@_enu_00: මේ ආත්මේ මට ඔයාව අහිමි වුණා. ඒක පිළිගන්න ඉගෙන ගත්තත්, අමතක කරන්න නම් තාම බැරි වුණා. සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ සදහටම ඉන්න නෙවෙයි කියලා මම දන්නවා. ඒත් ඔයා ගැන එහෙම හිතන්න මගේ හිත කවදාවත් කැමති වුණේ නැහැ. ඔයා මගේ ජීවිතේට ආවෙ අහම්බෙන් වෙන්න ඇති... ඒත් මගේ හිතේ බලාපොරොත්තු හැදුවෙ හිතාමතා. දැන් ඒ බලාපොරොත්තු කඩලා, කිසිම දෙයක් නොවුණු ගානට යන්නත් ඔයාට පුළුවන් වුණා. රිදෙන්නෙ ඔයා ගිය එකට නෙවෙයි... "මං ඉන්නවා" කියලා හිත පුරවලා, ඒ හිතම හිස් කරලා ගිය එකටයි. ආයෙ ආදරේ කරන්න බය වුණ මාව, ආයෙත් ඒ බයටම හුරු කළේ ඔයාමයි... ඉතින් මේ ආත්මේ මම ඔයාව නිදහස් කරනවා... ඒත් මගේ අවසාන ප්‍රාර්ථනාව තාමත් එකයි. කවදා හරි තවත් ආත්මයක් තිබුණොත්, එදා කාටත් කලින් ඔයා මගේ වෙන්න. අපිව වෙන් කරන දුරක්වත්, වෙලාවක්වත්, හේතුවක්වත් නැති ලෝකයකදී මට ආයෙත් ඔයාගේ අත අල්ලගන්න. මේ ආත්මේ අහිමි වුණු ඔයාව, ඊළඟ ආත්මේ කිසිම දවසක අහිමි නොවෙන විදිහට මට ලැබෙන්න... ඒ ප්‍රාර්ථනාව විතරයි තාමත් මගේ හිතේ ජීවත් වෙන්නේ. 🖤 #sinhalaquotes #bootvideo #viral #onesidelove #creatorsearchinsights
11:15_ᡣ𐭩
Region: LK
Thursday 09 July 2026 04:49:32 GMT
Music
Download
Comments
JeNuuu__🧋 :
2026-07-19 07:36:52
0
🎀_ᡣ𐭩 :
හිස් පිටුවක් ඉඩ තබා ගියා...☹️💘
2026-07-09 05:00:25
0
Melee𐙚 :
Awlaa appaa
2026-07-09 05:47:07
0
_keshyy 🎀 :
Pdm krn ndd bn wadan ly ly inne
2026-07-09 05:01:30
0
།ནིར་ཝན་ཙནྡུ་པ། 🥀 :
Pina madida😊
2026-07-09 05:33:01
0
Vishma Thathsarani 🧚♀️ :
hriytm msyy hode tw 😂🥹 oow liypn bio essay wlt 😂
2026-07-09 20:06:59
0
__ SITHI.JA__ 🕷 :
❤️🩹🍃
2026-07-09 07:28:12
0
B i N u 💘! :
❤️❤️❤️
2026-07-13 06:23:48
0
To see more videos from user @_enu_00, please go to the Tikwm
homepage.