@_doxinh2moingay: ghế bập bênh 💺💺#xu #xuhuongtiktok #xuhuớng

Shop Mẹ Sóc
Shop Mẹ Sóc
Open In TikTok:
Region: VN
Wednesday 17 June 2026 03:17:30 GMT
159
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @_doxinh2moingay, please go to the Tikwm homepage.

Other Videos

🧘🏿‍♂️🔥 බුදුන් වහන්සේ විසින්
🧘🏿‍♂️🔥 බුදුන් වහන්සේ විසින් "අග්ගඤ්ඤ සූත්‍රය" තුළ විස්තර කරන්නේ ලෝක විනාශය සහ නැවත ගොඩනැගීම සමඟ සම්බන්ධ චක්‍රාකාර ක්‍රියාවලියක් ලෙසටය. මෙය නිරවද්‍ය විද්‍යාත්මක වාර්තාවක් ලෙස නොව, සත්ත්වයාගේ චිත්තය, ලෝභය, ආශාව සහ සමාජ පරිණාමය පැහැදිලි කරන දාර්ශනික විවරණයක් ලෙස තේරුම් ගත යුතුය. 🧘🏿‍♂️🔥 01 ලෝක සංවට්ටය (විනාශය) 👇👇 බුදුන් වහන්සේ පවසන්නේ 🙏 කාලයක් ගතවූ පසු පෘථිවිය විනාශයට පත්වන බවයි. එවිට ධ්‍යානලාභී බොහෝ මිනිසුන් උසස් බ්‍රහ්ම ලෝකවල උපදින බව සඳහන් කරයි. චක්‍රාකාර ලෝක ක්‍රමයක් ලෙසට එම ක්‍රියාවලිය හැඳින්විය හැකිය. 🧘🏿‍♂️🔥 02 නැවත ලෝකය බිහිවීම 👇👇 අති දීර්ඝ කාලයකට පසු ලෝකය නැවත නිර්මාණය වීමට ආරම්භ වෙයි. මුලදී පෘථිවිය අඳුරු, හිස් සහ ජලයෙන් වැසුණු ස්වභාවයක පවතී. මෙය නූතන විද්‍යාවේ මුල් පෘථිවියේ උණුසුම් හා අස්ථාවර ස්වභාවය සිහිපත් කරන අදහසක් ලෙසටද හැඳින්විය හැකිය. 🧘🏿‍♂️🔥 03 ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්මයන් පැමිණීම 👇👇 ආභස්සර ලෝකයෙන් තරමක් අකීකරු බ්‍රහ්මයන් පිරිසක් නික්මෙන බව සහ පෘථිවියට පැමිණෙන බව අට්ඨ කතා වල සඳහන් වෙයි. ඔවුන්ගේ ලක්ෂණ. ආලෝකයෙන් දිලිසෙන ස්වභාවය, වාතය මත ගමන් කරයි, ශරීරය ඉතා සුක්ෂ්මය, ආහාර අවශ්‍ය නොවේ, මානසික ප්‍රීතියෙන් ජීවත් වෙයි. මෙය භෞතික මිනිසාට වඩා මානසික හා සුක්ෂ්ම ජීව ස්වභාවයක් නිරූපණය කරයි. 🧘🏿‍♂️🔥 04 භූමි රසය භුක්ති විඳීම 👇👇 පෘථිවිය මතුපිට “රසවත් භූමි ස්තරයක්” ඇතිවේ. එක් සත්ත්වයෙක් කුතුහලයෙන් එය රස බලයි. තර්කයක් ඇතිවෙනවා නම් ගැඩවිලා පස් ආහාරයට ගන්න එක පිළිබඳව සිතන්න. රස පොළොවක් යනු බ්‍රහ්මයෙකුට ආහාරයක් විය හැකිය. එක් බ්‍රහ්මයකු විසින් රස පොළොව දිව ගාන බව සඳහන් වෙයි. අනෙක් බ්‍රහ්මයෝද එය භුක්ති විඳීමට පටන් ගනී. මෙතනදි කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් බ්‍රහ්මයෙකුට දිව නැමැති ආයතනය නැහැ නේද කියල. අට්ඨ කතාවල සඳහන් වන ආකාරයට, "තරමක් අකීකරු බ්‍රහ්මයා වාසභූමියෙන් ඉවත්වී චක්‍රයෙන් ඉවතට යන විටම ජිව්හා ( දිව ) ආයතනය පහළ වේ". ලෝභය සහ රස ආශාවෙහි මූලාරම්භය මෙයයි. කල්ගතවන විට සත්ත්වයන්ගේ ආලෝකය අඩුවෙයි, ශරීරය බර හා ස්ථූල වේ, මෙය ආශාව නිසා සිදුවන පරිවර්තනයක් ලෙස පෙන්වයි. 