@innerpeace308: බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම ක්‍රම 3කට දේශනා කර ඇත , ඒ කෙටි ක්‍රමයකුත් මධ්‍ය ක්‍රමයකුත් සහ අති විස්තාර ක්‍රමයකුත් වශයෙනි. 1 .චතුරාර්ය සත්‍යය (ප්‍රඥාව වැඩි පිරිසට) 2.පටිච්චසමුප්පාදය (මදක් ප්‍රඥාව අඩු පිරිසට) 3.පට්ඨාන දේශනාව (ප්‍රාඥාවෙන් දුර්වල පිරිසට) පට්ඨානය ප + ඨාන ලෙස කොටස් දෙකකි ප = ප්‍රකාර (නා නා ප්‍රකාර ) ඨාන = ප්‍රත්‍ය "නානාපකාරානි ඨානානි පච්චයා එත්තායති පට්ඨානං" නා නා ප්‍රකාර ප්‍රත්‍ය මෙහි දේශනා වන බැවින් මෙම ධර්ම කොටස පට්ඨානය නම් වේ. ප්‍රත්‍ය යනු හේතුවක් නිසා දෙයක් හටගැනිමටත්, ඉපදුන හටගත් දෙය පැවතීමටත්, උපකාරි වන දේවල් ප්‍රත්‍ය වේ. ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය නිසා උපදින ධර්මයන් ප්‍රත්‍යෝත්පන්න වේ. ප්‍රත්‍යනීක යනු හේතුවක් (ප්‍රත්‍ය) නිසා නුපදින ධර්ම බුදුරජාණන්වහන්සේ අභිධර්මයෙහි සියලු දේවල් ආකාර 4කට බෙදා ඇත. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යනු ඒ ධර්මයන් හතරයි. මේ ධර්මයෝ සතර ප්‍රත්‍ය ,ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක යන කොටස් තුනට බෙදා දැක්වු විට ප්‍රත්‍ය නොවන කිසිවක් නැත. ප්‍රත්‍ය නිසා නුපදින ධර්මත් ඇත . එය නිර්වාණය(අසංඛත ධාතුව) නම්වේ. අසංඛත ධාතුව යනු හේතුන්ගෙන් හට නොගැනිම,හේතුන්ගෙන් පවතින්නේ නැති බව. ප්‍රත්‍ය ,ප්‍රත්‍යෝත්පන්න, ප්‍රත්‍යනීක යන කොටස් තුන එකට ගත් කල ත්‍රී රාශිය නම් වේ. පට්ඨාන දේශනාවෙහි වදාළ ප්‍රත්‍යය විසි හතරකි. සූවිසි පට්ඨාන පච්චය.(24) හේතු පච්චයෝ ආරම්මණ පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරෙජාත පච්චයෝ පච්ඡාජාත පච්චයෝ ආසෙවන පච්චයෝ කම්මපච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඣාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්‍ථි පච්චයෝ නත්‍ථි පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝ පට්ඨාන දේශනාව ශ්‍රවණය කිරීම සහ සජ්ඣායනා කිරීම තුළින් ලැබෙන ආනිසංස මහා සාගරයක් වගේ අප්‍රමාණයි. ඒ අතරින් ප්‍රධානම මහා ආනිසංස කිහිපයක්, 🪷මහා ප්‍රඥාවක් ලැබීම: බුදු දහමේ ඉහළම ප්‍රඥාව විදහා දක්වන දේශනාව පට්ඨාන දේශනාවයි. මෙය සජ්ඣායනා කිරීමෙන් තමන්ගේ ධාරණ ශක්තිය, නුවණ සහ ප්‍රඥාව දියුණු වන අතර සංසාරයේදී මහා ප්‍රඥාවන්තයකු වීමට මග පෑදෙනවා. 🪷සියලු උපද්‍රව සහ ග්‍රහ අපල දුරු වීම: පට්ඨාන සජ්ඣායනාව සතු විශ්ව ශක්තිය සහ ගුණානුභාවය නිසා නිවෙස්වල තියෙන අමනුෂ්‍ය දෝෂ, ඇස්වහ කටවහ, හදි හූනියම් වගේම දරුණු ග්‍රහ අපල පවා දුරු වී යනවා. 