@imjbandara: ඉස්කෝලෙදි අපි ඉගෙන ගත්තේ විදුලිය කියන්නේ වයර් එකක් ඇතුළෙන් වතුර ගලනවා වගේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ක්‍රියාවලියක් කියල​නේ. 💡 බැටරියකින් ශක්තිය අරගෙන, වයර් එක දිගේ ගිහින් බල්බ් එකකට ඒ ශක්තිය ලබා දෙනවා කියලා තමයි අපේ ඔළුවේ තියෙන්නේ. ඒත් ඇත්තටම විදුලිය වැඩ කරන්නේ එහෙම නෙවෙයි කිව්වොත් ඔබ පුදුම වෙයි. ⚡️ මෑතකදී මේ විදුලි​ය ගැන ඉදිරිපත් කරපු අමුතුම ප්‍රහේලිකාවක් මුළු ලෝකයේම ඉන්න විද්‍යාඥයින්ව සහ ඉංජිනේරුවන්ව ලොකු විවාදයකට ඇදලා දැම්මා. ප්‍රහේලිකාව මෙහෙමයි: අපි හදමු ලොකු Circuit එකක්. මේකේ බැටරි එකක්, ස්විච් එකක් සහ ලයිට් බල්බ් එකක් තියෙනවා. Battery එක සහ Switch එක තියෙන තැන ඉඳන් මීටර 1ක් දුරින් තමයි Light bulb එක තියෙන්නේ. හැබැයි මේක සම්බන්ධ කරලා තියෙන වයර් දෙක සාමාන්‍ය වයර් නෙවෙයි. 🔬 එක වයර් එකක් ආලෝක වර්ෂ බාගයක් (ඒ කියන්නේ කිලෝමීටර් 150,000ක්) දුරට ගිහින් ආපහු හැරිලා ඇවිත් තමයි බල්බ් එකට සම්බන්ධ වෙන්නේ. අනිත් වයර් එකත් ඒ වගේමයි. ඒ කියන්නේ මුළු වයර් එකේ දිග ආලෝක තත්පර 1ක (Light-second) දුරක්. දැන් Switch එක දාපු ගමන්, බල්බ් එක පත්තු වෙන්න කොච්චර වෙලාවක් යයිද? ගොඩක් අය හිතුවේ වයර් එක දිගේ ඉලෙක්ට්‍රෝන ගිහින් බල්බ් එකට එන්න ඕනේ නිසා තත්පර බාගයක් හරි, තත්පර 1ක් හරි යයි කියලා. ඒත් ප්‍රෙහෙලිකාව හදපු කෙනා දුන්න උත්තරේ වුණේ 1, ආලෝකයේ වේගයෙන් බෙදුවාම එන පිළිතු​ර! ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් මීටර 1ක දුරක් යන්න ගතවෙන කාලය. (ආසන්න වශයෙන් නැනෝ තත්පර 3.3ක්). මේ උත්තරේ ඇහුවම ගොඩක් අය කිව්වේ "ඒක වැරදියි", "ඒකෙන් භෞතික විද්‍යාවේ නීති උල්ලංඝනය වෙනවා" කියලා. ඒත් ඇත්තටම මේ උත්තරේ 100%ක් නිවැරදියි. මේක තේරුම් ගන්න නම්, අපි විදුලිය ගැන හිතාගෙන ඉන්න ප්‍රධාන වැරදි මත 3ක් නිවැරදි කරගන්න ඕනේ. වැරදි මත 1: ඉලෙක්ට්‍රෝන මගින් Battery එකේ ඉඳන් බල්බ් එකට ශක්ති​ය අරන් යනවා 🔋🚶‍♂️ අපි හිතන්නේ ඉලෙක්ට්‍රෝන බැටරියෙන් ශක්තිය පටවගෙන වයර් එක දිගේ ගිහින් බල්බ් එක ළඟදී ඒක නිදහස් කරනවා කියලා. හැබැයි ඔබ වයර් එකක් ඇතුළට Zoom කරලා බැලුවොත්, එතන තියෙන්නේ ධන