@walk.story: මේක හොල්මන් සීන් එකක් නෙමෙයි..! ඒත් එක තැනකදි අහපු හොල්මන් කතාවක්..! 😩☠ මාතර මුලටියන රක්ෂිතය මැදින් වැටුණ පාර මේ වර්තමානයේත් රාත්‍රි 7න් 8න් පස්සේ බළු බව්වෙක් නැති ගානට පාළුයි..ඉඳහිට වාහනයක් දෙකක් දෙපැත්තට යනවා.මාතරින් අවසාන බස් එකත් ගියාම නම් ඉඳහිට යන වාහනයක් හැරෙන්න දිවා කාලයේ වගේ නිතර වාහන යන්නේ නෑ..කැලේ මැද පොඩි වෙලාවකට හරි වාහනයේ හෝ බයික් එකේ යතුර Off කරලා හිටියොත් ඇහෙන්නේ කැලේ සතුන් අන්ධකාර රාත්‍රියට භීතියෙන් කෑ ගසන සද්දේ..ඒ අතර ගොදුරු සොයා ගස් උඩ සිටින බකමූනෙක් බස්සෙකුගේ හඬත් සමගින් ඉඳහිට ඈතින් පසුව ලඟින් උළමෙකුගේ හඬත් ඇහෙන්න පුළුවන්..ඝන අන්ධකාරයෙන් වැසී ගිය මුළු පළාතෙම විදුලි ආලෝකයක් දකින්න පුළුවන් වෙන්නේ දුරින් දුරින් තියෙන ලයිට් කණු යට විතරයි..🥹 මේ මම කියන්න යන කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ.ඒත් මට දිනක් කවුරුන් හෝ විසින් ඒ අවට එක්තරා තේ කඩයකදි කියනවා අහන්න ලැබුණා..මේ කියන්න යන කතාව වර්තමානයේ සිදු නොවුනත් මීට දශක කිහිපයකට ඉහත සිදු වූ සිදුවීමක් බව දැනගන්න ලැබුණා.. මේ පාරේ ගමන් කරනවිට මේ මුලටියන රක්ෂිත වනාන්තරය මැදදී සුදු සරමක් කමිසයක් ඇඳගත් කවුරුන් හෝ තලතුනා පිරිමි පුද්ගලයකු විසින් යතුරු පැදි වලට අතදමා නවතා මගට ගෙනගොස් දමන ලෙසට ඉල්ලීමක් කරනවලු.ඔහුගෙන් කිසිවෙකුට කරදරයක් සිදු වන්නේ නැතිලු.ඔහු රැගෙන යන අයට මගදි හමුවෙන පන්සල සහ දේවාලය අසලදි ඔහු පිටුපස නොමැති බව දකින්න ලැබෙනවලු..මේක තමයි කතාව..මේක ඇත්තද බොරුද දන්නේ නෑ..එහෙම කතාවක් මට දැනගන්න ලැබුණා.. මේ පාර කාපට් අතුරා සංවර්ධනය කරන්න කලින් ගල් යොදා තාර දැමූ පැරණි පාරක්ව තිබුණා..ඝණ කැලෑවෙන් වටවූ මේ පටු පාරේ 71 වසරේ හෝ 88/89 කාල වල කැරැල්ලෙන් ඝාතනය වූ අයගේ මල සිරුරු මේ පාරේ තැනින් තැන ගිනි තබා තිබුණා කියලා දැනගන්නත් ලැබුණා..ඒ හේතුව මත මෙහෙම සිදුවීමක් වෙන්න ඇති කියලා සමහරු අනුමාන කරනවා.කොහොමහරි ඇත්තටම මෙහෙම සිදුවීමක් උනාද තිබුණද කියන්න මම දන්නේ නෑ.. දැන් ඉතින් මේක දැක්කා ඇහුවා ගියලා බය වෙන්න එපා.මේ පාරේ බයික් එකෙන් වාහන වලින් නිතර යන එන අය ඕන තරම් ඉන්නවා.මමත් නිතර වනවා.ඒත් එහෙම කිසිම කෙනෙකුට මෙහෙම සිදුවීමක් වර්තමානයේ වෙලා නම් නැහැ. ඒත් මට මේ පාරෙන් එද්දී මේ කතාව ටිකක් මතක් උනා.. ඉතින් මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න..ඒ වගේම කලබල කාලේ ඉහතින් සඳහන් කලා වගේ ඝාතනය වූ සිරුරු පිළිස්සෙමින් තිබුනාද නැද්ද යන්න දන්න අය ඉන්නවා නම් ඒ ගැනත් පුංචි විස්තරයක් ලියලා යන්න.. සටහන / රූප Walk Story 🖤🍃
Walkstory
Region: LK
Tuesday 21 July 2026 20:59:57 GMT
Music
Download
Comments
Iresh Maddumage :
මුලටියන 😁😁...කොහෙද බන් හොල්මන් 🤣🤣🤣
2026-07-22 18:18:11
1
Supun D Hewage :
mama meke bike eke thaniyama gihin thiyano bn. ehema mukuth une nam nea 😁
2026-07-22 14:42:17
2
🩷𝓓𝓲𝓵𝓵𝓪🩷. 𝓚𝓪𝓻𝓽𝓱𝓲𝓴 :
මම නිතරම. යන බාර 😁😍
2026-07-22 16:18:03
1
danuka522 :
ඔයාලට මතකයිද දියදාව කැලේ බෙල්ලේ වැල දගෙන සියා කෙනෙක් මැරුනා දෙනියාට යන පරේ
2026-07-22 16:54:32
0
Dreams :
රැ 1ට වැඩ ඉවර වෙලා ගෙදර ගියා අවුරුදු 2ක් මගේ බයික් එකට නැග්ගේ නෑ ඔයා මිනිහා 😁😁😁
2026-07-22 16:32:38
1
Praveen Kavishka :
බයට නේ වීඩියෝ කරේ😂😂
2026-07-22 17:13:41
1
kogila :
இரவைக்கு இந்த ரோட்ட பார்க்கும்போது பயமாக இருக்கு
2026-07-22 16:47:05
1
Giha perera 🇱🇰🇵🇭 :
ඔහෝම දේවල් තියෙනවා හැමොටම පෙන්නේ නෑ ඔය දේවල්.
