@sudeera.nimeshi: "එයා මට රෑට අඬගහන එක නැවැත්තුවා... ඒත් ඒ නිහඬතාවය පිටුපස තිබුණේ වෙනත් කතාවක්" විවාහ ජීවිතයක සමහර වෙනස්කම් අපිට පේන්නේ නැහැ. ලොකු රණ්ඩු නැහැ... වචන වලින් චෝදනා නැහැ... ඒත් හිත ඇතුළේ කෙනෙක් ටික ටික ඈත් වෙමින් ඉන්න පුළුවන්. මේ සිදුවීමත් එවැනි එකක්. ඉස්සර හැමදාම රෑට බිරිඳ ඔහුගෙන් අහනවා... "ඔයා නිදාගන්න එනවද?" ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් වගේ පෙනුණත්, ඇත්තටම ඒ තුළ තිබුණේ ආදරය, සමීප බව සහ දවස අවසන් කරන්න එකට තිබුණු කැමැත්ත. සමහර දවස්වල ඔවුන් දෙන්නා පැය ගණන් කතා කළා. සමහර දවස්වල කතා නොකරම නිදාගියා. ඒත් දවස අවසන් වුණේ එකට. එක දවසකින් නොවෙයි... ටික ටික ඔහුගේ අවධානය වෙනස් වුණා. ෆෝන් එක, වීඩියෝ, වෙනත් දේවල් වෙනුවෙන් ගත කළ කාලය වැඩි වුණා. ඔහුට ඒක ලොකු දෙයක් වුණේ නැහැ. "එයාට මහන්සි ඇති" කියලා ඔහු හිතුවා. ඒත් මාස 8කට පස්සේ ඇත්ත දැනගත්ත වෙලාවේ ඔහු පුදුම වුණා. බිරිඳ කිව්වේ... "මම ඔයාට නිදාගන්න එන්න කියලා අහන එක නැවැත්තුවේ, හැමදාම මම අහලා ඔයාගේ අවධානය නැති වෙද්දී මට මාව වටින්නේ නැහැ වගේ දැනෙන්න පටන් ගත්තු නිසයි." එදා ඔහුට තේරුණා... තමන්ට සාමාන්‍ය දෙයක් වුණ දෙයක්, ඇයට ඇතුළතින් විශාල වේදනාවක් වෙලා තිබුණා කියලා. ආදරයේ පුංචි ඉල්ලීම් නොසලකා හරින්න එපා මනෝවිද්‍යාවේදී සම්බන්ධතාවයක් ගොඩනගන මෙවැනි පුංචි අවස්ථා "Bids for Connection" ලෙස හඳුන්වනවා. කෙනෙක්, "කතා කරමුද?" "ටිකක් මාත් එක්ක ඉන්නවද?" "නිදාගන්න එනවද?" කියලා අහන විට, බොහෝ වෙලාවට ඔහු හෝ ඇය ඉල්ලන්නේ කාලය විතරක් නෙවෙයි. ඉල්ලන්නේ... "මම ඔයාට වැදගත්ද?" "ඔයා තවමත් මාව තෝරනවද?" කියන හැඟීමයි. එවැනි ඉල්ලීම් නැවත නැවත නොසලකා හැරුණොත්, කෙනෙක් අවසානයේ ඒවා ඉල්ලන එක නවත්තනවා. ඒ නිසා ඔහුට හෝ ඇයට ආදරය නැති නිසා නෙවෙයි... නැවත නැවත ප්‍රතික්ෂේප වීමේ වේදනාවෙන් බේරෙන්න. ආදරය මල් පැළයක් වගේ... මල් පැළයකට දවසක් දෙකක් වතුර නොදුන්නාට එය මැරෙන්නේ නැහැ. ඒත් දිගටම නොසලකා හැරියොත්, පිටින් හොඳට පෙනුණත් ඇතුළින් මුල් වියළෙන්න පටන් ගන්නවා. සම්බන්ධතාත් ඒ වගේ. ලොකු දේවල් වලින් පමණක් ආදරය රැකෙන්නේ නැහැ. දවස අවසානයේ එකිනෙකා වෙනුවෙන් වෙන් කරන පුංචි කාලය, අහන පුංචි ප්‍රශ්නයක්, දෙන පුංචි අවධානයක්... ඒවා තමයි බැඳීම ශක්තිමත් කරන්නේ. අවසානයේ මතක තියාගන්න... කෙනෙක් නිහඬ වුණා කියන්නේ හැම දෙයක්ම හොඳයි කියන එක නෙවෙයි. සමහර වෙලාවට නිහඬතාවය කියන්නේ... "මට තවත් රිදෙන්න දෙයක් ඉල්ලන්න බැහැ" කියන හිතේ කතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබට ආදරය කරන කෙනාගේ පුංචි ඉල්ලීම් අගය කරන්න. මොකද... අපිට අහිමි වෙන්නේ බොහෝ විට ආදරය නෙවෙයි. ආදරය රැකගන්න තිබුණු අවස්ථාවන්. මෙය මා සමාජයේ දුටු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියන ලද සටහනකි. සටහන - Dilshan Tharu මේ ගැන ඔයාලගෙ අදහසත් පහලින් Comment කරන්න. 👇

