@aya_sehaki_: #fyppppppppppppppppppppppp

Aya🪬
Aya🪬
Open In TikTok:
Region: MA
Sunday 05 July 2026 19:32:24 GMT
3182
1039
5
9

Music

Download

Comments

lina._fadi._1
Lin’ss✨ :
Mbbb❤️❤️❤️
2026-07-05 19:35:31
0
hibs.sh
hibs’ :
😍
2026-07-05 19:44:29
0
reem.megzari
reem.megzari :
😍😍😍😍
2026-07-05 19:50:51
0
To see more videos from user @aya_sehaki_, please go to the Tikwm homepage.

Other Videos

“හතරවන වේදිකාවට පැමිණෙ සීඝ්‍රගාමි දුම්රිය කොළබ කොටුව දක්වා පමණයි
“හතරවන වේදිකාවට පැමිණෙ සීඝ්‍රගාමි දුම්රිය කොළබ කොටුව දක්වා පමණයි" ස්ටේෂන් එකෙන් ඇහෙන ඒ සද්දේ පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන්න ගත්තේ මං හෝමාගම බස් නවත්තන තැනට ආව නිසයි. යනකොටම තිබ්බ බස් එක කට කපලා නිසා ඊළඟ එක එනකම් මම පාර දිහා බලන් හිටියා. "එක්ස්කියුස්මී ! ජපුර කැමපස් එකට යන්න පුලුවන් මොන බස් එකේද ?" පිටිපස්සෙන් කෙනෙක් මගේ වම් උරහිසට තට්ටුකරමින් ඈහුවා. "ඔය මහරගම බස් එකක යන්න. ඉක්මනට යන්න පුලුවන්." මම නවතා තිබු මහරගම බස් රථයක් දෙසට ඇඟිල්ල දිගු කර ඇය දෙසට හැරි කීවේය. ක්ෂණයකින් ඇගෙ ඇස් මගේ ඇස් ගැටුනා.මතකයන් ගොන්නක අතීතයට මා ඇදි ගියා. "ඕ මයි ගෝඩ් යුකී.කොහොමද ඔයාට. අෆ්ටර් ටෙන් ඉයර්ස් නේද ?" මා නිරුත්තරයි. තාමත් මම ඒ ඇස් අතර නැවතිලා ඉන්නේ. "හෙලෝ මිස්ටර් මොකෝ කේ ෆ්‍රීස් වෙලා." "නැ නැ හිතුවෙවත් නැති කෙනෙක් හිතුවෙවත් නැති තැනක හම්බුන නිසා පොඩ්ඩක් කන්ෆියිස් උනා." "හම්මේ ඉතින් හා.මොකද මෙතන ? ඔෆිස් යනවද ?" "මෙහෙම ඇඳන් ඔෆිස් යනවද ? මැඩම් මේක ලංකාව ඔස්ට්‍රේලියාව නෙවෙයි." "හයියෝ ඔන්න ආයෙ පටන් ගත්තා." ආ කියන්න බැරි උනා නේ ඒ මගේ විශ්ව විද්‍යාලීය ඒක පාර්ශවික ආදරවන්තිය. අපි එකම බැජ් එකේ. මම අවුරුදු 4ක් එක දිගට එක පෙළට ගින්දර වගේ එයාට හිතින් ආදරය කරා.හැබැයි ඒ ගැන එයා නූල් පොටක තරම් දෙයක් වත් දැනන් හිටියේ නැ. මගේ ආදරය මම මිත්‍රත්වය කියන බැන්ඩේජ් එකෙන් ඔතලා තිබ්බේ. ඒ නිසා එයාට මන් ගැන සැක හිතුනේ නැ. අවුරුදු හතර ඉවර වෙලා එයා ග්‍රැජුවේට් උන ගමන් ඔසි ගියා. මගේ ආදරය ඒ විදිහටම මම මගේ ලඟ පරිස්සම් කරා. "ආ නගින්න ටවුන් හෝල්,කිරුලපන,නුගේගොඩ,විජේරාම,මහරගම,කොට්ටව,හෝමාගමේ....." බස් කොන්දා කෑ ගහන්න පටන් ගත්තා. "ආ මම මේ බස් එකේ යනවා. එහෙනම් පරිස්සමෙන්..." මම එයාගෙන් ඉක්මනට සමු ගන්න ට්‍රයි කරා..... "ආ මේකෙ මටත් යන්න පුලුවන් නේ. යමු ඉතින් කතා කර කර...." අල වගේද ගෝවා.