2026-07-22 10:02:40
1
LD Travels :
Reverston wala rata thiyanawa para waraddanawa 😳
2026-07-22 06:42:46
2
nadeekadilani22 :
ඔයා මුලටියෙනද අපිට නම් එහෙම වෙලා නෑ බොරු කියන්න එපා 🤣
2026-07-22 05:41:14
2
MA DU WA :
mn ra 12tath thaniyama avilla thinawa oya pare
2026-07-22 15:49:32
1
💝සෙතු බබා..💝✨️🌺🌷 :
මේ රුවන්වැල්ල පාරද
2026-07-22 05:40:36
1
★ 𝙍𝙤𝙨𝙝𝙖𝙣 ▄︻┻═┳一 💀 :
Boru ne 😂
2026-07-22 15:17:48
1
YASHU DISANAYAKE :
ඔය කතාව අහලා තියෙනවා..මම දවස් තුනක් වාරක කිහිපයකදිම මම ඇවිත් තියෙනවා උපරිම තුන් සැරයයි..ඒත් රැ වෙලා බයික් එකේ...හැබැයි ඔය සිද්දියට නම් මුහන දිලා නැ..
2026-07-22 17:01:18
0
අම්මාගෙ පන ❤ සoජලි දොනි ❤ :
පරිස්සම්න් යන්න තෙරුවන් සරණයි❤️ඔයාට
2026-07-21 21:09:07
3
🇱🇰🇷🇴SACHIYA🇷🇴🇱🇰 :
බොරු බන් ඔව මාත් මුලටියන ඉන්නෙත් උබ විඩොයො එක පටන් ගන්න තැනට පොඩ්ඩක් පල්ලහයින් ඉන්නෙත් මත් ඔකෙ යනව රැ 12 ට 1 ට විතර කිසිම ප්‍රශ් නයක් නැ කොටි හිපු කලෙ ඔකෙ මිනිස්සු මරල ගොඩ ගහල තිබ්බ එත් ප්‍රශ්නයක් නැ එක තැනක් තියන බිලි ගන්න තැනක් වහන වලට ගස් වැටෙනව එක වෙන්නෙත් අවුරුදු ගනක් ගියම වෙන්නෙ එකම තැන් දෙන්නෙක් බිලි ගත්ත එච්චරයි එකත් රැ නෙමෙයි
2026-07-22 16:52:48
0
🩷𝓓𝓲𝓵𝓵𝓪🩷. 𝓚𝓪𝓻𝓽𝓱𝓲𝓴 :
පොරැ කියන්න එපා 😁ඔයි
2026-07-22 16:17:43
1
danuka522 :
මත් එ හරියෙ තමයි මත් ඔය පරේ ගිහිල්ලා තියනවා එත් එම දෙයක් උනේ නම් නැ තාම 😮💨
2026-07-22 16:50:54
0
@ K R I S H A N 🌻 🇱🇰 :
ආතල් දෙන්න එපා අපි ඔය පාරෙ දිනපතා යන මිනිස්සු
2026-07-21 23:06:23
8
Theekshana Sandeep :
නැ මුලටියන
2026-07-22 06:52:27
3
User123 :
කෝ හොල්මන්, බොරු දාන්න එපා
2026-07-22 11:24:37
3
චමින්ද මල්ලි,,,, ♥️♥️♥️♥️♥️♥️ :
🤣🤣🤣 යකෝ හැමදාම යනවා අපි දන්නේ අද 🤣🤣
2026-07-22 00:12:16
3
Dreams :
හැබැයි ඉතිම් අක්ක කෙනෙක් නැති වුනා ඔය පරේ ගසක් වැටිලා ත්‍රිවිල් එක උඩට.
2026-07-22 16:34:03
3
Shan😍k :
රැ දෙකට තාත්තා කොලඔ බස් එකට දාල එන් මම.😳
2026-07-22 15:08:18
1
Himansa Amodya :
oka aththak
2026-07-22 14:06:15
2
To see more videos from user @walk.story, please go to the Tikwm
homepage.