@dronemudiyanse: ශ්‍රී ලංකාවේ අනාගතය වතුර මත පාවෙයි...😁 හරිම සතුටුයි අප්පා මේවා දකිනකොට...💪 මේ Kiriibban Wewa Floating Solar PV Project එක..🫡 "Solar Panels වැව මත පාවෙනවා?" 😲 ඔව්... ඒක ඇත්තක්... Kiriibban Wewa Floating Solar PV Project කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු පාවෙන Solar Power Project එක… මේක තියෙන්නෙ සෙවනගල... South Korea support එකෙන් කරපු සුපිරි වැඩක්... මේ project එක ආරම්භ කරලා තියෙන්නෙ නම් හැබැයි 2023 ජනවාරි.. විශේෂත්වය තමයි මේක වැව මත පාවෙන platform එකක් උඩ කරලා තියෙන එක. මේ වගේ pilot projects දෙකක් Kiriibban Wewa සහ Chandrika Wewa, වල 1 MW බැගින් ඉදිකරලා ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. (2MW) මේ නිසා ලැබෙන වාසිනම් පට්ට... �ගොඩබිම වැය වෙන්නේ නැහැ.�වතුර නිසා panels ටික cool වෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාව වැඩි වෙන්න පුළුවන්...�වැවේ වතුර වාෂ්ප වීමත් අඩු කරන්න පුළුවන්... ගොඩක් අය හිතනවා මේකෙන් වැව ළඟ ගම්වලට විතරයි current යන්නෙ කියලා.. එහෙම නෑ. මෙම ව්‍යාපෘතියෙන් නිපදවන විදුලිය ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතිය (National Grid) එකට එකතු වෙනවා. ඒ කියන්නෙ... ඔබ කොළඹ හිටියත්, මාතර හිටියත්,�යාපනයේ හිටියත්, අනුරාධපුරේ හිටියත්... මේ වගේ ව්‍යාපෘති වලින් නිපදවන විදුලිය මම, ඔබ භාවිතා කරන National Grid එකටම එකතු වෙනවා…💪 ශ්‍රී ලංකාවේ දවසක විදුලි අවශ්‍යතාව = 45 - 50 GWh වෙනවා.. Kiriibban Wewa Floating Solar Project (1 MW) එකකින් දවසකට = 8,000 - 8,500 kWh නිපදවන්න පුළුවන්. Ex මේකෙන් කොළඹ නගරය cover කලොත් කොහොම තියේද guys…🤪 කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රටේ විදුලි භාවිතයෙන් ආසන්න වශයෙන් 20 - 25% පාවිච්චි කරනවා කියලා සැලකුවොත්... කොළඹට දවසකට අවශ්‍ය විදුලිය = 9 - 12 GWh වගේ වෙනවා.. ඒක Kiriibban Wewa එක්ක සසඳලා බලද්දී නම් කුඩා අගයක්... 12 GWh ÷ 0.008 GWh. = 1,500 projects ඒ කියන්නේ... කොළඹ නගරය පමණක් මේ වගේ 1 MW Floating Solar Projects වලින්ම සම්පූර්ණයෙන් power කරන්න නම්, ආසන්න වශයෙන් Projects 1,100–1,500 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න පුළුවන්... හැබැයි මේකේ වැදගත්ම කාරණාව 👇 මේකෙන් කියන්නේ අපිට projects 1,500ක් හදන්න ඕනේ කියන එක නෙවෙයි... ඇත්තටම රටවල් කරන්නේ… විශාල Solar Parks Wind Farms Hydro Power Battery Storage Rooftop Solar මේ හැම එකක්ම එකට එකතු කරලා Grid එක balance කරන එක… උදාහරණයක් විදියට, 100 MW Solar Park එකක් කියන්නේ Kiriibban Wewa වගේ 100ක් එකතු කරපු තරම් capacity එකක්... එතකොට ඔයාලට Kiriibban Wewa කියන්නේ බිංදුවක් වගේ පේනවා ඇති...