@drexx___6: මම මටම අයිති නැති ලෝකෙක, ඔයා වෙනුවෙන් විතරක්ම ඉතිරි වුණා... මුළු හදවතින්ම, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, මම ඔයාට ආදරේ කළා. ඒත් ඒ ආදරේ අන්තිමට මාව නතර කළේ කොතනද ?? හැමදාමත් වගේ... මමම ආදරේ කරනවා, මමම බලාපොරොත්තු තියාගන්නවා, අන්තිමට... මමම ඒ බලාපොරොත්තු කැඩිලා බිඳිලා යන දිහා බලාගෙන තනියම හූල්ලනවා. මගේ හිතේ තියෙන මේ හැඟීම් ඔක්කොම ඔයාට කවදාවත් නොදැනෙන එකමයි රිදෙන්නේ. මම ඔයා වෙනුවෙන් වැටෙන එක කඳුළු බිංදුවකවත් බර, ඔයාගේ හදවතට දැනෙන්නේ නැහැ. දුකමයි, තනිකමමයි, පාලුවමයි විතරක්ම මට ඉතුරු කරලා... ඔයා ඔයාගේම ලෝකෙක හරිම සතුටින් ඉන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා, මම ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා. ඒත් මේ හිතුවක්කාර හිත තවමත් හැරෙන්නෙම ඔයා ඉන්න පැත්තටමයි. මාව රිද්දන්නේ ඔයාමයි කියලා දැන දැනත්, ආයෙමත් රිදවාගන්න මේ හිත දුවන්නේ ඔයා ළඟටමයි. ඔවු මම දන්නවා.. මේක මගේම වැරැද්දක් වෙන්න ඇති. ඕනෑවට වඩා ආදරේ කරන වැරැද්ද, ඕනෑවට වඩා කෙනෙක්ව විශ්වාස කරපු වැරැද්ද. ඒ වැරැද්දට මම අද තනියම වන්දි ගෙවනවා... කාටවත් නොපෙනෙන්න, කාටවත් නොදැනි , මහ රෑ කොට්ටෙට බර වෙලා, මන්ම ආදරේ කරලා, මන්ම විඳවනවා..!!❤️🩹❤️🩹 #hartbroken #fypシ #imotional
Drexx___6
Region: LK
Monday 20 July 2026 03:32:19 GMT
Music
Download
Comments
Lakshanthi 🇮🇹 :
🥺🥺🥺
2026-07-21 00:40:54
0
To see more videos from user @drexx___6, please go to the Tikwm
homepage.