@_anuhas18_: තරගයට පෙර විචාරකයන් මේ තණතීරුව ගැන කියපු විදිහට මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වගේම දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි තියෙන තණතීරුවක්.. ඒ වගේම flat පිච් එකක් නොවුනත් තාක්ෂණයෙන් උසස් පිතිකරුවන්ටත් ලකුණු රැස් කරගත හැකි ලකුණු 170ක් පමණ ලබාගත හැකි සමබර තණතීරුවක් විදිහටයි හැදින්වූවේ... එහෙම තණතීරුවක අද අපේ කොල්ලෝ ලකුණු 194ක් ගහනවා. විශේෂයෙන්ම මේ ඉලක්කය කරා යන්න දසුන් ශානක දියත්කල impactful inning එක වගේම එක අන්තයකට වෙලා කඩුලු බිඳ වැටෙද්දී පීඩනය දරාගෙන කමිල් මිෂාර ගහපු ඉනිමත් අමතක කරන්න බැ... කලින් තරගයේ drop වෙලා අද ලැබුණු චාන්ස් එකෙන් කොල්ලා උපරිම ප්‍රයෝජන ගත්තා. හිතන තරම් පිතිකරුවන්ට සාර්ථක වෙන්න ලේසි තණතීරුවක් නොවුනත් අපි තරගයේ මුල් භාගයේ හිටපු අසීරු තත්ත්වයත් එක්ක කමිල් පන්දුවාර 16ක් වෙනකල් run a ball ගහලා කමිඳු සහ දසුන් එක්ක ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගියා. පන්දුවාර 16ක් වෙද්දී කමිල් ලබාගෙන හිටියේ පන්දු 27කදී ලකුණු 30ක් පමණයි. පන්දුවාර 16න් පස්සේ වේගවත් පහරවල් වලට ගිය කමිල් අවසානයේ පන්දු 40කදී නොදැවී ලකුණු 61ක් රැස් කරන්නට සමත් වුනා. හතරේ පහරවල් 4ක් හයේ පහරවල් 3ක් ඇතුළත් වූ මේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 152.50ක අගයක් ගත්තා. විස්සයි විස්ස තරග වලදී ශ්‍රී ලංකාවේ තියෙන ලොකුම ගැටලුව පිතිකරනය. අපි අන්තිම කාලෙම යැපුනේ කුසල් සහ පැතුම් මත. නමුත් කමිල් විස්සයි විස්ස පිටියට ආවට පස්සේ අද ඔහුගේ සිව්වෙනි විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරගෙන තියෙනවා. හොඳ ඉනිම් දුර්වල ඉනිම් සියල්ලන් එක්ව කමිල් යම් සාර්ථකත්වයක් පෙන්වන්නට උත්සාහ කරනවා. හැමදාමත් කුසල් සහ පැතුම් මත පමණක් යැපෙනනේ නැතුව මේ වගේ පිතිකරුවෝ ඉස්සරහට ඇවිත් හොඳ ඉනිම රැස් කරන එක හුගාක් වටිනවා. ඉතිං අද අපේ ලකුණු පුවරුව මේ තරම් දුර ගෙනියන්න දස්සාගේ වේගවත් ඉනිම වගේම කමිඳු සහ දස්සා එක්ක එකතු වෙලා කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගපු කමිල් මිෂාරටත් ලොකු Credit එකක් හිමිවිය යුතුමයි..! ❤️👏 [copied] #kamilmishara #srilankacricket #slvswi #vihangaanuhas #trending
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Region: LK
Sunday 14 June 2026 03:36:18 GMT
Music
Download
Comments
💐𝗖𝗛𝗜𝗖𝗛𝗜🐼🌈 :
Dinnaaa😁❤️🩹
2026-06-14 04:01:39
7
U_D_A_R_A 🌏 🇱🇰 :
පොඩි maxwell 🥰
2026-06-14 04:42:09
1
NETHSARA :
ඇත්ත
2026-06-14 03:44:23
1
V i h a a $ 🦋 :
Mishara ❤️Shanaka
2026-06-14 04:48:29
1
Yoshii :
ada match eka nam supiriyak ♥️
2026-06-14 05:38:35
1
L 💥 🧃 :
❤️❤️❤️
2026-06-14 07:22:06
1
Kavidu Dilshan :
😁😁😁
2026-06-14 06:42:27
1
Alfa king 👑☠️ :
🥰🥰🥰
2026-06-14 05:17:56
1
Chanidu_bus_official :
🥰🥰🥰
2026-06-14 05:29:38
1
anjanasamarawickrama🇱🇰🇨🇾 :
❤️❤️❤️
2026-06-14 05:32:28
1
Korean Drama ♡ :
🥰🥰🥰
2026-06-14 04:52:34
1
Manura Lakshitha :
❤️
2026-06-14 04:27:42
1
X_PANDA 🐼 :
💕💕💕
2026-06-14 04:06:50
1
xDENA 1M :
🥰🥰🥰
2026-06-14 03:44:33
1
Ranod248 :
🥰
2026-06-14 06:19:58
1
To see more videos from user @_anuhas18_, please go to the Tikwm
homepage.