@jani_quotes3: “Sorry” කියන්නෙ වචනයක් මිස, මකනයක් නෙමෙයි. ඒ වචනය කියපු පමණින් කැඩුනු හිතක් ආයෙත් පරණ විදියට හදන්න බෑ... කදුලු වැටුනු දවස්' නිදි නැතුව ගෙවුනු රැයවල්, ඇතුලෙන් නිහඩව මැරුණු හැගීම්, බලාපොරොත්තු කෑලි කෑලි වුනු මොහොතවල්, ඒ කිසි දෙයක් “Sorry” කිව්වට මැකිලා යන්නෙ නෑ... රිද්දන වෙලාවට බොහෝ අය හිතන්නෙ නෑ, වචනයක් කියන්න තත්පරයක් ගියත්, ඒ වචනය නිසා හිතක් සනසගන්න මාස ගණන්, අවුරුදු ගණන්, සමහර විට මුලු ජීවිතේම යනවා කියලා... අපි සමාව දෙනවා. ඒත්, ඒකෙන් අදහස් වෙන්නෙ අපිට රිදුනේ නෑ කියන එක නෙමෙයි. අපි අමතක කලා කියන එකත් නෙමෙයි. අපි කදුලු නොවැටුනු මිනිස්සු කියන එකත් නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නෙ, ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න අපි ඉගෙන ගත්තා කියන එක විතරයි... සමහර තුවාල ලේ ගලන්නෙ නෑ. ඒත්, හැමදාම හදවත ඇතුලෙන් රිදෙනවා. සමහර මතක කාලයත් එක්ක මැකෙන්නෙ නෑ. ඒවා නිහඩවම හිනාවක් පිටිපස්සෙ හැංගිලා ජීවත් වෙනවා... ඒ නිසා “Sorry” කියන්න කලින්, රිද්දන වචන නොකියන එක ඉගෙන ගන්න. කෙනෙක්ව නැති කරගත්තට පස්සෙ ආදරේ පෙන්නනවට වඩා, ඒ කෙනා ලග ඉන්නකොට හිත නොරිද්ද ඉන්න එක ගොඩක් වටිනවා... මොකද, සමාව ඉල්ලන වචනවලට කැඩුනු හදවතක් මකන්න බෑ. ඒකට පුලුවන් නම්, මේ ලෝකෙ කිසිම කෙනෙක් තනියම අඩන කෙනෙක් වෙන්නෙත් නෑ… ඒ නිසා මතක තියාගන්න. “Sorry” කියන්නෙ වරද පිළිගන්න වචනයක් විතරයි. ඒත්, රිදුනු හිතක්, කැඩුනු විශ්වාසයක්, මැරුණු බලාපොරොත්තුවක්, නැති වුනු මනුස්සයෙක්, ආයෙත් පරණ තැනට ගේන්න “Sorry” කියන එකට බෑ... 🙂💔 . . . . #janiquotess #fypシ゚ #viralvideos #foryoupagee #whatsappstatus
Janith jayawardhana
Region: LK
Tuesday 14 July 2026 01:24:42 GMT
Music
Download
Comments
ᵈᵒᵖᵉᥫ᭡ꪶsachi℘❡🇯🇵 :
ඔළුව පැලෙන්න වගේ රිදෙනවා 🥺
2026-07-19 04:15:29
26
꧁✿Y❤️uGa☆꧂🙃 :
Captain eka dennko plz❤️
2026-07-17 12:51:26
3
𝐀 🧸🎀 " :
මිනිස්සු , මිනිස්සුන්ව තේරුම් ගත්තනම්🙂❤️🩹🥺
2026-08-03 13:47:15
3
Infinity Fashions ♾️🛍️ :
ayiye mn meka gaththa🌝
2026-07-27 17:35:21
4
🪼🍓සදා★♡சதா♡★Sanda🎀🦋 :
Caption එක ගත්තා අයියේ❤️
2026-07-28 19:06:58
3
❤@K⃠a⃠n⃠c⃠h⃠a⃠n⃠a⃠@❤💫🕊️🇱🇰 :
mn meka gannada
2026-08-10 10:54:41
3
"Z"🫰👤🫀 :
caption ek gaththa❤️🩹
2026-07-16 04:43:04
1
Chutyy💗 :
සමාවෙන්න කියන්නේ නිකන්ම මුවින් පිටවෙන වචනයක් විතරක් නෙවෙයි… 🥀🖤 ඒ වචනය පිටුපස තමන් කළ වැරැද්ද ගැන අවබෝධයක්, තමන් නිසා රිදුණු හිත ගැන සැබෑ පසුතැවීමක්, ඒ වැරැද්ද ආයෙත් නොකරන්න තියෙන අවංක උත්සාහයක් තියෙන්න ඕනේ… 🌙🫀 කෙනෙක්ගේ හිත රිදවලා, අන්තිමට “සමාවෙන්න” කියලා විතරක් හැමදේම ආයෙත් කලින් වගේ වෙයි කියලා හිතන්න බැහැ… 🥀🌑 මොකද සමහර වේදනා පේන්නේ නැති වුණාට, ඒවා හිත ඇතුළේ ගොඩක් කාලයක් රැඳිලා තියෙන්න පුළුවන්… 🖤🥀 ඒ නිසා සැබෑවටම සමාව ඉල්ලන කෙනෙක් තමන්ගේ වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී වෙන්න ඕනේ… 🤍🫂 