Binu..
Binu.. "
Open In TikTok:
Region: LK
Sunday 12 July 2026 02:24:25 GMT
155648
4000
140
3731

Music

Download

Comments

avidil169
madhu@10:12🧿🪬 :
මගේ කතාව වගේ බැදලා මාස 4යි අවුරුදු 10ක් ආදරේ කරා දැන් කිසිම ආදරයක් වටිනාකමක් ගෑවිලාවත් නෑ මට අන්තිමට මන් විතරයි 💔😞
2026-07-14 05:13:32
1
thecakeologist1
The cakeologist :
ඇත්ත
2026-07-14 03:53:59
0
sujeewa.hami
Sujeewa Hami :
ඇත්ත
2026-07-13 20:54:22
0
user69839205837095
user69839205837095 :
හ්ම්ම්
2026-07-14 03:56:53
0
suvimali8
suvimali :
ඇත්තටම ❤️
2026-07-12 10:56:47
1
diseniwijesinghe
Diseni Wijesinghe :
ඇත්තමයි මේ කතාව
2026-07-12 09:00:06
33
nishanthi.dilruks
Nishanthi Dilrukshi :
ඇත්ත
2026-07-12 16:59:55
2
nissanka.aberathn2
kaushalya Andaramanage 🇱🇰♥ :
මගේ කතාවත් මෙහෙමයි ඇත්ත පෝන් එක නිසා තමයි මේ හැමදේම
2026-07-13 12:00:08
4
dinithi.thish
dinithi :
ඇත්තටම මාත් අහන එක නැවැත්තුවා
2026-07-12 09:22:44
18
manorigallage
චුට්ටී :
මමත් නිහඩ උනා සදහටම ,ආයෙ ආවත් එපා,මේ තනිකමට මම හරි ආදරෙයි දැන්.
2026-07-12 14:23:06
14
chaya88850
chayavee✨️🌎🇬🇧 :
ඇත්තටම මේ තනිකම තරම් වටිනා සොදුරු දෙයක් තවත් තිබේද? ❤️
2026-07-12 21:30:50
5
mahesha.mahesha17
අචින්ති තම්පි භවතී :
මගේ කතාවත් මේකමයි
2026-07-13 11:01:19
3
chamilanilukshj46
Nilukshi :
ඇත්තටම ඇත්ත
2026-07-12 17:02:20
6
rukshi328
RD :
ow
2026-07-12 16:48:56
2
suneth.charaka
suneth charaka :
Ammo
2026-07-12 17:08:36
2
nirwani.perera0
Hashi 🥺❤️‍🩹✨ :
හුම් 💔
2026-07-12 17:07:01
2
kavigirl1006
kavigirl1006 :
Hmmmm
2026-07-12 16:33:13
2
diamongirl_97
Savi Wanigasekara :
True
2026-07-12 14:32:56
2
upekshamadusani
Madusani Fernando 😊 :
ou aththa anthimata kalakirima thanikama jiwitheta uruma wenne🤍🤍
2026-07-13 02:00:06
6
aamsrathnayaka4
aamsrathnayaka :
hmm
2026-07-12 15:11:42
2
himasithu_official
Thew yugan_official :
eththa
2026-07-12 16:46:12
2
crazy_zooza
SUSA°|සුසා|°சுசா🩵💫 :
ආදරේ විතරක්ම හෙව්ව අයට නොලැබුණ එකම දේ ආදරේ 🥺
2026-07-13 15:57:48
2
thakshithanuja
Thakshila Thanuja759 :
Mmm
2026-07-12 17:05:12
2
sachini_muthunayaka
Sachini :
ඇත්ත
2026-07-12 13:16:55
2
cristeen.dilamani
🌹❤️🌹❤️🌹 :
hmmmm 😔😔
2026-07-12 18:26:39
1
To see more videos from user @sudeera.nimeshi, please go to the Tikwm homepage.

Other Videos

The phrase
The phrase "Social media killed romance" is a concept that reflects the opinion that digital technologies and social media affect modern relationships, changing their character and perception. Some aspects often associated with this phrase: Replacing live communication with "digital noise." In the opinion of some, social networks replace direct communication, the sincerity and thrill that were characteristic of romantic relationships in the past. Instead of enjoying moments together, people immerse themselves in the world of online communication, where every like and comment becomes a subject of discussion. Creating artificial standards of ideal love. Constant comparison of real relationships with idealized images from social networks can lead to insecurity, inflated expectations, and doubts about one's feelings. The risk of superficiality and lack of depth. Social media can make relationships faster but less deep. For example, endless messages do not always replace meaningful communication, and 24/7 availability does not guarantee emotional presence. The pressure of publicity. On social media, love often becomes performative: it is common for couples to share details of their relationships (going on dates, proposals, weddings) to meet the audience's expectations. This can reduce intimacy and genuine closeness. Difficulties with commitment. Due to constant access to other options on social media, it is harder for people to stay in relationships, as there is a feeling that there are more attractive options. The risk of distrust and jealousy. Viewing profiles of ex-partners or comparing current relationships with idealized images on social networks can increase emotional tension. At the same time, some note that social media does not necessarily destroy romance completely — they can be a source of inspiration or help in finding new acquaintances. The key factor remains how a person uses technology and what priorities they set in relationships. #щп #fyp #socialmediakilledromance

About