@antharaya.lk: ලෝකයේ ආරක්ෂිතම සහ ප්‍රසිද්ධම ගුවන් යානය විදිහට සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන "Air Force One" (VC-25A අනුක්‍රමික අංක 92-9000 දරණ Boeing 747-200B යානය) සිය වසර 35 ක අභිමානවත් සේවය නිමා කරමින් 2026 ජූනි 18 වනදා සිය අවසන් නිල ගුවන් ගමන (The Last Ride) සනිටුහන් කළා. මේක ඇමරිකානු දේශපාලන සහ ගුවන් සේවා ඉතිහාසයේ ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක්. මේ යානය ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයක් මෙන්න: අභිමානවත් සේවා කාලය: 1990 වසරේදී සේවයට එක්වුණු මේ යානය වසර 35ක් පුරාවට නොකඩවා සිය සේවය ලබා දී තිබෙනවා. ජනාධිපතිවරුන්ගේ විශ්වාසය: ජෝර්ජ් H.W. බුෂ් ජනාධිපතිවරයාගේ සිට වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා ඇමරිකානු ජනාධිපතිවරුන් සියලු දෙනාම ලොව පුරා සංචාරය කළේ මේ අහසින් යන මාලිගාවේ. අවසන් මෙහෙයුම: ප්‍රංශයේ පැවති G7 සමුළුව නිමවා ජනාධිපතිවරයාව යළි ඇමරිකාවේ වොෂින්ටන් නුවරට රැගෙන ඒම තමයි මෙහි අවසන් රාජකාරිය වුණේ. ධවල මන්දිරයේ නිලධාරීන් "Well done, good and faithful servant" යනුවෙන් සටහන් තබමින් ඊට සමුදී තිබුණා. නැවතත් Air Force One එකක් එන්නේ නැද්ද? ඊළඟට මොකද වෙන්නේ? 🤔 මෙතෙක් භාවිතා කළ පැරණි යානය විශ්‍රාම ගැන්වුවත්, ඇමරිකාව මීළඟ පරම්පරාවේ VC-25B (Boeing 747-8i) යානා දෙකක් මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වියදමින් නවීකරණය කරමින් පවතිනවා. එම නවතම යානා සූදානම් වනතුරු ඉදිරි කාලය සඳහා (Bridge aircraft එකක් විදිහට) තාවකාලිකව භාවිතා කරන්නේ කටාර් රාජ්‍යය විසින් ඇමරිකාවට තෑගි කළ, ඉහළ ආරක්ෂක තාක්ෂණයෙන් නවීකරණය කරන ලද Boeing 747 යානයක්. ගුවන් සේවා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේ සුවිශේෂී යානය ගැන ඔයාගේ අදහස මොකක්ද? #airforceone #boeing747 #aviation #usa #foryou
Antharaya.lk
Region: LK
Friday 19 June 2026 18:11:41 GMT
Music
Download
Comments
Thilan Basnayake 🚂 :
අනේ 🥲
2026-06-20 02:40:35
0
To see more videos from user @antharaya.lk, please go to the Tikwm
homepage.