@geekpranee: අද කාලේ Coding පටන් ගන්න කෙනෙකුට හැමදේම ඇඟිලි තුඩුවල තියෙනවා. හැබැයි මීට අවුරුදු 10-12කට කලින් ලංකාවේ Coding සීන් එක තිබ්බේ මාරම වෙනස් තැනක. ලැප්ටොප් එකක් තියා හරියට Phone එකක්වත් නැති කාලේ, පොඩි පොඩි ඇප්ස් වලින් කෝඩින් කරන්න පටන් ගත්ත ගැන්සි එකක් අපිට හිටියා. Programming උගන්වන ක්ලාස් එකක් තිබ්බෙත් කොළඹ විතරයි. එතනටත් ලැප්ටොප් අරන් යන්නේ නැහැ; කෝඩ් එක ලීවේ පොත්වල, කොළවල්වල! ඊට පස්සේ යූටියුබ් එකෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. ගොඩක්ම තිබ්බේ ඉන්දියන් වීඩියෝ. කියන දේ තේරෙන්නේ නැති නිසා අකුරෙන් අකුර බල බල ටයිප් කරපු කාලයක් තිබ්බා. වීඩියෝ එකේ වැඩ කරන කෝඩ් එක, අපේ මැෂින් එකේ වැඩ කරන්නේ නැහැ. එකම Bug එකකට පැය ගණන්, දවස් ගණන් හොයන්න වෙනවා. ඔහොම කට්ට කද්දී තමයි Google එකයි, Stack Overflow එකයි හම්බෙන්නේ. මට මතකයි මගේ පළවෙනි API Call එක කරගන්න මට දවස් 11ක් ගියා! හැබැයි ඒ කට්ට ඇතුළේ මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා: - Bug එකක් ආවම ඒක එන්නේ ඇයි කියලා තේරුම් ගන්න. - ප්‍රශ්නයක් ආවම ඒක හොයන්න ඕනේ කොතනින්ද කියලා දැනගන්න. - Stack Overflow එකෙන් දෙන විසඳුම, අන්ධයෙක් වගේ Copy-Paste නොකර, තමන්ගේ කෝඩ් එකට ගළපගන්නේ කොහොමද කියලා හිතන්න. - Version Match වෙන්නේ නැති වුණාම ඒක Handle කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. එදා IDE එකක් (Coding Software) මැෂින් එකට දාගන්නත් ලොකු ගේමක් දෙන්න වුණා. හැබැයි ඒ කට්ට කාපු නිසා අද මොන Bug එක ආවත් බයක් නැහැ! දැන් ඉන්න Generation එකට ඒ ස්ටේබල් ගතිය මිස් වෙනවා. Bug එකක් ආපු ගමන් AI එකට දානවා, AI එක දෙන කෝඩ් එක Paste කරනවා. වැඩේ ගොඩ යයි, හැබැයි Logic එක ගැන, Code එක ඇතුළේ වෙන දේ ගැන ලොකු අදහසක් නැහැ. AI කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒක මාර Tool එකක්. හැබැයි ඒකෙන් Code එක Generate කරගන්නවට වඩා, "මම මේ කරන දේ මෙහෙම වෙන්නේ ඇයි?" කියලා AI එකෙන්ම අහලා, ඒ Logic එක ඔළුවට ගන්න පාවිච්චි කරනවා නම් තමයි වටින්නේ. AI නැති කාලේ මාර Stable, Strong ප්‍රෝග්‍රැමර්ස්ලා හැදුණේ ඒ "කටු කෑම" ඇතුළෙන් ආපු Logic එක නිසා. Tool එක පාවිච්චි කරන්න, හැබැයි ඒකට ඔළුව ඩොමිනේට් කරන්න දෙන්න එපා! #ProgrammingLife #SoftwareEngineering Join with us : https://whatsapp.com/channel/0029VbBm54hHltY2rJQheP0T Youtube : https://youtube.com/@geekpranee?si=05Laj_CsCdpZxr7s Telegram: https://t.me/geekpraneeYT Facebook :https://www.facebook.com/share/1C4AaNqtPJ/?mibextid=wwXIfr Tik tok :https://www.tiktok.com/@geekpranee?_r=1&_t=ZS-92l6i07qS7V #campuslk #Geekpranee
Geekpranee
Region: LK
Wednesday 08 July 2026 05:20:36 GMT
Music
Download
Comments
Sapumal Maduhara :
2009 - 2026 😇
2026-07-16 01:00:18
0
avin_manimendra :
අපි ඉන්නේ ඔය මැද gen එකේ. අපිට internet තිබ්බා හැබැයි no Chat GPT. මොනා හරි අවුලක් ආවොත් Quora, Stack Overflow තමයි 😂
2026-07-08 17:21:36
50
suhotravel :
Notepad and CMD එකෙන් පටන්ගත්තු ඒ අතීතය 🥺අද ලමයෙක් Call එකකින් කතා කරල error එකක් කිව්වත් උත්තරය දෙන්න තරම් දැනුමක් හැදුනෙ ඒකෙන්.මේ වගේ post එකක් දැකීමත් සතුටක්
2026-07-08 07:20:35
50
Shamika :
I was started learn programming languages back in 2012. I still remembered the first line of coding.
