@nalinda_yasiru: ලෞකික ලෝකොත්තර සැප විපාක ගෙන දෙන මහත්ඵල දායි යාන වාහන පූජාව අනුමෝදන් වෙත්වා.!!🙏 මෙබඳු දුර්භික්ෂ කලෙක මහා සංඝරත්නයේ යාවජීව ප්‍රතිපදාවට මහත් පහසුවක් වන මෙම යාන පූජාවෙන් ජනිත මහාණීය කුසලය නිවන් දක්නා මොහොත තෙක් ජාති ජතිත් ලෞකික ලෝකොත්තර සැප සහගත ප්‍රතිපදාව පිණිසම එකසේම අනුමෝදන් වෙත්වා.!! සැප කැමති සත්වයෝ මෙවන් පිංකම්හි නිතර වෙත්වා.!! යාන දෝ සුඛදෝ හොති. යමෙක් යාන දෙන්නේ ද හේ සැප දෙන්නේ වෙයි.! ( කිංදද සුත්‍රය ) මෙම යාන වාහන පූජාවෙන් මහාසංඝරත්නයට නිතිපතා සුදුකෙරෙන උපස්ථානයන්. * හැකී සෑම මොහොතකම අපගේ මුණි රජාණන් වහන්සේ වන ස්වර්ණමාලි මහා සෑ රඳුන් හට පුදු පූජා වත්පිලිවෙත් සිදුකරමින් ධර්මමාර්ගය පිණිසම කුසලය තුලම ජීවත් වීමට උපකාර කිරීම.. * මහාසංඝරත්නයට අසනීප කටයුතු වලදී රෝහල් වෙත ගමන් පහසුව සලසා දීම. ගිලන් උපස්ථානය.. * අටමස්ථාන සෙළොස්මස්ථාන වන්දනා කටයුතු කිරීමට පහසුව සැලසීම. * මහාසංඝරත්නයේ උදෑසන දහවල් දාන කටයුතු සඳහා උපකාර කිරීම. * ධර්මදේශණා පිරිත් දේශනා සඳහා වැඩම වීමට ගමන් පහසුව සලසා දීම.. අව්වැසි පීඩාවන්ගෙන් තොරව ඉහත කී සියලූම පිංකම් සඳහා උපකාර වන හෙයින්ම මෙය කුටි පූජාවක්ද වනු ඇත.. මෙම යාන වාහන පූජාවෙන් මහාසංඝරත්නය භාවිතා කරන වාරයක් පාසා රැස්වෙන පින මෙපමණැයි සඳහන් කල නොහැක්කේමය.. සාධු සිතින් අනුමෝදන් වන සැමටත් මහාසංඝරත්නයටත් මේ කුසලය සුවසේ සසර කතරින් එතරව ලබන ශාන්ත සුන්දර අමා නිර්වාණ සුවය පිණිසම අනුමෝදන් වෙත්වා.!! සාධු සාධු සාධු.🙏🙏🙏 සැමදෙනාම මේ පිං අනුමෝදන් වෙත්වා .! @miracle_working #ධර්මදානයක්_වේවා #සාදු🌸🙏සාදු🌸🙏සාදු🌸🙏 #රුවන්වැලිමහාසෑය #ruwanweliseya❤️☸️🙏 #anuradhapura_sri_lanka🇱🇰
Nalinda 🕊️
Region: LK
Wednesday 08 July 2026 17:52:45 GMT
Music
Download
Comments
Hasindu_r :
මගෙත් හීනයක් කවදා හරි පන්සලකට වාහනයක් පූජා කරන එක
2026-07-09 13:47:45
1
𝓓𝓱𝓪𝓷𝓾 Ⓜ️ :
🙏 🙏 🙏 මගෙත් හීනයක් කවදා හරි පන්සලකට වාහනයක් පූජා කරන එක
2026-07-09 04:05:17
95
නිවන් මග. 🤍🙏 :
සාදු සාදු සාදු 🤍🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-09 12:58:21
1
Hasmitha Himod :
මං මෙවගෙ වාහනයක් ගන්න හීන මැව්වට මෙච්චර දෙවල් පූජා කරන්නත් සල්ලි තියෙන අය ඉන්නවා නෙ 🥹❤️
2026-07-09 13:57:41
23
Udara@Ariyarathna :
සාධු සාධු සාධු 🙏
2026-07-09 15:47:50
1
Chamath Neelakshana :
නම ෝ බුද්ධාය🙏🏼
2026-07-09 09:47:58
1
𝐾𝑎𝑣𝑖𝑛𝑑𝑢 𝑆ℎ𝑒ℎ𝑎𝑛 :
සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏🏼☸️
2026-07-09 15:16:30
1
ALEX BRO :
එම මහත්මයා ඇතුලු පවුලෙ සැම දෙනාට තෙරුවන් සරනයි. එම ශධ්ධාව දැක්කම අපිටත් මාර සතුටක්
2026-07-09 09:37:42
13
Freedom Monk :
බලන්න මේ අතහැරීම.. මේවන් සත්පුරුෂයින් උපනූපන් ජීවිතවල කවමදාවත් දූගී දුප්පත් අසරණ වෙන්නේ නැහැ..ඒක මේ ජීවිතයේදීත් දකින්න ලැබෙන්නේ ඒකයි.. සංසාර ගමනේ නිවන් දැක අවසන් කරන මොහොත දක්වාම මහේශාක්‍යය මහා ධන කුවේරයෝ වෙලා උපදින්නේ. ඒ ආත්ම වලත් මේවගේ මහා පිංකම් තමයි එයාලා කරගන්නේ...🙏 අනේ මමත් ඉතා සතුටින් මේ පින අනුමෝදන් වෙමි...🙏🙏🙏🙏
