@adaderanasinhala: මීගමු ඛේදවාචකයෙන් මියගිය සන්දිකගේ රටක් හැඬවූ කඳුළු කතාව.. - තාත්තා එනතුරු කැලැන්ඩරේ ලියාගෙන බලාඉන්න පුංචි පුතා.."සන්දික පුතා නැතිවුණා..එයාගේ එකම පුතාගේ සැත්කමට උදව් කරන්න" අම්බලන්තොට, පලාගහගොඩැල්ලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු වන සන්දික ලෂාන් ගුණවර්ධන මහතාද සතියක් පුරා ජීවිතය සමඟ සිදුකළ සටන අතහැර ඊයේ (13) රාත්‍රියේ ජීවිතයට සමුදුනි. සන්දිකගේ වියෝව ඕනෑම සංවේදී මිනිසෙකුගේ දෑසට කඳුළක් එක්කරන්නේ තවත් කාරණා කිහිපයක් නිසාවෙනි. 7 හැවිරිදි වියේ පසුවන ඔහුගේ පුංචි පුතු මේ වනවිට හදවත් රෝගයකින් පීඩා විඳිමින් සිටින අතර, එම දරුවාගේ ජීවිතය බේරාගැනීමට විශාල මුදලක්ද අවශ්‍යව තිබේ. සන්දික දිගින් දිගටම ඒ වෙනුවෙන් මුදල් සොයමින් සිටියේ, සිය පුතුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙනි. බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සන්දිකගේ අවසන් හුස්මපොද වාතලයට එක්වන මොහොතේ පවා ඔහුගේ සිතේ කකියන්ට ඇත්තේ සිය පුතුගේ ජීවිතය බේරාගැනීම බව නොරහසකි. රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකුගේ අවසන් පැතුම ලෙස දරුවාගේ ජීවිතය බේරාගැනීම අප සියලුදෙනාටම සන්දික වෙනුවෙන් කළ හැකි ලොකුම උපහාරයයි. පසුගිය ජුනි 05 වන දින මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණි. එහිදී දෙපාර්ශ්වයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් 2දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය. පසුව ජූනි 6 වන දින පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් හටගත් අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට උත්සහ කිරීමත් සමඟ රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී තිබුණි. එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. #adaderana #SriLankaNews #LatestNews
Ada Derana Sinhala
Region: LK
Tuesday 14 July 2026 11:55:37 GMT
Music
Download
Comments
𝒟𝒶𝒹𝒹𝓎𝒵_𝒢𝒾𝓇𝓁 :
Aneeee 😭😓😓😓😓
2026-07-14 18:42:04
0
Ashii Nionn 🕊️☘️ :
මගෙ මාමට වෙච්චි දේමයී.. එයා නංගි ස්කෝලෙට බාර දෙන්න දවසක් තියාගෙන .. මෙහෙයුමකට ගිහින් නැති උනා 🥺..
2026-07-14 15:20:40
1
Swarna Lata :
නිවන්සුව ලැබේවා පවු දෙයියෝ
2026-07-14 18:12:46
0
Madhavi🇱🇰🌐📚🖊️ :
මෙයා වෙනුවෙන් අපි හැමෝම සල්ලි දෙමු දරුවා ට. එයාගෙ අවසාන බලාපොරොත්තුව අපි ඉටු කරමු රුපියලක් හරි දීලා
2026-07-14 14:20:51
30
彡Bashi⏯彡⏮🇱🇰♡•⏯❤️🖤 :
අනේ නැති උනාද එයා 🥺 නිවන්සුව ලැබේවා 🙏🌹
2026-07-14 14:37:26
2
thamarapriyangani6 :
අනේ දෙයියනේ පවි
2026-07-14 13:46:02
1
Destiny :
ඇයි government එකෙන් එ ළමයාගේ ඔපෙරේෂන් එක කරන්න බැරි මොකද මෙයා නැතිඋනේ රට වෙනුවෙන් ඇයි එකවත් government එකට කරන්න බැරි a lady ට අන්තිමේට husband නුත් නෑ එයාගේ ලේ වලින් ඉපදුනු දරුවා හරි ඉන්නෝනි 🙏🙏
2026-07-14 13:31:51
28
Sumathirathna Kmdsa :
එකවුන් නම්බරයක් දැම්ම නං හරි මේ
2026-07-14 14:57:28
1
සරSaturday morning Hindi Satur :
මෙළමයගෙ ඔපරෙසන් එක ජනාධිපති
අරමුදලින් කරදෙන ලෙස ජනාධිපති
තුමන් ගෙන් ඉල්ලාසිටිනව
2026-07-14 13:56:10
14
Shani🧿Ns :
අනේ ඇයි මේ අහිංසක මිනිස්සුන්ටම මෙහෙම දේවල් වෙන්නේ..පව් අහන් ඉන්නත් අමාරුයි🥺🥺
2026-07-14 13:05:47
15
Roshi :
ඇත්තටම මවක් බිරිදක් හැටියට මාරම දුකයි මෙයට ආණ්ඩුව වග කීම භාර ගත යුතුමයි. නිරායුධ ව මේ මිනිස්සුන්ව ඇරියේ ඇයි.
2026-07-14 12:40:30
15
anjanamanohari :
අනේ පවු දෙයියනේ
2026-07-14 12:11:32
10
🇱🇰💖සඳමාලි💖🇰🇼 sadamali :
මේ සියල්ලටම වග කියන්න ඔනි රටේ ජනාධිපති මේ දරුවගේ ජිවිතය බේරාල දෙන්න 😭😭😭🙏🙏🙏🙏🙏🥹🥹🥹
2026-07-14 14:10:17
1
Ravindu 🫡 :
ඒ තාත්තා මැරෙන්න විනාඩියකට කලින් හිතන්න ඇති මන් මැරුනොත් මගෙ දරුවව බෙරගන්න පුලුවන් වෙයිද කියලා හිතෙන්න ඇති 🥺
2026-07-14 14:54:43
2
💖💖dinu💖💖 :
ane pau deiyane
2026-07-14 19:19:20
0
qweeqqweeq :
Newnan suwa ledewava
2026-07-14 19:17:22
0
nilukasudusinghe :
niwan suwa labewa 😢🙏🙏🙏
2026-07-14 19:04:00
0
🌻🌻 :
අනේ දෙයියනේ මේ අපරාදේ කරපු උන්ට හෙනම ගහනවා 😓😓
2026-07-14 13:31:38
1
Sudesh nilanga :
2026-07-14 17:52:10
0
𓄂🇱🇰𝐒𝐇𝐀𝐌𝐌𝐈♟️ :
Ane paw 😪😪😪
2026-07-14 17:50:37
0
Menaka Sadaruwan :
deranen puluwan nam udauwak karanna
2026-07-14 18:35:33
0
user7182680308213 :
niwan suwa labwa
2026-07-14 18:25:10
0
✧༝ 𝓣𝓱𝓾𝓼𝓱𝓪𝓻𝓪 ༝✧🇰🇼 :
😔🌼🌼🙏
2026-07-14 12:12:07
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.