@deshapriya316: 🔥ලෝකේ භයානකම මිනිස්සු කෑගහන්නේ නැහැ. උන් උඹට තර්ජනය කරන්නේ නැහැ. උන් කරන්නේ උඹව ලස්සනට "Mental Jail" එකක හිර කරන එක. උඹ හිතන්නේ උන් උඹට ආදරෙයි කියලා, හැබැයි උන් කරන්නේ උඹේ කොන්ද කඩලා උඹව උන්ගේ පඹයෙක් කරගන්න එක. මෙන්න මේ ලකුණු 7 උඹේ ජීවිතේ කවුරු ළඟ හරි තියෙනවා නම්...! උංව අදම උන්ව තහනම් කරපන්. 1. උඹේ වැරැද්ද උඹේම පිටින් පටවන "ගැම්ම" (The Redirect) 🔄 උඹ අහනවා: "ඇයි මට බොරු කළේ?" ඌ කියනවා: "මට දුකයි උඹ මාව මේ තරම් සැක කරන එක ගැන. උඹේ ඔය මනෝවිකාර මානසිකත්වය හදාගනින් කියලා... වෙන්නේ මොකක්ද? අන්තිමට වැරැද්ද කරපු එකා ශේප්, උඹ ඌගෙන් සමාව ඉල්ලනවා උඹේ සැකය ගැන. උඹව "Mental Patient" කෙනෙක් කරන එක මුන්ගේ ලෙවල් එක. 2. උඹේ සතුට උන්ගේ "ස්විච්" එකේ (The Emotional Remote) 🎮 දවස් තුනක් උඹට පණ ඇරලා සලකනවා. හතරවෙනි දවසේ හේතුවක් නැතුව උඹව මඟහරිනවා. උඹ තැවෙනවා, උඹ හිතනවා උඹ අතින් වරදක් වුණා කියලා. ඊට පස්සේ ඌ ආයෙත් එනවා. එතකොට උඹට දැනෙන්නේ දෙවියෙක් මතු වුණා වගේ. ඇත්ත: ඌ උඹව "Addict" කරගෙන. ඌ දෙන "Attention" එක නැතුව උඹට ඉන්න බැරි තැනට උඹව වට්ටලා. 3. "මං ඔක්කොම දන්නවා" - තොරතුරු හොරකම (Information Currency) 📊 මූ උඹේ ඔක්කොම කුණු ටික අහගන්නවා. උඹේ පවුලේ ප්‍රශ්න, උඹේ දුර්වලකම්, උඹේ බය. හැබැයි මූ ගැන උඹ දන්නේ මොනවද? මොකුත්ම නැහැ. ඇත්ත: දවසක උඹ ඌට විරුද්ධ වුණොත්, උඹ ඌට කිව්ව රහස් ටික උඹට විරුද්ධව "කළු කඩේ" විකුණන්න ඌ දෙපාරක් හිතන්නේ නැහැ. 4. උඹේ වටේ ඉන්න එවුන් "විෂ" කරනවා (Invisible Walls) 🧱 "මචං උඹේ ඔය යාළුවා හරි නැහැ, ඌ උඹට ඊර්ෂ්‍යා කරනවා" "අම්මලා වුණත් හැමදාම හරි නැහැනේ බං" මූ මෙහෙම කියන්නේ උඹට තියෙන ආදරේට නෙවෙයි. උඹව ලෝකෙන් හුදකලා කරලා, අන්තිමට උඹට උපදෙසක් ගන්න ඉතිරි වෙන්නේ මූ විතරයි කියන තැනට පත් කරන්න. වැටේ බැඳපු පඹයාට වඩා හුදකලා වුණු මිනිහව මෙල්ල කරන එක ලෙහෙසියි. 5. උඹව පිස්සු වට්ටන "සයිලන්ට්" එක (The Silent Treatment) 🤐 ප්‍රශ්නයක් වුණාම ඌ කතා කරන්නේ නැහැ. දවස් ගණන් මඟහරිනවා. උඹට දැනෙන්නේ උඹ මැරිලා ඉපදුණා වගේ. ඒ පීඩනය දරාගන්න බැරිතැන උඹ දණගහනවා. මතක තියාගනින්: නිහඬතාවය කියන්නේ උඹේ හිත ඇතුළේ බය වගා කරන මිනීමරු ආයුධයක්. 