@il.prudent5: Œil Prudent, l’intelligence digitale au service de votre croissance.@D~S Couture 77689152 #premium #tendance_sur_tiktok

Œil Prudent Studio
Œil Prudent Studio
Open In TikTok:
Region: ML
Friday 17 July 2026 08:00:00 GMT
185
14
1
3

Music

Download

Comments

sambadiallo048
D~S Couture 77689152 :
💪
2026-07-17 10:07:28
1
To see more videos from user @il.prudent5, please go to the Tikwm homepage.

Other Videos

ගුණපාල සීයා උදේ පාන්දරම නැගිට්ටේ හරිම සතුටින්. අද සෙනසුරාදා. සති දෙකකින් දකින්න නොලැබුන ලොකු පුතයි, ලේලියි, මුනුපුරෝ දෙන්නයි අද මහ ගෙදර එනවා කියලා තිබුනේ. සීයා එයාගේ පෙන්ෂන් එකෙන් ඉතුරු කරපු සල්ලි ටික අරන් ඊයේ රෑ කඩේට ගියා. මුනුපුරෝ ආසම කරන ජාතියේ ටිපිටිප්, චොකලට් ගෙනත් හැංගුවා. උදේම නැගිටලා පුතා ආසම කරන විදියට පොළොස් ඇඹුලක් හැදුවා. කොන්දේ අමාරුව තිබුනත්, පැයක් විතර ලිප ළඟ දුම් කාගෙන එයා ඒ දේවල් කලේ පුදුම ආසාවකින්. දවල් 12 වුනා. ගුණපාල සීයා හොඳම සරමයි ෂර්ට් එකයි ඇඳගෙන ගේට්ටුව ගාවට වෙලා පාර දිහා බලන් හිටියා. පාරේ වාහනයක් යන සද්දයක් ඇහෙන පාරට එයාගේ ඇස් දිලිසුනා.
ගුණපාල සීයා උදේ පාන්දරම නැගිට්ටේ හරිම සතුටින්. අද සෙනසුරාදා. සති දෙකකින් දකින්න නොලැබුන ලොකු පුතයි, ලේලියි, මුනුපුරෝ දෙන්නයි අද මහ ගෙදර එනවා කියලා තිබුනේ. සීයා එයාගේ පෙන්ෂන් එකෙන් ඉතුරු කරපු සල්ලි ටික අරන් ඊයේ රෑ කඩේට ගියා. මුනුපුරෝ ආසම කරන ජාතියේ ටිපිටිප්, චොකලට් ගෙනත් හැංගුවා. උදේම නැගිටලා පුතා ආසම කරන විදියට පොළොස් ඇඹුලක් හැදුවා. කොන්දේ අමාරුව තිබුනත්, පැයක් විතර ලිප ළඟ දුම් කාගෙන එයා ඒ දේවල් කලේ පුදුම ආසාවකින්. දවල් 12 වුනා. ගුණපාල සීයා හොඳම සරමයි ෂර්ට් එකයි ඇඳගෙන ගේට්ටුව ගාවට වෙලා පාර දිහා බලන් හිටියා. පාරේ වාහනයක් යන සද්දයක් ඇහෙන පාරට එයාගේ ඇස් දිලිසුනා. "දැන් එයි... තව ටිකකින් එයි..." සීයා තනියම මුමුණ ගත්තා. දවල් 2ත් පහු වුනා. තාම කවුරුත් නෑ. බඩගින්න වැඩි වුනත් සීයා කෑවේ නෑ. "දරුවෝ ආවම එකටම කනවා" කියලා එයා වතුර එකක් බීලා බඩගින්න යටපත් කරගත්තා. හවස 3ට විතර සීයාගේ පරණ නොකියා ෆෝන් එක රිං වුනා. "තාත්තේ... අපි එන්න ලෑස්ති වුනා විතරයි, පොඩි එකාට උණ ගත්තානේ... අද එන්න වෙන්නේ නෑ. අපි ලබන සතියේ එන්නම්..." පුතා එක හුස්මට කියාගෙන ගියා. සීයා තත්පරයක් නිහඬ වුනා. එයාගේ ඇස් අගට කඳුළක් උනන්න හැදුවත් එයා ඒක තද කරගත්තා. "ආ... එහෙමද පුතේ... කමක් නෑ. දරුවට බෙහෙත් ටිකක් අරන් දෙන්න. පරිස්සමෙන් ඉන්න..." සීයා බොහොම අමාරුවෙන් හඬ පාලනය කරගෙන කිව්වා. ෆෝන් එක තිබ්බ ගුණපාල සීයා හිමීට කුස්සියට ගියා. මේසෙ උඩ ඇරලවත් නැති කෑම පිඟන් ටික දිහා එයා බලාගෙන හිටියේ හිස් බැල්මකින්. ආසාවෙන් උයපු පොළොස් ඇඹුල හොඳටම නිවිලා ගිහින්. රෑ 8ට විතර සීයා පිඟානකට බත් ටිකක් බෙදාගත්තා. උදේ ඉඳන් බඩගින්නේ හිටියට එයාට බත් ඇටයක්වත් ගිලින්න පිරියක් තිබුනේ නෑ. බත් එක අනාගත්ත අතින්ම එයා විනාඩි ගාණක් කල්පනා කලා. අන්තිමට යාන්තම් බත් කටවල් දෙකක් කාලා එයා පිඟාන පැත්තකින් තිබ්බා. මුනුපුරන්ට ගෙනාපු ටිපිටිප් පැකට් ටික එහෙම්මම අල්මාරිය උඩ. දරුවනේ... නුඹලා වැඩ රාජකාරි අස්සේ හිරවෙලා ඉද්දි, ගම්වල මහ ගෙවල් වල තනි වුන අම්මලා තාත්තලා නුඹලා එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවා. එයාලට නුඹලා ගේන ඇපල්, මිදි වලට වඩා වටින්නේ නුඹලාගේ මූණ දැකලා හිනා වෙන්න ලැබෙන එක විතරයි. "වැඩ වැඩි" කියලා කවදාවත් ඒ ගමන කල් දාන්න එපා. මොකද දවසක නුඹලා වැඩ ඉවර වෙලා යද්දි, ඒ ගේට්ටුව ගාව නුඹලාව පිළිගන්න ඒ මනුස්සයා නැති වෙන්න පුළුවන්. එදාට ඒ උයපු බත් එකේ රහ මතක් වෙලා නුඹලාට පිස්සු හැදෙයි. ~ Chanuka Jeewantha #FatherLove #Loneliness #OldParents #Waiting #Sacrifice

About