�හැබැයි මුහුදක් හැදෙන්නෙත් බිංදු එකතු වෙලා... රටක බලශක්ති විප්ලවයක් ඇති වෙන්නෙත්, මේ වගේ පුංචි ව්‍යාපෘති දහස් ගණනක් සහ විශාල Solar, Wind, Hydro ව්‍යාපෘති එකට වැඩ කරනකොටයි… අපිට හිරු එළියත් තියෙනවා... වැව්ත් තියෙනවා... දැන් අවශ්‍ය වෙන්නේ දූරදර්ශී සැලසුම් විතරයි.. අපේ රටේ, ලොකු පුටුවල වැඩකරන උදවිය කකුලෙන් අදින් නැතුව හිටියොත්, මේ රට ගොඩ දාන්න පුලුවන්.. මොකද අපේ රටේ වැඩිපුරම dollars වියදම් කරන්නෙ electricity සදහා තෙල් ගේන්න කියලයි මම අහලා තියෙන්නෙ... මතකයි කාලයක් ඩීසල් නැව් මුහුදේ තියලා, පරක්කු කරලත් අහවල් රටේ කට්ටිය match ගැහුවා... මක්නිසාද ඉර එලියෙන් සාක්කු පිරෙන් නෑනෙ.. එත් ඩීසල් ගේනකොට එහෙම නෙමෙයි නේ...😌 බොරුවට අසාධාරණයට දූෂණයට පගාවට විරුද්ධව නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙනවනම්, ඇත්තටම මේක ගොඩදාන්න පුලුවන් රටක්... ඒකට අපි හැමෝම එකතු වෙන්න ඕනෙ පක්ෂ පාට ජාති ආගම් භේද නැතිව...🙏 ජයවේ ශ්‍රී ලංකා...💪❤️🫡 #FloatingSolar #KiriibbanWewa #sevanagala #SolarEnergy #dronemudiyanse
Isuru Mudiyanse
Region: LK
Friday 26 June 2026 20:05:21 GMT
Music
Download
Comments
පොඩිය 🦅🩷 :
2026-08-04 22:33:56
0
Sajith Nadeeshan :
SriLanka ❤️🇱🇰 #AKD
2026-06-27 11:23:57
8
Secret of Ceylon :
2026-06-27 06:19:29
8
රශී🖤 :
ඉබ්බන්කටුවෙත් හදල නේද
2026-06-28 13:05:34
2
Sachintha Dilshan 𓍯 :
Gama💗
2026-06-27 12:04:01
1
ASANKA -아사-💫👣 :
ගම ❤️😍
2026-06-27 14:15:46
2
D—🖇🫀✨ :
Adee gama😁💗
2026-06-27 02:14:59
1
Sithvin NImtharu :
nice view
2026-07-14 02:49:41
0
Thili :
woow
2026-07-14 16:28:04
0
Secret of Ceylon :
2026-06-27 06:19:14
3
THUSHAL RASHMI (Athal Travel) :
Gama 🥰
2026-06-27 06:43:43
3
Secret of Ceylon :
EPI අපි කරපු කිරිඉබ්බන්ආර ව්‍යාපෘතිය
2026-06-27 05:53:30
4
ⱫØⱫØ QØɄ₮Ɇ₴🗿✌️ :
Bro is getting risky shot 🥵💀
2026-06-27 02:08:29
2
Secret of Ceylon :
2026-06-27 06:19:40
2
isurumadusanka927 :
දබුල්ල ඉබ්බන්කටුව වැවේත් මෙගා වොට් 5ක එකක් ගහල තියෙන්නේ 🥰
2026-06-27 11:51:14
0
DP :
e video ekata dala tyena sinduwath ekka meka baladdi marama feeling ekak danenne❤️
2026-06-27 05:09:22
1
Viraj :
Ibbankatuweth gahala thiyenne
2026-06-27 10:51:33
0
සමනලයා මල හා ළමයා 😂😂😂😂😂😂 :
මෙගා වොට් කීයක්ද
2026-06-27 09:29:23
0
irusha drone graphy :
🥰🥰🥰
2026-06-27 04:16:31
1
🧚🏻♂️𝙹𝚊𝚢𝚊𝚖𝚒𝚗𝚒🧚🏻♀️ :
❤️❤️❤️
2026-07-25 13:48:27
0
🦁🏞️ Oshi🍁🌈️ :
🥰🥰🥰
2026-06-28 14:04:30
0
A🦕💗👀 :
💗
2026-07-25 18:18:00
0
Shani Jayasingha :
❤️❤️❤️
2026-06-26 20:55:41
0
To see more videos from user @dronemudiyanse, please go to the Tikwm
homepage.