වසනයේ වේගය වැඩි වීම (වේගයෙන් හුස්ම ගැනීම). 💁♂️සිහිමඳ ගතියක් (සාමාන්‍ය පරිදි කතා බතා නොකිරීම). 🔴💁♂️ මේ ලක්ෂණ දුටු වහාම රෝගියාව කඩිනමින් රෝහල්ගත කරන්න හෝ ළඟම වෛද්‍යවරයා වෙත යොමු කරන්න. ⚠️ වැඩි අවදානමක් ඇත්තේ කාටද? සෙප්සිස් ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි වුවත්, ප්‍රතිශක්තිකරණය අවම තත්ත්වයක පවතින පුද්ගලයන්ට වැඩිම ජීවිත අවදානමක් තිබෙනවා. * ඇදුම සහ පෙනහළු රෝග ඇති අය. * හෘද රෝගීන්. * වකුගඩු අක්‍රීය වූ රෝගීන්. * දියවැඩියා රෝගීන් * අක්මා සිරෝසීස් (Cirrhosis) වැනි රෝගීන්. දැනට ලෝකයේ පිළිකා රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සෙප්සිස් නිසා මිය ගොස් ඇති බව සැලකීමේදී, මෙහි ඇති බරපතළකම පැහැදිලියි. 💁♀️ ජීවිත ආරක්ෂා කර ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? * පිරිසිදුකම: විෂබීජ හරහා රෝගය පැතිරෙන නිසා, තමන්ගේ සහ අවට පරිසරය අතිශය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කිරීම. * කඩිනම් ප්‍රතිකාර: රෝග ලක්ෂණ හඳුනාගත් වහාම අනිවාර්යෙන් ප්‍රතිකාර සඳහා යොමු වීම. * සෞඛ්‍ය අංශවල වගකීම: රෝහල්වල දැඩිසත්කාර ඒකක සහ පහසුකම් වැඩිකිරීම, ගුණාත්මක ප්‍රතිජීවක ලබාදීම, සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සෙප්සිස් රෝග තත්ත්වයට නිසි කලට නිසි ප්‍රතිකාර ලබා ගතහොත්, ඔබේ ජීවිතය දුක්ඛාන්තයකින් කෙළවර නොවී නැවත සුඛාන්තයකින් අරඹන්නට හැකි බව තරයේ මතක තබා ගන්න! ස්තූතියි. හෙදියකගේ දිනපොත ⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share button එක භාවිතා කරන්න). ©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.
හෙදියකගේ දිනපොත
Region: LK
Saturday 13 June 2026 17:49:26 GMT
Music
Download
Comments
this_appis_123 :
thank you
2026-06-25 16:18:14
0
nan :
thanks alot❤️❤️🙏
2026-06-15 05:04:06
0
🇱🇰🇱🇰කසුනි :
බුදු සරණයි
2026-07-02 19:06:02
0
hima :
Thank you
2026-06-26 17:11:20
0
Geetha Liyanapathirana :
thank you
2026-06-13 20:09:07
0
user619976 :
😭😭😭🥰🥰🥰🙏🙏🙏❤️❤️💐💐🌹🌹✝️✝️✝️☸️☸️😭😭🙏🙏
2026-06-13 19:18:00
1
V 😇🧋 :
❤️❤️❤️❤️
2026-06-15 16:12:36
0
තාරු .....( simple life ) :
🥺🥺🥺🥺
2026-06-13 21:38:10
0
Santi Sudo :
❤️❤️❤️
2026-06-14 16:28:09
0
✨🧿 shehan..diluu 🧿✨ :
😢😢😢
2026-06-14 03:37:45
0
Ridmal Edirisinghe :
❤️❤️❤️
2026-06-13 22:35:49
0
Geta :
🙏🙏🙏
2026-06-15 05:20:02
0
Sujeewa Sujeewa :
😢😢😢😢😢😢
2026-06-13 21:11:35
0
Shania shani :
🙏🙏🙏😳
2026-06-13 20:27:47
0
Nilusa :
🙏🙏🙏🙏🙏🙏
2026-06-13 18:23:00
0
Anula Deraniyagala :
😳😳😳
2026-07-10 12:18:07
0
To see more videos from user @nursesdiary2025, please go to the Tikwm
homepage.