@thenobody.lk: අපි කුඩා කාලයේ ඉඳලම හැදී වැඩෙන්නේ යම්කිසි රාමුවක් ඇතුළේ. ඒ රාමුව තමයි "හොඳ සහ නරක" කියන බෙදීම. සමාජයක් විදිහට එකට ජීවත් වෙන්න මේ බෙදීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්නේ පව් කිරීමෙන් ඈත් වෙලා, හැකිතාක් පින් රැස් කරගන්න. හැබැයි පොඩ්ඩක් මේ ගලාගෙන යන ජීවිතය දිහා ගැඹුරින් සහ උපේක්ෂාවෙන් බලන්න. පව සහ පින කියන්නේ එකිනෙකට වෙනස් දේවල් දෙකක් නෙවෙයි, ඒක එකම කාසියක දෙපැත්තක් විතරයි. මේ දේවල් දෙකම අයිති වෙන්නේ "ද්විත්වයට" එහෙමත් නැත්නම් Duality කියන ස්වභාවයට. හිතන්න... යකඩ දම්වැලකින් බැන්දත්, රත්තරන් දම්වැලකින් බැන්දත් ඒකෙන් වෙන්නේ නිදහස නැති වෙන එක නේද? පව හරියට යකඩ දම්වැලක් වගේ. ඒකෙන් අපිව වේදනාවට, පසුතැවිල්ලට සහ අඳුරට ඇදලා දානවා. ඒත් පින කියන්නේ රත්තරන් දම්වැලකට. ඒකෙන් අපිට තාවකාලික සතුටක්, කීර්තියක් සහ සමාජයේ පිළිගැනීමක් ලැබෙනවා. හැබැයි ඒ රත්තරන් දම්වැලෙනුත් කරන්නේ අර "මම" කියන බොරු අහංකාරය තවත් තදින් සංසාරයට බැඳලා තියන එකයි. සැබෑ බුදු දහම කිසිවිටෙකත් පින් කරන්න හෝ පව් කරන්න යැයි කියා දේශනා කළේ නැත, එයින් උගන්වන්නේ පිනෙන් සහ පවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වන මාවතයි. සැබෑ ලෙසම නිවී සැනසීමට පත්වූවන් තවදුරටත් පින් රැස් කිරීමේ හෝ පව් සිදු කරගැනීමේ මනසක නොසිටියි. එසේ තිබියදී, අද වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලා පින සහ පව පිළිබඳ වැරදි මිත්‍යාවන් සමාජයේ වපුරමින් මිනිසුන් අඛණ්ඩව අවිද්‍යාවෙහි ගිල්වා තබන්නට උත්සාහ කරති. ඊට ප්‍රධානම හේතුව වන්නේ, පින මුල්කරගනිමින් සමාජයෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන, කීර්තිය සහ ආධිපත්‍යයයි. මිනිසුන් අවිද්‍යාවෙන් මුදවා නොගතහොත් මේ මුලාවෙන් ඔවුන්ට කිසිම ගැලවීමක් නැත. ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් පෙනේවි, බොහෝ වෙලාවට අපේ අතින් පවක් වුණාම අපේ මමත්වය බිඳ වැටිලා අපි පසුතැවෙනවා වගේම අපි ලොකු පිනක්, යහපත් දෙයක් කළාම අර "මම" කියන හැඟීම ඊට වඩා සියගුණයක් වේගෙන් පිම්බෙනවා. "මම අද ලොකු දානයක් දුන්නා", "මම අනිත් අයට වඩා සිල්වත්", "මම මේ කරන දේවල් වලින් මට ඊළඟ ආත්මේ සැප ලැබෙයි". මේ හැම සිතුවිල්ලක් ඇතුළෙම හැංගිලා ඉන්නේ අර කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැති ආත්මාර්ථකාමී 'මම' නේද? එතකොට පින් කරලා අපි වැඩි කරගන්නෙත් මමත්වයමනෙ. කොහොමද පින් උදවු වෙන්නෙ නිවන් දකින්න. ප්‍රඥාව වැඩෙන සිහිය ප්‍රගුන කරගෙන්නෙ නැතුව ඒ දේවල් වලින් වැඩක් වෙයිද? සැබෑවටම නිදහස් වුණු කෙනෙක්, එහෙමත් නැත්නම් මනසේ ශුන්‍යත්වය අත්දැකපු කෙනෙක් මේ ද්විත්වයෙන් සම්පූර්ණයෙන්ම එහාට ගිහින් ඉන්නේ. ඔහු අතිනුත් යහපත් දේවල් සිද්ධ වෙනවා. ඔහුත් සමාජයට ආදරය, කරුණාව දක්වනවා. හැබැයි වෙනසකට තියෙන්නේ, ඒ කිසිම තැනක "මේක කළේ මම" කියන හිමිකාරීත්වය නෑ. ඔහු යහපත් දේවල් කරන්නේ අනාගතයේ දිව්‍ය ලෝකෙ යන්න බලාගෙනවත්, සමාජයෙන් හොඳ අහන්නවත් නෙවෙයි. හරියට මලක් පිපිලා කිසිම අපේක්ෂාවක් නැතුව තමන්ගේ සුවඳ අවට පරිසරයට මුදා හරිනවා වගේ, අර නිවුණු මනසින් ඉබේටම යහපත විහිදෙනවා. එතන ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන "පුද්ගලයෙක්" පවතින්නෙ නෑ. අහසේ පියාඹන කුරුල්ලෙක් තමන් ගිය පාරේ කිසිම සලකුණක් ඉතුරු කරන්නේ නෑ වගේ, පිරිසිදු මනසකින් කරන ක්‍රියාවකට කිසිම කර්මයක්, පිනක් හෝ පවක් රැස් වෙන්නේ නෑ. සැබෑ විමුක්තිය තියෙන්නේ පව් අතහැරලා පින් පොදිගහගන්න එකේ නෙවෙයි; මේ අන්ත දෙකම අතහැරලා, සිතුවිලි කියන දම්වැල් වලින් මිදිලා මධ්‍යයේ නිහඬව ඉන්න එකේ. හොඳ සහ නරක, පින සහ පව කියන බැදීමත් මේ ද්විත්වයම මනසේ අඳින ලද මායාවක් විතරක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම දකින දවසට... අර දඟලන "මම" සම්පූර්ණයෙන්ම දියවෙලා ගිහින්, ඒ පුද්ගල ස්භාවය අතුරුදහන් වෙලා ස්භාවික ජීවී ස්භාවයේ පවතිනවා. ඉතින් ඒක තමයි පරම සැනසීම වෙන්නෙ. ✍️ කවුරුත් නොවන්නා | THE NOBODY #enlightenment #truthwithhiepiesuppa #buddhism #conciousness #awaken #peace #hiepiesuppa #mindfulness #buddha

