@achintha_madushan_: " ඒක එදා ඉදන්ම මගෙ හිතේ තිබුණා, ඔයා මං ළඟ නැතත් කොහේහරි හොඳින් ඉන්න ඕනෙ කියලා. මුල ඉදලම හිතේ ඒ නුහුරු ගතිය දැනුනා. සමහර විට ඒ දැනෙන දවස්වලම මං ඒ දේවල්වලට හුරුවුණා නම් කියලා කාලෙකට පස්සෙ ඔයාව මතක් වෙද්දි මට හිතුනා. අපි ආදරය කරන මිනිස්සුන්ගෙ වෙන්වයාම් සමහර විට අපේ ජීවිත කාලෙ පුරාම හදවතේ කැළලක් විදිහටම පවතිනවා. කාලෙකට පස්සෙ ඒ තදට දැනෙන ගතිය අඩුවේවි කියලා මං දන්නවා ඒත් අපි කොච්චර සූදානම් වුණත් අපේ හදවත තාම ඒ දේට සූදානම් නෑ. ඉතින් සමහර විට අපි ඒ මිනිස්සුත් එක්ක අපේ ජීවිතේ අවසාන හරිය දැකලා ඉවරයි, ඒ වුණත් අද අපි ළඟ ඒ මිනිස්සු නැති විත්තිය හදවත පිළිගන්න සූදානමක් නෑ. ඒක හරියටම චිත්‍ර කතාවක ප්‍රධාන චරිතය මඟදි මකන්න වෙනවා වගේ සිදුවීමක්. එතකොට ඒකෙ කිසිම තේරුමක් නැති රූප ගොඩක් විතරක් වෙනවා. දන්නවද ඔය දේම අපි ආදරය කරන මිනිස්සුත් එක්ක මවපු ඉස්සරහ ජීවිතයට කරන්නත් වෙනවා. මම කොහොමද එහෙම්පිටින්ම ඔයාව මකන්නෙ ? කාලෙකට පස්සෙ සම්පූර්ණයෙන්ම ඒ තැනට වෙන මනුස්සයෙක් replace කරන්නේ ? සමහර දේවල් හිතෙනකොටත් මාරම අමාරුයි. ඒත් ජීවිතය අත්හැරලා බෑ. ඔයා දවසක හිනාවෙලා ඉන්නව මට බලන්න ඕනෙ. මං ළඟ නැතත් ඔයා දවසක හිනාවෙද්දි ඉබේම මගෙ මූණටත් හිනාවක් ඒවී, හැමදාටම!" 🤍 #backgroundvideo #foryouシ #achintha_madushan #achi #qoutes
𝗔𝗰𝗵𝗶 🤍 !
Region: LK
Friday 26 June 2026 17:47:19 GMT
Music
Download
Comments
Chanu_ 🦕 :
💗💗💗
2026-06-27 01:50:20
0
Chanu_ 🦕 :
Hmmm 😭
2026-06-27 01:50:32
0
piyu..💞 :
caption Ek dennko🥺♥
2026-06-27 04:01:40
0
KaVi💗💸 :
🙂❤️🩹
2026-06-27 05:54:53
0
chenu boy :
@a
2026-06-28 11:21:51
0
චූටි දෝණි🐹👑 :
2026-06-28 19:09:51
0
To see more videos from user @achintha_madushan_, please go to the Tikwm
homepage.