ආරෝපිත පරමාණුක න්‍යෂ්ටි ජාලයක් සහ ඒ වටේ නිදහසේ සැරිසරන සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගොඩක්. මේ ඉලෙක්ට්‍රෝන තත්පරයට මීටර මිලියනයක වගේ මාරම වේගයකින් හැම දිශාවකටම අහඹු ලෙස චලනය වෙනවා. හැබැයි අපි විදුලියක් ගමන් කරනවා කියලා කියන "Drift velocity" එක (ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වයර් එක දිගේ ඉස්සරහට ඇදෙන වේගය) තත්පරයට මිලිමීටර් 0.1කටත් වඩා අඩුයි! ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ගොළුබෙල්ලෙකුටත් වඩා හෙමින්. ඉතින් කොහොමද මේ තරම් හෙමින් යන ඉලෙක්ට්‍රෝන Switch එක දාපු ගමන්ම බල්බ් එකට ශක්ති​ය අරන් යන්නේ? ඇත්තටම වෙන්නේ, ඉලෙක්ට්‍රෝන වයර් එකේ තියෙන පරමාණුක දැලිස එක්ක හැප්පිලා තමන්ගේ Kinetic energy (චාල​ක ශක්තිය) ඒ පරමාණුවලට ලබා දෙනවා. එතකොට පරමාණු කම්පනය වෙලා රත් වෙලා ආලෝකය නිකුත් කරනවා. හැබැයි හැප්පෙන්න කලින් ඉලෙක්ට්‍රෝනයට මේ වේගය ලැබුණේ කොහෙන්ද? ඒක බැටරියෙන් ගෙනාපු එකක් නෙවෙයි. ඉලෙක්ට්‍රෝනයට ඒ ශක්තිය දුන්නේ වයර් එක ඇතුළේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය මගින්. හැප්පෙන හැම වතාවකදීම ඉලෙක්ට්‍රෝනයට ආයෙමත් වේගයක් දෙන්නේ මේ විද්‍යුත් ක්ෂේත්‍රය. වැරදි මත 2: ඉලෙක්ට්‍රෝන එකිනෙකා තල්ලු කරගෙන වයර් එක දිගේ යනවා 💧 අපි හිතනවා බටයක් ඇතුළේ වතුර ගලනවා වගේ, එක ඉලෙක්ට්‍රෝනයක් තව එකක් තල්ලු කරාම මුළු පේළියම ඉස්සරහට යනවා කියලා. ඒකත් වැරදියි. (හැබැයි මේක තමයි ප්‍රසිද්ධම වැරදි මතය) වයර් එකක් ඇතුළේ ධන ආරෝපිත පරමාණු සහ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සමානයි. ඒ නිසා වයර් එක ඇතුළේ සමස්ත Charge density එක බිංදුවයි. එක ඉලෙක්ට්‍රෝනයක් අනිත් ඉලෙක්ට්‍රෝනයට දෙන විකර්ෂණ බලය, ඒ ළඟම තියෙන ධන අයනය මගින් සම්පූර්ණයෙන්ම Cancel කරලා දානවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වලට එකිනෙකා තල්ලු කරගෙන ඉස්සරහට යන්න බෑ. ඒවා ඉස්සරහට තල්ලු කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය මගින් විතරයි. වැරදි මත 3: විද්‍යුත් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම එන්නේ Battery එකෙන් ⚡🏢 මේ

