@asha6389: අර්‍ධචිත්තානුයොග සූත්‍රය 103 “මහණෙනි, සමථ විදර්‍ශනාවන්හි යෙදී වාසය කරන්නාවූ භික්‍ෂුව විස්න කලින් කල කරුණු තුනක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල වීර්‍ය්‍යය පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්‍ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කළ යුතුය. “මහණෙනි, සමථ විදර්‍ශනාවන්හි යෙදුනාවූ මහණ තෙමේ ඉදින් සමාධිය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම්, එය සිත කුසීත භාවයට වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්‍ශනාවන්හි යෙදුන භික්‍ෂුව, ඉදින් වීර්‍ය්‍යය පිළිබඳ කරුණුම ඒකාන්තයෙන් මෙනෙහි කරන්නේ නම්, සිත වික්‍ෂිප්ත භාවයෙහි වැටීමට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් සමථ විදර්‍ශනාවන්හි යෙදුණු භික්‍ෂුව ඒකානතයෙන් උපෙක්‍ෂාව පිළිබඳ කරුණුම මෙනෙහි කරන්නේ නම්, සිත ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස මනාව එකඟ නොවීමට හේතු ඇත්තේය. “මහණෙනි, යම් කලෙක සමථ විදර්‍ශනාවන්හි යෙදුනාවූ භික්‍ෂුව කලින් කල සමාධිය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, කලින් කල වීර්‍ය්‍යය පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, කලින් කල උපෙක්‍ෂාව පිළිබඳ කරුණු මෙනෙහි කරයි නම්, ඒ සිත මෘදුද වෙයි, කර්‍මන්‍යද වෙයි. බබලන්නේද වෙයි, නොබිඳෙන්නේද වෙයි, ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස මනාව සමාධියට පැමිණෙයි. “මහණෙනි, රන්කරුවෙක් හෝ, රන්කරු අතවැසියෙක් හෝ අඟුරු කබලක් පිළියෙල කරන්නේය. අඟුරු කබලක් පිළියෙල කොට එහි අඟුරු දමා, ගිනි දල්වා, නළයෙන් පිඹ ගිනි ගන්වන්නේය. ගිනිගන්වා, අඬුවෙන් රත්රන් ගෙන අඟුරු මැද තබන්නේය. අඟුරු මැද තබා, කලින් කල පිඹින්නේය. කලින් කල වතුර ඉසින්නේය. කලින් කල මධ්‍යස්ථ වන්නේය. මහණෙනි, ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ එකාන්තයෙන් ඉතා වැඩියෙන් පිඹින්නේ නම් ඒ රත්රන් දැවී යන්නට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් ඒ රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ ඒකානතයෙන් වැඩියෙන් වතුර ඉසින්නේ නම්, ඒ රත්රන් නිවී යන්නට ඉඩ ඇත්තේය. මහණෙනි, ඉදින් රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ මැදහත් වන්නේ නම් ඒ රත්රන් මනාව පැසීමට යන්නේය. මහණෙනි, යම් කලෙක රන්කරුවා හෝ රන්කරු අතවැසියා හෝ කලින් කල පිඹින්නේද, කලින් කල වතුර ඉසින්නේද, කලින් කල මැදහත් වන්නේද, ඒ රත්රන් මෘදුද, කර්‍මන්‍යද, බබලන්නේද, නොබිඳෙන්නේද, වෙයි. යම් යම් පළඳනා විකෘති කැමති වෙයි නම්, ඉදින් රන් පටකින්, ඉදින් කුණ්ඩලාභරණයකින්, ඉදින් ග්‍රීවාහරණයකින්, ඉදින් රන් මාලයකින් කැමති වේ නම් ඒ ඒ දෙය සම්පූර්‍ණ වන්නේය. “මහණෙනි, එසේම සමථ විදර්‍ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්‍ෂුව විසින් කරුණු තුනක් මෙනෙහි කළ යුතුය. කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කළ යුතුය. කලින් කල පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කළ යුතුය. කලින් කල උපෙක්ඛා නිමිත්ත (මැදහත්වීම) මෙනෙහි කළ යුතුය. “මහණෙනි, සමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුනාවූ මහණ තෙමේ ඒකාන්තයෙන් සමාධි නිමිත්තම මෙනෙහි කරන්නේ නම් එය සිත කුසීත බව පිණිස පැවැත්මට හේතු වන්නේය. මහණෙනි, ඉදින් සමථ විදර්‍ශනාවෙහි යෙදුණු මහණ තෙමේ ඒකාන්තයෙන් පග්ගහ නිමිත්ත (වීර්‍ය්‍යය) මෙනෙහි කරන්නේ නම් එය වික්‍ෂිප්ත භාවය පිණිස පැවැත්මට හේතු වන්නේය. මහණෙනි, ඉදින් සමථ විදර්‍ශනා භාවනාවෙහි යෙදුණ මහණ තෙමේ උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරන්නේ නම් එය සිත ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස මනාව සමාධියට නොපැමිණීමට හේතු වන්නේය. “මහණෙනි, යම් කලෙක සමථ විදර්‍ශනා භාවනාවෙන් යුත් මහණ තෙමේ කලින් කල සමාධි නිමිත්ත මෙනෙහි කරයිද, කලින් කල පග්ගහ නිමිත්ත මෙනෙහි කරයිද, කලින් කල උපෙක්ඛා නිමිත්ත මෙනෙහි කරයිද, ඒ සිත මෘදුද, කර්‍මන්‍යද, පිරිසිදුද, නොබිඳෙන සුලුද වෙයි. ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස සිත මනාකොට සමාධියට පැමිණෙයි. “අභිඥාවෙන් දතයුතුවූ යම් යම් ධර්‍මයකට අභිඥාවෙන් දැනගැනීම පිණිස සිත නමයිද, ඒ ඒ දෙයෙහි කරුණු ඇති සැටියෙන් හැකි බවට පැමිණෙයි. ඉදින් හෙතෙම කැමති වන්නේ නම් නොයෙක් ඎද්ධිවිධි අනුභව කරන්නේය. “ඉදින් ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තෙමේම විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම්යයි කැමතිවන්නේ නම් කරුණු ඇති සැටියෙන් ඒ ඒ දෙයෙහි කළ හැකි බවට පැමිණෙන්නේය.”

