@asha6389: නවතණ්හාමූලක සූත්‍රය 23 “මහණෙනි, තෘෂ්ණා මූලික ධර්ම නවය දේශනා කරන්නෙමි. එය මනා කොට අසවු. හොඳට මෙනෙහි කරවු. කියන්නෙමි” යනුයි. “ස්වාමීන් වහන්ස. එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. “මහණෙනි, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්ම නවය කවරහුද? තෘෂ්ණාව නිසා තෘෂ්ණාවෙන් භොගයන් සෙවීම වෙයි. සෙවීම නිසා ලාභය වෙයි. ලාභය නිසා මගේ යයි විනිශ්චය වෙයි. විනිශ්චය නිසා දැඩි ආශාව වෙයි. ආශාව නිසා මමය, මාගේයයි සනිටුහන් කර ගැනීම වෙයි. සනිටුහන් කිරීම නිසා තෘෂ්ණා දෘෂ්ටියෙන් දැඩිව අල්ලාගැනීම වෙයි. දැඩිව අල්ලාගැනීම නිසා මසුරුකම වෙයි. මසුරු බව නිසා ආරක්‍ෂා කිරීමට හේතු වෙයි. අඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලහය, විරුද්‍ධවාදය (නුඹය, නුඹය) යන ප්‍රියශූන්‍ය මුසාවාද වූ නොයෙක් ලාමකවූ අකුශල ධර්‍මයෝ ලැබීම වෙත්. මහණෙනි, මේ නවය, තෘෂ්ණාව මුල්කොට ඇති ධර්මයෝය.”
බුදු දහමෙන් නිවන් මඟට ☸️
Region: IL
Thursday 25 June 2026 19:12:26 GMT
Music
Download
Comments
Sachi.2000 :
🙏🙏🙏
2026-06-26 01:19:55
1
gayana maduwanthie perera :
🙏🙏🙏🙏
2026-06-26 01:06:30
1
Sanjaya Prasad :
🙏🙏🙏
2026-06-28 16:17:52
1
To see more videos from user @asha6389, please go to the Tikwm
homepage.