🌈🌍I M J P 🌏✨
🌈🌍I M J P 🌏✨
Open In TikTok:
Region: LK
Monday 22 June 2026 05:51:41 GMT
8790
182
5
22

Music

Download

Comments

imjbandara
🌈🌍I M J P 🌏✨ :
ක තමයි ගොඩක් අයට වැරදුණු තැන. බැටරියේ ධන සහ සෘණ අග්‍ර තියෙන නිසා එතනින් එන විද්‍යුත් ක්ෂේත්‍රයෙන් තමයි මුළු වයර් එකේම ඉලෙක්ට්‍රෝන තල්ලු කරන්නේ කියලා අපි හිතනවා. ඒත් එහෙම වුණා නම්, බල්බ් එක බැටරියට ළං කරද්දී බල්බ් එක ගොඩක් දීප්තිමත්ව පත්තු වෙන්න ඕනේ, මොකද බැටරිය ළඟ ක්ෂේත්‍රය වැඩියි. ඒත් එහෙම වෙන්නේ නෑ. ඇත්තටම වයර් එක ඇතුළේ විද්‍යුත් ක්ෂේත්‍රය හැදෙන්නේ බැටරියෙන් විතරක් නෙවෙයි, වයර් එකේ මතුපිට හැදෙන ආරෝපණ මගින්. Switch එක on කරපු ගමන් වයර් එක මතුපිට ආරෝපණ අනුක්‍රමණයක් (Gradient of charge) ගොඩනැගෙනවා. මේ ආරෝපණ ස්ථානගත වෙන්න ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න ඕනේ ප්‍රෝටෝනයක අරය තරම් ඉතාම කුඩා දුරක් විතරයි. ඒ නිසා මේ Surface charges සකස් වීම ආලෝකයේ වේගයෙන් සිද්ධ වෙනවා. Ben Watson කියන විදුලි ඉංජි නේරුවා මේකට ලස්සන උපමාවක් දුන්නා: බැටරිය හරියට එඬේරෙක් වගේ. වයර් මතුපිට තියෙන Surface charges හරියට බැටළුවෝ බලාගන් න බල්ලන් (Sheepdogs) වගේ. ඉලෙක්ට්‍රෝන කියන්නේ බැටළුවෝ. එඬේරාගේ විධානයට අනුව බැටළුවෝ බලාගන් න බල්ලන් තමයි බැටළුවන්ව නිසි පාරේ දක්කගෙන යන්නේ. 🐑🐕‍🦺 ශක්ති ය ගමන් කරන්නේ කොහොමද? (The Poynting Vector) 🌌🚀 දැන් අපි එමු වැදගත්ම රහසට. ඉලෙක්ට්‍රෝන වලින් ශක්ති ය අරන් යන්නේ නැත්නම්, කොහොමද බැටරියේ තියෙන ශක්ති ය බල්බ් එකට යන්නේ? පිළිතුර තමයි: ශක්ති ය ගමන් කරන්නේ වයර් එක ඇතුළෙන් නෙවෙයි, වයර් එක වටේ තියෙන අවකාශය හරහා! මේක පැහැදිලි කරන්න භෞතික විද්‍යාවේ Poynting vector කියලා සංකල්පයක් තියෙනවා. මේකෙන් පෙන්නන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් කිය න දෙකේ එකතුවෙන් ශක්ති ය ගමන් කරන දිශාව. ඇත්තටම වයර් එකක් කරන්නේ මේ ක්ෂේත්‍ර වලට ගමන් කරන්න පාරක් හදලා දෙන එක විතරයි. ශක්ති ය ගමන් කරන්නේ වයර් එකෙන් පිටත තියෙන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර හරහා. රැහැන් රහිතව ෆෝන් චාජ් කරන්නේ (Wireless charging), WiFi සිග්නල් වලින් ශක්ති ය යවන්නේ මේ සංකල්පය පාවිච්චි කරලා. දැන් අපි ආ යේ අර කිලෝමීටර් 300,000ක් දිග Circuit එක දිහා බලමු. 🧩🔍 Switch එක ඕෆ් කරන්න කලින්, වයර් එක පුරාම Surface charges හැදිලා තියෙන්නේ වයර් එක ඇතුළේ විද්‍යුත් ක්ෂේත්‍ර ය බිංදුව වෙන විදිහට. Switch එක ඕෆ් කරපු ගමන්ම, Switch එක දෙපැත්තේ තියෙන ආරෝපණ එකිනෙක උදාසීන වෙනවා. ඒ මොහොතේම අලුත් විද්‍යුත් ක්ෂේත්‍ර ය ආලෝකයේ වේගයෙන් අවකාශය හරහා පිටතට විහිදෙනවා. බල්බ් එක තියෙන්නේ Switch එකේ ඉඳන් හරියටම මීටර 1ක් දුරින්. ඒ නිසා මේ විද්‍යුත් ක්ෂේත්‍ර ය මීටර 1ක් දුර ගෙවාගෙන ගිහින් බල්බ් එකට වදින්න ගතවෙන්නේ ආලෝකයේ වේගයෙන් මීටර 1ක් ය
2026-06-22 05:51:52
1
lakse97rsk