කවුරුත් නොවන්නා
කවුරුත් නොවන්නා
Open In TikTok:
Region: LK
Wednesday 22 July 2026 16:17:46 GMT
4441
455
37
35

Music

Download

Comments

themiya_dilan
Themiya_dilan :
පින් කුසල් කරගමු ❤️
2026-08-27 06:58:06
1
lankara46
Lankara .❤️ :
හරිම වටින පැහැදිලි කිරීමක් 🙏🙏❤️
2026-08-26 06:26:00
1
seeker66666666
Seeker :
ඔබට ධර්මය කියාදෙන ගුරුවරයා කවුද 🙏
2026-08-23 16:14:02
1
gayanijayawardhan8
Madhushi Jayasinghe :
very well explained 💕💕💕
2026-07-23 04:42:35
3
nishan_madhusanka_
Nishan :
Great true 💯
2026-08-08 04:38:35
1
sanudinee21
Evanya Jayasinghe :
same thing I was imagining 🤍💯
2026-08-19 16:24:09
1
solution8924
Solution :
තෙරුවන් සරණයි...!🙏🙏
2026-07-23 07:09:19
1
luckywicky77
ANURUDDA 1 :
ඒක හරිම හො ඳ පැහැදිලි කිරිමක්
2026-07-24 12:36:45
2
_.kubiya._04
𝗧 " 💋 :
@HaRiDu❕💟 හිතනවට වඩා දෙයක් තියෙනවා
2026-07-23 07:41:49
1
ekanayaka090
ᴡᴀʀᴜɴ:❗🤍 :
🤍☸️
2026-07-23 01:15:53
1
harshi0224
꧁༺Harshi 224 ༻꧂ :
🙏
2026-07-22 22:46:35
1
yasasd.basnayake
Yasas D Basnayake :
❤️
2026-07-27 16:06:23
1
pradeep.kumara935
Pradeep Kumara :
🥰
2026-08-09 09:00:58
1
thetruth.lk
Truth.lk :
❤️
2026-08-06 13:24:41
1
lasithaudayanga70
Error ... :
🖤✨
2026-08-12 20:12:58
1
deesha_nd
Deesha Dananjani :
❤️
2026-08-25 11:10:04
1
To see more videos from user @thenobody.lk, please go to the Tikwm homepage.

Other Videos


About