2026-07-08 08:40:51
8
Shan_wickramasinghe :
Exame වලට C# , html code අතින් ලිවිවා
2026-07-08 13:14:03
9
zee :
2015 මං පටං ගන්නේ ඒ කාලෙ මට ඩේට කාඩ් එකක් හම්බෙන්නෙත් මාසෙකට සැරයයි...පයිතන් ඉගෙන ගත්තෙ ඩොකුයුමන්ටේශන් එකයි එක්සාම්පල් කෝඩ් සෙට් එකකෞයි පීඩීෆ් ෆයිල් සෙට් එකකයි තියාන...කෝඩ් වැඩ නැති උනාම දවස් ගනං ට්‍රයි කරනව
2026-07-08 11:49:54
8
dinuth :
yall read books I barely function without Claude
2026-07-09 14:29:48
0
Tharinda Gimhana :
"මම මේ කරන දේ මෙහෙම වෙන්නේ ඇයි?"
100% true ♥️මම හැම වෙලේම අහන ප්‍රශ්නයක් තමයි "ඇයි" කියන එක. එකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. සමහර වෙලාවට පොඩි syntax issue එකක් තියෙන්නේ. ඒත් ඒකෙන් ay අහපුවාම conversation එක සැහන්න deep යන අවස්ථා තියේ
2026-07-09 00:22:18
2
Gonta :
පොත්, MSDN, Internet, AI සේරම පාවිච්චි කරලා තියෙනවා.
2026-07-09 13:32:20
0
3iizzzzz :
msdos wala coding kale🥺 win98
2026-07-09 07:21:44
1
Best movie Scenes.com :
2012 පටන් ගත්තේ 😔🥰
2026-07-14 08:30:43
0
Summer ✨ :
exactly 💯
2026-07-10 12:59:46
0
prsanna27 :
මම නම් පොත් වලින් තම
2026-07-09 11:45:02
0
MalEesha SaubAgya :
True 🥺
2026-07-09 00:55:22
0
Randil_Raven® :
🫡
2026-07-08 07:56:49
1
pramod_dilshan0 :
Machine Language ඉදන් අද තියෙන තත්වේ ගැන සතුටුයි. 🥰
2026-07-08 14:17:40
0
✨ 𝒹ℯ𝓍-𝒹ℯ𝓉ℯ ✨ :
Ai
2026-07-08 13:22:03
0
BILION DREAMS :
2026-07-08 21:05:41
0
Hidden_traveler :
මේ dell 3521 lap 1ක නේද මගෙත් මුල්න්ම ලැප් 1ක්. 🥰🥰🥰🥰
2026-07-08 18:47:10
0
UDITHA |🚗👨🏾💻 :
Adoo 😣 ඒකාලේ
2026-07-08 17:38:18
0
Yasara :
deyak kiyannada ai use karanna habai ai walata yata wennema nodi 😊
2026-07-08 07:57:47
0
To see more videos from user @geekpranee, please go to the Tikwm
homepage.