@user997440744774: පුදනොකොටම කාපි යකා කියලා ''එහෙමයි සර්'' කියලා හයියෙන් තැප්පිලුවෙ ඕරා. හකු කඩන් යන තරමෙ හිනාවක් ආවත් චුට්ටක් මිස් උනොත් අපිට ඉන්න වෙන්නෙ සබාගේ කාමරේ ඉස්සරහට වෙලා වැදගෙන තමයි. කොහොම කොහොම හරි අපි බඩ ගෑම්, දණ ගෑම්, ප්‍රාණය නිරුද්ද වීම් විසි හතරකට පස්සෙ අතින් කටින් තණකොළ, කැළැ කොළ එල්ලගන රූම් එක ඉස්සරහා සීරුවෙන් හිටියා. ආපු ගමන් අපතයා ගහලා වගේ වැටුණු වැටුණු තැන අපි තුන් දෙනෙක්ම වැටුනත් මේ මළ පාන්දර නුලිය නම් දෝවනය වෙන්න ගියේ ගිය ආත්මේ ඌ පූස් කුලේක ඉපදෙච්චි එකෙක් හන්දම වෙන්න ඇති. කාලය ගෙවිලා ගියෙ නම් හිමින් නෙමේ. ආතක් පාතක් නැතුව ඔහේ හිටපු එවුන්ම හතර දෙනෙක් එකට හම්බෙලා අවුරුදු හතරක් අපි පවුල් කෑවා. දැන් අපිට ඉතුරු අක්බාර් පාලමට උඩ හන්තාන අහසේ වලදාපු මතක විතරයි. මිනිස්සු ජීවිතේට එනවා. එයාලා මතක ගොඩගහලා අපිව ස්නේහයෙන් පුරවලා අන්තිමට හැමෝම විසිරිලා යනවා. සමහර විට අපි මේ බදාගෙන දවසක හමුවෙමු කියලා සමු දීලා යන්නෙ කවමදාකවත් ආයෙ ඇහැට නොදකින්නම වෙන්න පුලුවන්. අපි එකට ඉන්න කාලෙ සතුටින් හිටියා. ආදරේ බෙදාගත්තා. සතුට දුක හිනාව කඳුලු මේ හැමදේම අපි මේ හන්තාන අහස යටදි විද ගත්තා. අපි ඉන්නෙ හරි චූටි රටක. ඉතිං සමහර විට අපි ආයෙම හමු වෙයි. මේ ගෙවුණ කාලය, මේ බැඳීම්, මේ මතක විතරක් නෙමේ මේ හැමදෙයක්ම උබලා නමින් මං මගෙ ජීවිතේ එක පරිච්චේදයක් වෙන් කරනවා. ජයම වෙන්න ඕන මේ හන්තාන අහස එක එක පාටින් පාට කරන්න උර දුන්නු උබලා හැමෝටම. -මතක රොබරෝසියන් 🦋👀🤍
මතක රොබරෝසියන්!
Region: LK
Friday 19 June 2026 12:52:18 GMT
Music
Download
Comments
SJ :
oyage wachana kiyawanna amarui samahara welawata.mokkda kiyanne hith harima sanwedi karanawa ee wachana 🩷
2026-06-20 04:10:28
1
⚓️❤️Sailor wife ⚓️❤️ :
hmm🥰
2026-06-20 17:13:41
0
naturelike :
❤️
2026-06-20 01:25:29
0
ima 🖤 :
❤️❤️❤️
2026-06-19 17:19:57
0
_flOo_werry_🎀 :
💗
2026-06-19 16:03:39
0
lachii :
🥺🥺🥺
2026-06-19 15:03:46
0
M🧿 :
🥹🤍
2026-06-19 13:00:01
0
Manula Jeewantha :
❤️❤️
2026-06-19 13:19:52
0
❤️Ashan Chathuranga❤️ :
🥰🥰🥰
2026-06-19 12:55:29
0
KALUZ!🇱🇰 :
🍃🤲🏻
2026-06-19 19:57:17
0
To see more videos from user @user997440744774, please go to the Tikwm
homepage.