තමන්ව නිවැරදි කරගන්න නිදහසට කරුණු හොයනවට වඩා, “මම වැරදුණා” කියලා අවංකව පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ… 🌙🫀 ඒ වගේම රිදුණු කෙනාට තමන්ගේ හැඟීම් තේරුම් ගන්නත්, සුවපත් වෙන්නත් අවශ්‍ය කාලය ලබාදෙන්න ඕනේ… 🥀🖤 සමාව කියන්නේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි… 🌑🤍 කෙනෙක්ට සමාව දෙන්න කාලයක් ඕනේ නම්, ඒ කාලයට ගරු කිරීමත් සමාව ඉල්ලීමේ කොටසක්… 🫂🌙 වචනවලින් “සමාවෙන්න” කියලා කියන එක ලේසියි… 🖤🥀 ඒත් ඒ වචනයේ ඇත්ත වටිනාකම පෙන්වන්නේ ඉන්පස්සේ කරන ක්‍රියාවලින්… 🫀🤍 කලින් කළ වැරැද්ද නැවත නොකරන එක… 🌙🥀 බිඳුණු විශ්වාසය ටිකෙන් ටික නැවත ගොඩනගන එක… 🖤🫂 රිදුණු කෙනාගේ සීමාවන්ට ගරු කරන එක… 🌑🤍 තමන්ට වාසි වෙන විදිහට ආයෙත් එම තත්වය භාවිතා නොකරන එක… 🥀🫀 මේ දේවල් තමයි “සමාවෙන්න” කියන වචනයට ඇත්ත තේරුමක් දෙන්නේ… 🌙🕊️සමහරවිට සමාව ඉල්ලන්න අමාරුම කෙනා තමන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්… 🖤🌙 මොකද අහංකාරකම, තරහ, තමන් හරි කියලා හිතන හැඟීම ඒ වෙලාවේ ඉස්සරහට එනවා… 🥀🫀 ඒත් තමන්ගේ අහංකාරකමට වඩා කෙනෙක්ගේ හිත වටිනා කියලා තේරුම් ගත්ත දවසේ, අවංකව “සමාවෙන්න” කියලා කියන්න පුළුවන්… 🤍🫂 ඒක දුර්වලකමක් නෙවෙයි… 🖤🌙 තමන්ගේ ක්‍රියාවලට වගකීම ගන්න පුළුවන් පරිණතකමක්… 🥀🕊️ඒත් සමාව ඉල්ලනවා කියන්නේ අනිත් කෙනාට “දැන්ම මාව ආයෙත් පිළිගන්න” කියලා බලපෑම් කරන එක නෙවෙයි… 🌑🖤 සමාව දෙනවද නැද්ද කියන තීරණය ඒ කෙනාටම අයිති දෙයක්… 🤍🥀 තමන්ට කරන්න පුළුවන් දේ තමයි තමන්ගේ වැරැද්ද පිළිගෙන, ඒ වැරැද්දෙන් ඉගෙනගෙන, ඉදිරියේදී ඒ වගේ වේදනාවක් නැවත නොදෙන්න තමන්ව වෙනස් කරගන්න එක… 🌙🫀 මොකද ඇත්තම සමාව ඉල්ලීම කියන්නේ වචන කිහිපයක් නෙවෙයි… 🖤🥀 ඒක තමන්ගේ හැසිරීමෙන් පෙන්වන වෙනසක්… 🌙🤍 තමන් කලින් කළ දේට වඩා හොඳ මනුස්සයෙක් වෙන්න කරන උත්සාහයක්… 🫂🫀 කෙනෙක්ගේ හිතේ නැතිවුණු විශ්වාසය ආයෙත් ලබාගන්න ඉක්මන් කරන්නෙ නැතුව, දවසින් දවස අවංකව ඉන්න එක… 🥀🌑 කාලයත් එක්ක “එයා ඇත්තටම වෙනස් වෙලා” කියලා ඒ කෙනාටම දැනෙන්න ඉඩ දෙන එක… 🖤🕊️
2026-08-14 02:59:26
1
❤️🩹v :
කැපෂන් ළුක ගන්න වා🥺💕
2026-07-23 18:35:41
1
ʟᴀᴋꜱʜɪ...⃝༆ :
Caption eka gaththa
2026-07-15 03:35:54
1
🔨🔧රට්‍ටා🔧🔨 :
ප්‍රශ්න එනවා එනවා ඉවරයාක් නැ 😖
2026-08-17 09:29:14
0
💖Imesha💖 :
captain ek dennko plz...❤️
2026-07-23 09:43:20
0
vish_🇯🇵🦋 :
Caption plz 😢
2026-07-26 05:20:56
1
🖤🧚dil bbh ♥️🥰 :
Aththa 😔🫂
2026-07-20 20:43:49
1
kavii girl 💗💐 :
capshn ek plz
2026-07-24 08:25:47
0
ItZ Me Sadee❤️🩹🥺💋👀🦋🍁🌝. :
Captain එක 🥺 ප්ලීස්
2026-07-14 18:55:04
0
Gavii_🕷️🫦 :
Aththa..🙂💔
2026-08-12 10:16:18
1
🦋 𝐒𝐀 𝐍 𝐉𝐔 : 🖤💐 :
ඇත්ත😊❤️
2026-08-01 06:18:50
0
Ayuni🫶🏻🌸😎 :
Sorry 😞
2026-08-03 13:44:27
0
NethzZz 🤍🌺 :
Deep " 🥹❤️
2026-08-10 03:25:36
0
KG♣️🪽 :
ඒක නම් ඇත්ත 😏
හුගාක් අයට වදිනව ඇති
2026-07-19 12:52:02
0
To see more videos from user @jani_quotes3, please go to the Tikwm
homepage.