🇱🇰ravindusunanjanakumara :
ධාරාව සහ වෝල්ටීයතාව
2026-06-23 01:18:02
0
imjbandara
🌈🌍I M J P 🌏✨ :
මිනිස්සු මේකට විරුද්ධ වුණේ ඇයි? සාමාන්‍යයෙන් අපි Circuit එකක් අඳිද්දී පාවිච්චි කරන්නේ ඕම්ගේ නියම ය (V=IR) සහ Lumped element model කියන සරල ක්‍රමය. ඒත් මේ වගේ මහා පරිමාණ Circuit එකකදී වයර් දෙක අතර තියෙන අවකාශය හරහා සිදුවෙන ක්‍රියාවලිය (Capacitance (ධාරිතා බලය) සහ Inductance (ප්‍රේරතාවය)) සලකා බලන්න වෙනවා. මේකට කියන්නේ Distributed element model කියලා. ආලෝකයේ වේගයෙන් මේ සිග්නල් එක මීටර 1ක් දුරින් තියෙන බල්බ් එකට ගියාම, සම්පූර්ණ ධාරාවම ගලාගෙන යන්නේ නැති වුණත්, ආසන්න වශයෙන් මිලිවොට් 14ක වගේ පොඩි power එකක් බල්බ් එක හරහා ගමන් කරනවා. මේක සාමාන්‍ය ලොකු බල්බ් එකක් පත්තු කරන්න මදි වුණත්, LED බල්බ් එකක් ඉතා පැහැදිලිව පත්තු කරන්න හොඳටම ප්‍රමාණවත්! අනික මේකෙන් "Causality" උල්ලංඝනය වෙන්නේ නෑ. මොකද අර කිලෝමීටර් 300,000ක් දුරින් වයර් එක කැඩිලා තිබුණත්, පළමු නැනෝ තත්පර කිහිපයේදී මේ බල්බ් එක ඒ විදිහටම පත්තු වෙනවා. වයර් එක කැඩිලා කියලා සිග්නල් එක ආපහු බල්බ් එකට එන්න තත්පරයක් ගතවෙනවා. ඒ තත්පරය ඇතුළතදී බල්බ් එක දන්නේ නෑ වයර් එක කැඩිලා කියලා. අපි වෝල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය වගේ වචන පාවිච්චි කරන්නේ අපේ වැඩ ලේසි කරගන්න වුණත්, විදුලිය පිටිපස්සේ ඉන්න හැබැයිම වීරයෝ වෙන්නේ "Fields" එහෙමත් නැත්නම් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර. ඉලෙක්ට්‍රෝන කියන්නේ නිකන්ම නිකන් මේ ක්ෂේත්‍ර වලට යටත් වු න ඉත්තෝ ටිකක් විතරයි. 📌 මේක ඇත්තටම අපේ මොළය අවුල් කරන විද්‍යාත්මක සොයාගැනීමක් නේද? 🤯 සමහර අයට මේක නොතේරුණත් ඉලෙක්ට්‍රොනික්ස් වලට ආස අයට මේක ගොඩක් ආස හිතෙන ලිපියක් වෙන්න ඇති. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? විදුලිය ගැන මේ වගේ අලුත් දෙයක් ඔයා මීට කලින් දැනගෙන හිටියාද? පහළින් Comment කරලා ඔයාගේ අදහස කියන්න. ඒ වගේම භෞතික විද්‍යාවට ආදරය කරන, අලුත් දේවල් ඉගෙන ගන්න ආසා කරන අයට මේ ලිපිය අනිවාර්යයෙන්ම Share කරන්න. Like එකකුත් දාගෙනම යන්න! 👍😊🔬
2026-06-22 05:52:03
3
www.rockykr.com
OC :
ආලෝක වර්ශ කියන්නෙ කාලය මනින එකක් යකෝ..හරි නෑ කියමුකෝ ආලෝකයක් වර්ශයට යන දුර බෙදුවම මාස 6යි යකෝ ආලෝකය මාස හයට කිලෝ මීටර් 150000ද යන්නෙ
2026-06-23 03:31:05
2
.b_a_d_wolf_
❍𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀ツ :
නිකෝලො ටෙස්ලා විදුලිය ගමන් කරන්න හදපු ටවර් එකෙන් තමයි අද අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් හැදුවෙ , එදා තිබුන එකම ප්‍රශ්නෙ පාවිච්චි කරන්නාට බිලක් දෙන්න ක්‍රමයක් නැති එක මීටරයක් සවි කිරිමට නොහැකි නිසා එම තාක්ශනය වාසි පැත්තකට හැරෙව්වා
2026-07-07 15:15:40
0
To see more videos from user @imjbandara, please go to the Tikwm homepage.

Other Videos


About