🧘🏿‍♂️🔥 05 සූර්යයා සහ චන්ද්‍රයාගේ දර්ශනය 👇👇 සත්ත්වයන්ගේ ආලෝකය නැතිවීමත් සමඟ, සූර්යයා හා චන්ද්‍රයා දර්ශනය වීම ආරම්භ වෙයි. දහවල සහ රාත්‍රිය ඇතිවේ, කාලය මැනීම ආරම්භ වේ, මෙය ලෝක පරිණාමයේ නව අවධියක් ලෙස දැක්වේ. 🧘🏿‍♂️🔥 06 ශරීර වෙනස් වීම සහ ලිංග භේදය 👇👇 සත්ත්වයන්ගේ ශරීර වෙනස් වේ. රූපයේ ලස්සන සහ අලස්සන වශයෙන් වෙනස්කම් ඇතිවේ. එම නිසා උඩඟුකම සහ අහංකාරය ඇතිවේ. පසුව ස්ත්‍රී සහ පුරුෂ ලිංග භේදය ඇතිවේ, ලිංගික ආශාව හටගනී, මෙය මානසික ආශාවන් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වයි. 🧘🏿‍♂️🔥 07 ආහාර සහ කෘෂිකර්මය 👇👇 ස්වභාවිකව නිර්මාණය වන ආහාර අඩුවෙයි. උදාහරණයක් ලෙසට "පිදුරු බිම්මල්" වැනි අධික රසයකින් යුත් ස්වාභාවික ආහාරයක් නම් කළ හැකිය. කුඩා කල කොයිතරම් ආශාවෙන් රස වින්ද ආහාරයක්ද❓අද දැකගන්නවත් නැත. වසර සියයට වඩා ආයුෂ අඩුවන කාලයන්වලදී පොළොවෙහි ඇති රස සාරය අතුරුදහන් වන බව බුදුවරු දේශනා කරයි. සත්ත්වයන් සහල් වගා කිරීමට පටන් ගනී. “මගේ දේ” යන අදහස බිහිවේ. දේපළ සංකල්පය නිර්මාණය වේ, ඒ මත සොරකම් සහ බොරු කීම ආරම්භ වේ. 🧘🏿‍♂️🔥 08 සමාජය සහ රාජ්‍යය බිහිවීම 👇👇 සමාජ ගැටලු වැඩිවීමත් සමඟ මිනිසුන් එකතුවී නීති පවත්වා ගැනීමට පුද්ගලයෙකු තෝරාගනී. ඔහු “මහා සම්මත” රජු ලෙස හැඳින්වේ. "රාජ්‍යය මිනිසුන්ගේ එකඟතාවෙන් බිහිවූ බව පෙන්වන ඉතා පැරණි සමාජ දර්ශනයකි". 🧘🏿‍♂️🔥 09 වර්ණ හා වෘත්තීන් බිහිවීම 👇👇 විවිධ වෘත්තීන් සහ සමාජ කණ්ඩායම් ඇතිවේ. බ්‍රාහ්මණ, ගොවි, වෙළෙන්දන්, සේවකයන් ආදී වශයෙන් සාපේක්ෂ වශයෙන් සමාජය බෙදී යයි. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්නේ “මනුෂ්‍යයා උසස් වන්නේ උපතෙන් නොව, ක්‍රියාවෙන්” යන්නයි. බුදුන්වහන්සේගේ ගැඹුරු දාර්ශනික අදහස මෙසේ දැක්විය හැකිය. ලෝකය ස්ථිර නොවන බව, ආශාව නිසා දුක් හා සමාජ ගැටලු ඇතිවන බව, සමාජය සහ පන්තීන් ස්වභාවිකව ගොඩනැගුණු බව, සියල්ල හේතු ඵල සම්බන්ධයෙන් ඇතිවන බවයි. කලකදී ලෝකය විනාශ වෙමින්, කලකදී ලෝකයේ ජීවය ආරම්භ වෙමින් මෙම ක්‍රියාවලිය වක්‍රාකාරව විහිදෙන බවට බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත. දැනුවත් භාවය සහ ධර්ම දානයක් පිණිස බෙදා හරින්න. 🩸මූලාශ්‍ර 👉 දීඝ නිකාය 🩸අග්ගඤ්ඤ සූත්‍රය🩸 #creatorsearchinsights #srilankan_tik_tok🇱🇰 #foryoupage❤️❤️ #foryou #buddhism

About