2026-07-09 05:57:08
29
Sudesh Kavishan :
බුදුන් වහන්සේ මේ සියල්ලෙන්ම මිදුන උත්තමයෙක්
2026-07-09 09:28:33
4
Heenatiyana Nandaloka :
දාන පාරමිතාව සම්පූර්ණ වේවා🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷☸️☸️☸️🥰🥰🥰
2026-07-09 01:18:39
38
T. Viraj Rathnayaka :
සාදු සාදු සාදු
2026-07-09 03:12:54
1
˚🌿𑁍 𝘜𝘱𝘦𝘬𝘴𝘩𝘢 𑁍🌿˚ :
නිවනට මඟ පාදන උතුම් යාන දානය! 🙏✨
මෙවැනි කලකලහකාරී, ශ්‍රද්ධාව පිරිහී යන යුගයක, සඟරුවන කෙරෙහි ඇති වූ අචල ශ්‍රද්ධාවෙන්ම මෙවැනි වටිනා වාහනයක් (යානාවක්) පූජා කිරීමට තරම් ඒ පින්වත් මහතාගේ සිතේ ඇති වූ කුසල් සිතුවිල්ල සැබවින්ම මහා පුණ්‍යවන්තයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සූත්‍ර දේශනාවන් ඇසුරින්, මෙවැනි යාන දානයක ඇති මහා සැප විපාක සහ ආනිශංස මෙසේ දක්වන්න පුළුවන්:
සුඛ දායකයෙක් වීම (සැපය ලබා දීම): සංයුත්ත නිකායේ කීම්දද සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ වදාළේ "යානදෝ සුඛදෝ හෝති" යනුවෙනි. එනම්, "යාන වාහන පූජා කරන්නා (අනුන්ට) සැපය සලසන්නෙකු වේ" යන්නයි. සිල්වත් උතුමෙකුට ගමන් බිමන් පහසු කරවීමෙන්, එම උතුමා කරන ශාසනික සේවයට අනුබල දීමෙන් ලැබෙන ආනිශංසය අප්‍රමාණයි.
දිව්‍යමය සැප හා මනුෂ්‍ය සැප ලැබීම: මෙලොව ජීවිතයේදී සිතේ සැනසීමත්, නිදුක් නිරෝගීභාවයත් ලැබෙන අතර, පරලොවදී දිව්‍ය ලෝකවල උපත ලබා දිව්‍ය රථ, දිව්‍ය විමාන ආදී අනේකවිධ සැප සම්පත් විඳීමට මෙම පින්කම හේතු වේ.
නිවන් මඟ සුලභ වීම: යාන දානය යනු සසර ගමන සුවපත් කරනවා සේම, අවසානයේ සසර දුක කෙළවර කර උතුම් වූ අමා මහ නිවන නමැති "නිවන් යානාවට" ගොඩවීමට උපකාර වන පාරමිතාවකි.
2026-07-09 02:27:20
13
Chanaka marambe🇱🇰😍❤️ :
ගොඩක් සතුටින් අනුමොදන් උනා ගොඩක් පින් පින්වන්තයා 😍
2026-07-09 03:16:41
9
Isira Induwara :
මටද මෙලෙස මෙවැනි දේ දන් දෙන්නට වාසනාව ලැබේවා 🙏
2026-07-09 07:57:01
4
Shahen sadharu :
පාරමී සම්පූර්ණ වේවා
2026-07-09 03:28:11
6
kelum sri :
සාදූ සාදූ සාදූ .මගේත් මේ හීනය සැබෑ වේවා🙏
2026-07-09 00:56:15
7
𝐆 𝐎 𝐎 𝐃 𝐋𝐈𝐅𝐄 :
සාඳු සාඳු සාඳු අනුමෝදන් වෙමි.. 🙏🤍 මටද මෙලෙස මෙවැනි දේ දන් දෙන්නට වාසනාව ලැබේවා 🙏
2026-07-09 03:25:20
6
Dinu Saj :
Sadu Sadu Sadu 🙏🙏🙏
2026-07-09 01:21:33
2
Janith_TMA :
සාධූ සාධූ සාධූ සතුටු සිති අනුමෝදන් වෙමි.... ❤️❤️💐
2026-07-09 02:23:25
3
සැරිසරන්නා -sarisaranna :
සාදු සාදු සාදු අනේ මම මෙපින් අනුමොදන් වෙනවා සාදු සාදු සාදු අනේ සාදු මටත් ඔනේ වහනයක් පුජා කරන්න මටත් එකට වසනව ලැබේවා සාදු සාදු සාදු
2026-07-09 03:04:04
3
Sanjeewa Laknath :
සාදු සාදු සාදු ... 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය .... 🙏🙏🙏
සතුටු සිතින් අණුමෝදම් වෙනව .... 🙏🙏
තෙරුවන් සරණයි ... 🙏🙏🙏🙏
2026-07-09 02:00:08
3
To see more videos from user @nalinda_yasiru, please go to the Tikwm
homepage.