දැන් ඉතින් මේකි එක්ක පලයන්කෝ. අපි බස් එකට ගොඩ උනා. එයා ජනේලයෙන් පාර බලන් හිටිය. මම කොන්දොස්තරට සල්ලි දීලා ඉස්සරහ බලන් හිටියා. "ඉතින්. මොකද මේහෙ මතක් වෙලා." මම කතාවට මුල පිරුවා... "මම ලංකාවට ඇවිත් දැන් මාස දෙකක් වෙනවා අනේ. කැම්පස් එක ලඟ යාලුවෙක් ඉන්නවා. එයාලගේ ගෙදර යන්නේ." "ආ ආ හරි හරි" "ඔයා මොකද කරන්නේ." "මම ප්‍රයිවට් කම්පැණි එකක එච් ආර් මැනේජර් කෙනෙක්" "වාහ්.... අවුරුදු ගාණට දියුනු වෙලා නේද.හොදයි හොදයි. දැන් ඉතින් බැඳලා ළමයි එහෙම ඇති නේද...?" "මේ ඒක නෙවෙයි. ඔයා කොහෙද දැන් ඉන්නෙ." මම කතාව වෙනස් කරා.... "මම දැන් ඉන්නෙ හස්බන්ඩ් ගේ අම්මලගේ ගෙදර. ළමයි දෙන්නෙක් එක්ක ඉන්නවා. අරයා නම් තාම රට ලබන මාසෙ එයත් එනවා.." "අඩ්ඩේ බබාලා දෙන්නෙක් ද...?" "හම්මෙ ඔව් ඔව්. මගේම කැමරා කොපි දෙකක්.. මේ ඉන්නේ." එයා මට ෆෝන් එකෙන් බබාලගේ ෆොටෝ එකක් පෙන්වමින් කිව්වා. අපි ටික වෙලාවක් කතා රහිතව ආවා. එයා පාර දිහා උනන්දුවෙන් බලන් ඉන්න දිහා මම හොරෙන් බලන් හිටියා. බස් එකත් නුගේගොඩට ලන් උනා. "ආ ඔයා තාම කිව්වේ නෑ ඔයගෙ පවුල් ජිවිතේ ගැන." එයා ආයෙත් කැරකිලා පරන ප්‍රශ්නයම ඇහුවා. "මගේ පවුල් ජීවිතය සරලයි. අම්මව බලාගෙන ඉන්නවා. ගෙදරින් ඔෆිස් එකට,ඔෆිස් එකෙන් ගෙදරට. " "ඈ මනුස්සයෝ බැන්දේ නැත්ද ?" "නෑ අනේ මට ඕවා හරියන්නෙ නෑ." "ආ ආ එහෙම කියලා හරියන්නෙ නැ නේ.ඉන්නවකෝ මම මගුලක් හොයලා දෙන්න. මගේ ෆෝන් එකේ නම්බඑ එක ගහන්න." එයාගෙ ෆෝන් එක මගේ අතට දුන්නා. "අනෙ ලොකු මිස් අම්මට වදින අත් දෙක එකතු කරලා වදින්නම්. මට නම් එපා. " එහෙම කියමින් එයාගෙ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට මිස් කෝල් එකක් ගැහුවා. එයා බහින හෝල්ට් එකත් ඇවිත් තිබුනා. "හරි එහෙනම් මම යනවා. දවසක එන්නකෝ අපේ ගෙදර ඔයා. මම ඔයාට ලස්සන නෝනා කෙනෙකුත් හොයලා තියන්නම්කෝ." එහෙම කියලා එයා බැහැලා ගියා. එයාගෙන් ආව මම මිස් කෝල් එකේ නම්බර් එකට මම මැසේජ් එකක් දැම්මා. "මට ගෑනු ළමයි හොයන්න එපා. මම කාවවත් කසාද බඳින්නෙ නෑ." "ඇයි ඒ. ?" එයා රිප්ලයි කරා. "මම බඳින්න ආස කරපු කෙනාව මට බඳින්න උනේ නෑ. ඉතින් මම ආයෙ වෙන කාවවත් බඳින්නෙ නැ." "ඔයා කාවද බඳින්න හිටියේ.ඇයි එයාව බදින්න බැරි උනේ." "මම බඳින්න හිටියේ ඔයාව....." ටික වෙලාවක් යනකන් රිප්ලයි එකක් ආවේ නෑ..... විනාඩි කිහිපයකට පස්සේ දුරකථනය නාද උනා.... මම ඒ කෝල් එක නොදැක්කා වගේ හිටියා.... ඒ එයා..... #creatorsearchinsights #unfrezzmyaccount #tiktok #sky #foryoupage

About