බුදු දහමෙන් නිවන් මඟට ☸️
බුදු දහමෙන් නිවන් මඟට ☸️
Open In TikTok:
Region: IL
Friday 03 July 2026 13:35:44 GMT
784
136
7
9

Music

Download

Comments

umayanadis
K. M. Aarachchi :
🙏
2026-07-04 05:26:32
0
user9471017927950ajith2
user94710179279srilanka :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2026-07-03 20:01:27
0
sanjaya.rt
Sanjaya Prasad :
🙏🙏🙏
2026-07-04 03:12:51
0
samarawickrama1234
shanthisamarawicrama :
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸🙏🌸🌸🙏
2026-07-04 02:32:58
0
dahamlowa
Daham Lowa :
🙏🙏🙏
2026-07-03 15:27:36
0
asanka.jayasanka
asanka jayasanka :
🙏🙏🙏🙏
2026-07-03 13:48:47
0
indunil.prasanna8
Indunil Prasanna :
💐💐💐🙏🙏🙏
2026-07-04 10:09:23
0
To see more videos from user @asha6389, please go to the Tikwm homepage.

Other Videos

RedZone Channel All‑Day Meal Plan 🏈📺 7 hours. 3 meals. Steady energy, big flavor—no crash. Breakfast 🍳 Kickoff Sweet Potato Egg & Spinach Wrap Ingredients: 2 eggs · 1 small sweet potato (diced) · 1 cup baby spinach · 1 whole-wheat tortilla · 2 tbsp salsa Instructions: Microwave sweet potato 3–4 min until tender. Scramble eggs; wilt spinach in the same pan. Fill tortilla with eggs, sweet potato, and spinach; roll tight and serve with salsa. Lunch 🌶️ Blitz Buffalo Chicken Lettuce Cups Ingredients: 1 lb chicken breast (bite-size) · 1/2 cup hot sauce · 1/3 cup Greek yogurt · 8–10 romaine leaves · 1 cup celery (thinly sliced) · 2 tbsp blue cheese crumbles · 1 tsp garlic powder · 1/2 tsp smoked paprika · 1 tsp lemon juice Instructions: Toss chicken with garlic powder and paprika; air-fry at 380°F for 10–12 min until cooked. Mix hot sauce with yogurt and lemon juice; toss chicken to coat. Fill lettuce cups; top with celery and blue cheese. Dinner 🐟 Overtime Honey-Dijon Salmon Sheet Pan Ingredients: 2 salmon fillets (6 oz each) · 1 lb baby potatoes (halved) · 8 oz green beans · 2 tbsp Dijon mustard · 1 tbsp honey · 1 1/2 tbsp olive oil · 1 lemon (zest + wedges) · 1 small garlic clove (minced) · 1/2 tsp salt · 1/4 tsp black pepper Instructions: Toss potatoes with 1 tbsp oil, salt, pepper; roast at 425°F for 20 min. Add green beans (tossed with remaining oil) to the pan; push to edges. Whisk Dijon, honey, lemon zest/juice, and garlic; brush on salmon. Place salmon center; roast 10–12 min until flaky. Finish with lemon wedges. Save this for Sunday, tag your watch party, and follow for more game-day fuel! 🏟️ #gamedayrecipes #nflsunday #highproteinmeals #airfryerrecipes #sheetpandinners

About