@buddhikarajapaksha5: දෑතට රං පන්දම ගෙන කලාවැවෙන් වැඩමවන්න සූර යකුන් පිරිවරාන බබල බබල දෙව් වඩින්න අනවින බන්දන උගුලා ගෙන දෙවියෝ දැන් වඩින්න කතරගමේ රං තොරනෙන් බැස කඩවර දෙවි වඩින්න දොලේ දියවගේ පිරිවර කැටුව එන්න ගස්ගල් වෙවුලා හූ හඬ තබමින් වඩින්න රුවන් කඩුව අත දරාන දල කඩවර දෙවි වඩින්න යහන් පඬුරු පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න මිහිකත සොලවා නිදන්ද යතුරුද හිර දැන් හරින්න පූනාවල් බියසැක දුරු කරවාගෙන දෙවි වඩින්න රං මිනිමුතු බරන පැලඳ අභිත තාලයෙන් වඩින්න මේ යහනේ පුද ලබන්න සත් කඩවර දෙවි වඩින්න වෙල් එලියේ හූ තබමින් කඩවර දෙවි වැඩමවන්න ගිනි පන්දම සුරත දරා රන් තොරනෙන් බැස වඩින්න ජල හිර බන්දන පුපුරා දෙවිඳුගෙ අණ ගුණ කියන්න සෙනෙවිරත්න මුල් කඩවර දැන් මේ යහනට වඩින්න අලද හොඬල ගෙන පේකර ගැසු කටු උගුලා හරින්න ඇලක අමුණු ලිඳක පොකුණු විණ හිරකර දෙවි වඩින්න බලකර යක් දිශ්ටියලා හැම අණවින දුරු කරන්න මෙපුද බලා දොස් දුරුකර සෙණෙවිරත්න දෙවි වඩින්න ගොං ගෙරියගෙ කොන්ද දෙකට බිඳ සොහොනේ වැඩ හිඳින්න පපුව පලා රීරි උරා බී කැවුතුද කා වැඩින්න අතිනි කඩුව ලෙලව ලෙලව මේ හැම දෙවියෝ රකින්න රෑ තුංයම පුද ලබන්න සොහොනේ කඩවර වඩින්න... ඇලක දොලක හිඳ තුම්මංසල නරයින් භාරගන්න හිස කරකා ඇඟ වෙව්ලා යහන් දිශ්ඨි කර වඩින්න රක්ත වර්ණ පට සළුවෙන් ජටාව හිස බැඳ වඩින්න දුම්මල කීලම මැද්දෙන් බබල බබල සත්කඩවර දෙව් වඩින්න #කඩවරඅප්පච්චිගෙපිහිටයි🙏 #srilanka🇱🇰 #following #everyone
🇱🇰 බුද්ධික ප්‍රභාත් 🇦🇪
Region: AE
Monday 13 July 2026 11:31:32 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @buddhikarajapaksha5, please go to the Tikwm
homepage.