@sew1305_: ලේ ගලන තුවාලවලට වඩා රිදෙන්නේ දැනුණු මිනිස්සුන්ගේ වෙනස්කම්. මොකද ශරීරයේ තුවාලයක් කාලයත් එක්ක සුව වෙලා කැළලක් විතරක් ඉතිරි කරනවා. ඒත් හිතට ළං වෙලා, විශ්වාසයක් දීලා, “හැමදාම ඉන්නවා” කියපු මිනිස්සු ටිකෙන් ටික වෙනස් වෙද්දී හදවතේ ඇතිවන තුවාල කාලයත් එක්කවත් සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ. අපි තවමත් කලින් වගේම ආදරේ කරනවා. කලින් වගේම බලාගෙන ඉන්නවා. කලින් වගේම හොයනවා. ඒත් එයාලා… කලින් වගේම ආපහු එන්නේ නැහැ. රිදෙන්නේ එයාලා ඈත් වුණු නිසා විතරක් නෙවෙයි, කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි තැබූ විශ්වාසය නිහඬවම බිඳ වැටුණු නිසයි. ඒ නිසාම ලේ ගලන තුවාලවලට බෙහෙත් තිබුණත්, දැනුණු මිනිස්සුන්ගේ වෙනස්කම් නිසා හිතේ ඇතිවන තුවාලවලට බෙහෙතක් නැහැ. සමහර තුවාල ඇස්වලට පේන්නේ නැහැ… ඒත් ඒවා තමයි හදවතට වැඩියෙන්ම රිදෙන්නේ…!❤️🩹😞
B I N U🍂
Region: LK
Tuesday 30 June 2026 03:25:17 GMT
Music
Download
Comments
ՏIᑎᗴTᕼ ☁️" :
ඉවසනවා කියලා කොච්චරක් පුලූවන් ද 🙂💔
2026-06-30 03:32:04
2
To see more videos from user @sew1305_, please go to the Tikwm
homepage.