@adaderanasinhala: පිළියන්දල පත්තු වූ පොලිස් වෙඩි සිද්ධිය වූ ස්ථානයේ නවතම දර්ශන පෙළක්... “වෙඩි සද්දයක් වගේ ආවා...දොර වහගත්තා බයට” පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක්කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබුණි. පොලීසිය පැවසුවේ අද (19) උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදුකරන ලද වැටලීමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුකළ බවය. එහිදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක්කිරීමට තැත් කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ ගෙන තිබේ. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ එම සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියේ පැමිණි අනෙක් තැනැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 05:16:01 GMT
23265
565
5
97

Music

Download

Comments

the.pilots.hommey
The Pilot's Hommey :
බොකුන්දර කොහෙද
2026-07-19 06:24:43
1
suren.joseph
suren joseph :
niyamai
2026-07-19 06:35:39
0
dinujayanuwanjith4
dinujaya nuwanjith :
Piliyandala neme boralasgamuva 😂
2026-07-19 06:57:44
1
daga.waba.kalata
🇱🇰🇱🇰🇱🇰😍movindu දඟයා🥰🎸 :
රාජපක්ෂල වැඩක්ද..තවම නැත්තෙ මොකද...😁😁😁
2026-07-19 09:53:34
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About