6. උඹේ මතකය "එඩිට්" කරනවා (Gaslighting) ✍️ "මම එහෙම කිව්වේ නැහැ, උඹට පිස්සු" "උඹට ඕක මතක තියෙන්නේ වැරදියට" මූ මූණ බලන් පට්ටපල් බොරු කියන්නේ උඹේ මතකය ගැන උඹටම සැක හිතෙන තරමට. උඹේ ඇස් දෙකට පෙනුණ දේට වඩා මුගේ කටට උඹව විශ්වාස කරන්න සලස්වනවා. ඒක තමයි ගැම්ම. 7. උඹව "ණයගැති" කරන උදව් (Fake Reciprocity) 🎁 මූ උඹට රුපියලක උදව්වක් කරලා, උඹෙන් ලක්ෂයක කැපකිරීමක් බලාපොරොත්තු වෙනවා. මොකක් හරි කිව්වොත් "මම එදා උඹට කරපු දේවල් අමතකද?" කියලා උඹේ හදවතටම අනිනවා. ඇත්ත: උදව්වක් කරන්නේ ආදරේට නෙවෙයි, උඹව "Invoice" එකකට හිර කරන්න. 🔥 අවසාන අනතුරු ඇඟවීම: මුන්ව වෙනස් කරන්න හදන්න එපා. මුන් එක්ක තර්ක කරන්නත් එපා. මුන් එක්ක තර්ක කරන එක හරියට "ඌරෙක් එක්ක මඩේ ලගිනවා" වගේ. ඌරා ඒකට ආසයි, හැබැයි උඹ කිළුටු වෙනවා. කරන්න ඕනේ එකම දේ: මුන්ව අඳුරගනින්. රටාව (Pattern) තේරුම් ගනින්. ඊට පස්සේ... කිසිම සද්දයක් නැතුව "Unfollow" කරපන්. ජීවිතෙන් Block කරපන්. උඹේ සතුට, උඹේ තීරණ වෙන එකෙක්ගේ අතට දෙන්න එපා. "තමුන්ගේ රේඛාව තමුන් ට ඇඳගන්න බැරි මිනිහව, ලෝකය රූකඩයක් කරනවා." 💔 අවසාන හෘදසාක්ෂියට: මතක තියාගනින්, උඹව හදන්න එන හැමෝම උඹේ මිනිස්සු නෙවෙයි. සමහරු උඹව හදන්නේ උන්ට ඕන විදියට උඹව "පාවිච්චි" කරන්න ලෙහෙසි වෙන්නයි. උඹේ අහිංසකකම, උඹේ ලෙන්ගතුකම උන්ගේ "ආයුධයක්" කරගන්න දෙන්න එපා. උඹ දණගහලා ඉන්නකම් විතරයි උන් උඹට වඩා උසයි කියලා උඹට පේන්නේ. දවසක කෙළින් හිටගනින්... එදාට උඹට පෙනෙයි උඹ "මහා ලොකු චරිත" කියලා හිතාගෙන හිටියේ කෙතරම් කුඩා මනුස්ස රූකඩවලටද කියලා. "උඹේ නිහඬතාවය අස්සේ උන් උඹේ මිනීවල කපනවා... හිනාවෙවී ඉන්න එපා, මචං නැගිටලා වළෙන් එළියට වරෙන්!" 👊🔥 ‎🔴හැමදාම මොළේ reset කරන, discipline build කරන, life upgrade කරන content හා Daily mindset content ඕනේ නම් වටිනා දේ පහලින් ↓ 👇⬇️⬇️⬇️⬇️ ජය මචංලා....✌ #motivation #fypシ゚viral #disiplina💪😉 #viral #life

AdeeraGlowHub
AdeeraGlowHub
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 16:42:00 GMT
2762
118
2
8

Music

Download

Comments

bride863
relax :
❤️❤️❤️🙏🙏🙏
2026-06-29 07:17:31
1
To see more videos from user @deshapriya316, please go to the Tikwm homepage.

Other Videos


About