@demulla.ke: World cup round of 16 flag challenge. How many got it right?😂😂😂 #fypシ #officetiktok #kenyantiktok🇰🇪 #worldcup2026 #worldcup

demulla.ke
demulla.ke
Open In TikTok:
Region: KE
Friday 03 July 2026 09:06:17 GMT
1137
43
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @demulla.ke, please go to the Tikwm homepage.

Other Videos

අපි සායනයට (Clinic) යමු. වයස අවුරුදු 50ක විතර කෙනෙක් දොස්තර මහත්තයා ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. දොස්තර මහත්තයා රිපෝට් එක බලලා ඔළුවේ අත ගහගන්නවා.
අපි සායනයට (Clinic) යමු. වයස අවුරුදු 50ක විතර කෙනෙක් දොස්තර මහත්තයා ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. දොස්තර මහත්තයා රිපෝට් එක බලලා ඔළුවේ අත ගහගන්නවා. "සුමිත්... ඔයාගේ සීනි (FBS) 250 යි. පහුගිය මාස 3 සාමාන්‍යය (HbA1c) 9 යි. ඔයා බෙහෙත් බොන්නේ නැද්ද? සීනි කනවද?" සුමිත්ට කේන්ති යනවා. "අනේ ඩොක්ටර්... මම මේ අවුරුදු 5ටම තේ එකට සීනි ඇටයක් දාලා නෑ. පැණි රහ කෑමක් දිහා බලන්නෙවත් නෑ. මම පුදුම පාලනයකින් ඉන්නේ." දොස්තර මහත්තයා හිනාවෙලා අහනවා මෙහෙම. "හරි... ඊයේ රෑට මොනවද කෑවේ?" "ඊයේ රෑ... රතු බත් කෑවේ. පරිප්පුයි, මාළුයි එක්ක." "බත් කොච්චර කෑවද?" " පිගන් දෙකක් විතර කෑව." දොස්තර මහත්තයා සුසුමක් හෙළුවා. "සුමිත්... ඔයා තේ එකේ සීනි හැන්ද නතර කළා තමයි. ඒත් ඔයා රෑට කාපු ඒ බත් පිගන් දෙක, ඔයාගේ බඩ ඇතුළේදී සීනි ගොඩක් බවට පත් වුණා කියලා ඔයා දන්නවද?" සුමිත්ගේ ඇස් උඩ ගියා. "බත් කියන්නේ සීනි ද?" 1. අපි නොදන්න "කාබෝහයිඩ්‍රේට්" (Carbohydrates) රහස අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ "දියවැඩියාව" හැදෙන්නේ "සීනි" (Sugar) කෑවම විතරයි කියලා. ඒක තමයි ලොකුම මුලාව. ඔබ කන බත්, පාන්, ඉදිආප්ප, රොටි, අල, මඤ්ඤොක්කා... මේ හැම දේම අයිති වෙන්නේ "පිෂ්ඨය" (Starch) ගොඩට. මේ කෑමක් ඔබේ බඩට ගියාම, ජීරණ පද්ධතිය විසින් කරන්නේ එකම එක දෙයක් විතරයි. ඒ බත් ටික හෝ පාන් ටික, අඹරලා "ග්ලූකෝස්" (Glucose) බවට පත් කරන එක. ග්ලූකෝස් කියන්නේ මොනවද? ඒ කියන්නේ සීනි. සරලවම කිව්වොත්: ඔබ සීනි හැන්දක් කෑවත්, පාන් පෙත්තක් කෑවත්... අන්තිමට ඔබේ ලේ වලට එකතු වෙන්නේ එකම ජාතියේ සීනි. ඉතින් හිතන්න... ඔබ උදේට තේ එකට සීනි දැම්මේ නෑ කියලා සතුටු වෙනවා. (සීනි හැඳි 2යි බේරගත්තේ). හැබැයි උදේට කඩෙන් ගෙනාපු ඉදිආප්ප 20ක් විතර කෑවා, සීනි හැඳි කිහිපයක් ඇඟට ගියා. දවල්ට බත් කන්දකුත් කෑවා, තවත් සීනි හැදී කීපයක් ඇඟට ගියා. රෑට රොටි 4කුත් කෑවා. මරු...තවත් සීනි ගොඩක් ඇගට දා ගත්ත . දවස අවසානයේ ඔබ නොදැනුවත්වම සීනි කන්දක් කාලා ඉවරයි. ඔබේ දියවැඩියාව කවදාවත් පාලනය නොවෙන්නේ ඒකයි. 3. "රතු බත් කෑවම අවුලක් නෑ" - මෙන්න තවත් මිත්‍යාවක්! ගොඩක් අය සුදු බත් වෙනුවට රතු බත් කනවා. ඔව්, රතු බත්වල තන්තු (Fiber) වැඩි නිසා සීනි උරාගන්න වේගය ටිකක් අඩුයි. ඒත් මතක තියාගන්න... රතු බත් වලත් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්ම තමයි. ඔබ රතු බත් වුණත් "කන්දක්" කෑවොත්, ඔබේ සීනි අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ⚠️ එහෙනම් අපි මොනවද කන්නේ? බඩගින්නේ මැරෙන්නද කියන්නේ ? නැහැ. විසඳුම තියෙන්නේ නොකා ඉන්න එකේ නෙවෙයි. "පිඟාන බෙදාගන්න විදිහේ" (Plate Model). අද ඉඳන් කෑම බෙදාගන්නකොට මේ නීතිය දාගන්න: ​🛑 පිඟානෙන් භාගයක් (1/2): පලා වර්ග, එළවළු, සලාද වලින් පුරවන්න. (මේවායින් බඩ පිරෙනවා, විටමින් ලැබෙනවා, සීනි වැඩි වෙන්නේ නෑ). ​🛑 පිඟානෙන් කාලක් (1/4): මස්, මාළු, බිත්තර, පියලි ඇට (ප්‍රෝටීන්) බෙදාගන්න. ​🛑 ඉතුරු කාල (1/4) විතරක්: බත් බෙදාගන්න. (බත් කෝප්පයක් වගේ ප්‍රමාණයක්). සුමිත් එදා ඉඳන් එයාගේ "බත් කන්ද" පැතලි කළා. එළවළු කන්දක් ගොඩ ගැහුවා. මාස 3ක් යනකොට එයාගේ සීනි මට්ටම නෝමල් වුණා. ඔබ තේ එකේ සීනි නතර කළ එක බොහොම හොඳයි. ඒත් කරුණාකරලා ඒ පරිත්‍යාගය, "බත් කන්දකට" යට වෙන්න දෙන්න එපා. ඔබේ හිතවතුන් දැනුවත් කිරීම සඳහා මෙය share කරන්න.ඔබේ අත්දැකීම් සහ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ස්තූතියි. හෙදියකගේ දිනපොත

About