🪷දේව ආරක්ෂාව ලැබීම: පට්ඨාන ධර්ම ශබ්දය ඇසීමට දෙවිවරු බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ නිසා පට්ඨාන සජ්ඣායනා කරන ස්ථානවලට දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම සහ නොමඳ ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙනවා. 🪷සිතේ සහ නිවසේ සාමය ඇති වීම: පට්ඨාන දේශනාව නිසා පරිසරයට එකතු වෙන්නේ මහා ශාන්ත ශක්තියක්. එයින් සිතේ තියෙන නොසන්සුන්කම, බිය, ආතතිය දුරු වෙලා පවුලේ සමගිය සහ සතුට උදා වෙනවා. 🪷කය ලෙඩ කරන රෝග පීඩා සුව වීම: ශරීරයේ තියෙන ලේ ධාතුව පවා පිරිසිදු කරන්න තරම් මේ ධර්ම ශබ්දයට පුළුවන්. දරුණු සනීප නොවන රෝගාබාධවලින් පෙළෙන අයට පවා මෙයින් ලොකු සහනයක් සහ සුවයක් ලැබෙනවා. 🪷භෝග සම්පත් සහ දියුණුව ළඟා වීම: කරන කියන රැකීරක්ෂා, ව්‍යාපාර කටයුතුවලට ඇති වන බාධා ඉවත් වෙලා, ධන ධාන්‍ය සම්පත් ලැබී ජීවිතය වාසනාවන්ත වනවා. 🪷නිවන් මග සුගතිගාමී වීම: මේ මහා කුසල බලයෙන් මරණින් මතු අපාගත වීම වළකා, සුගතිගාමී වීමටත්, කෙළවර උතුම් නිර්වාණ සුවය අවබෝධ කර ගැනීමටත් පට්ඨාන සජ්ඣායනාව ප්‍රබලම හේතුවක් වෙනවා. මෙම පට්ඨාන දේශනාවේ අඩංගු එක් එක් ප්‍රත්‍ය සැකෙවින් ඉදිරියේදි විස්තර කර ගනිමු. උපුටා දැක්වීම :- පුජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේගේ පට්ඨාන දේශනා ඇසුරෙන් 🙏 ධර්ම දානයක්ම වේවා.....!! #creatorsearchinsights #viral #පට්ඨානදේශනා #අභිධර්මය #dhammatalk
Inner Peace 🧿
Region: LK
Thursday 18 June 2026 10:48:52 GMT
Music
Download
Comments
❣️❣️නිලු❣️❣️ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-19 06:21:01
0
Anne :
සාදු සාදු සාදු
2026-06-19 07:46:56
0
sandayapriyanthu :
sadu sadu sadu
2026-06-19 15:24:42
0
Kapila P Dharmawardhana :
🙏♥️🙏♥️🙏🙏🙏🙏
2026-06-18 11:04:29
1
€£€£€ :
🙏🙏🙏🙏🙏🙏
2026-06-19 01:13:38
1
Damika :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-19 16:44:48
0
🥰madu🥰 :
🙏🙏🙏🙏🙏
2026-06-19 15:34:45
0
Nisha :
🙏🙏🙏🙏
2026-06-19 15:18:21
0
nisansala :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-19 17:05:24
0
Malkanthi Malkanthi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-19 12:05:39
0
Shiromi Shiromi :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-19 05:27:26
0
jayani :
🙏🙏🙏🙏🙏🙏
2026-06-18 14:01:41
1
DSK Channel ☸️ 🇱🇰..... :
🙏🙏🙏
2026-06-18 13:45:32
1
manel :
🙏🙏🙏
2026-06-19 17:34:32
0
To see more videos from user @innerpeace308, please go to the Tikwm
homepage.