@hash.ru: මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් හරි ලස්සනට සිනමාගත කරලා තියනවා පොඩි පොඩි සිනමාත්මක රසාස්වාදනය වැඩි දියුණු කිරීමට කොටස් කිහිපයක් එකතු කර තිබුනු නමුත් සත්‍ය සිදුවීමේ ඉතා සියුම් තැන් අපූරුවට සිනමාවට එක් කර නිර්මාණය කළ ඉතා අනර්ඝ සිනමා නිර්මාණයක්.. පුලස්ති නොහොත් කතා නායකයා වන බිමල් ජයකොඩි මිනිසෙකුට ජීවිතේ වෙන්න පුලුවන් දරුණුම බිහිසුණුම සිදුවීමකට මුහුණ දුන්නට පස්සෙත් වරදකාරී සිතුවිලි සමග සටන් කරමින් නොගැලපෙන බැදීම් නිසා වූ පසුතැවීම් සමග මැරි මැරී ඉපදෙමින් තම පවුලට පවා මුහුණ දීමට නොහැකිව සෝචනීය අවසානයක් ලගා කර ගන්නා ආකාරය තාත්විකව නිරූපනය කරයි. ආදරය, කෝපය, පසුතැවීම, අසරණකම ඒ ඒ අවස්ථා වල ප්‍රේක්ෂකයාට මනා ලෙසෙ දෘශ්‍යමාන කිරීම තුළින් ප්‍රේක්ෂකයන් ඒ චරිත සමග මොහොතක් ජීවත් කරවයි. දිනාලි නොහොත් කතා නායිකාව වන ඩිස්නි රාජපක්ෂ තමාට වඩා වයසින් වැඩි විවාහකයෙකුගේ පවුලට අනියම් ලෙස පැමිණ ඒ අනියම් ලේබලය නිසා පසුතැවෙමින් විදවමින් තම ජීවිතය සෝචනීය අවසානයක් කරා තමා විසින්ම රැගෙන යයි. ඒ තුල ඇති ආදරය, කෝපය, දුක හා වෛරය තාත්වික ලෙස ප්‍රේක්ෂකයන් වෙත දෘශ්‍යමාන කරයි. මා ඩිස්නි රාජපක්ෂ ගෙන් දුටු උසස්ම රංගනය මෙයයි. පුලස්තිගේ බිරිදට රගපාන දමිතා අබේරත්න බිරිදකගේ ඉවසීම දරාගැනීම සමාවදීම film එක ඇතුලෙ හරිම තාත්වික විදිහට ප්‍රේක්ෂකයන්ට ලබා දෙයි. තවත් දක්ශ නලු නිලියන් විශාල ප්‍රමාණයක් රංගනයෙන් දායක වන අවසාන මොහොත වන තුරුම film එකේ කුමක් වේවිදැයි සිතාගත නොහැකි කුතුහලයක් අධ්‍යක්ෂවරයා අවසානය තෙක් රැගෙන යයි. සත්‍ය සිදුවීමේදී වරදකරුවෙකු ලෙස ජරා ගෑනියෙකු ලෙසෙ හංවඩු ගැසූ පුලස්ති හා දිනාලි ගැන වෙනම කෝණයක් ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන නමුත් තමා විසින් තමාගෙ වල කපා ගන්න ඒ දෙදෙනා නිසා අගතියට පත්වන පුලස්ති ගේ බිරිඳ හා දරුවන්ගේ ජීවිත ගැන අවසානයේ ප්‍රේක්ෂකයන්ට සිතන්නට ලොකු පාඩමක් ඉතිරි කරමින් සිතාගත නොහැකි අවසානයක් කරා රැගෙන යන නමුත් මට අනුව නම් අවසානය එතරම්ම තාත්වික නොමැති බවත් කිව යුතුමයි....❤️‍🩹 සමස්තයක් ලෙස ගත්තාම මෑතකාලීන සිනමා ඉතිහාසයේ ස්වයං නිර්මාණයක් සත්‍ය සිදුවීමක් අලලා සැකසුන හොදම චිත්‍රපටය ලෙස නම් කල හැකි අතර සිනමා සම්මාන සදහා පවා නිර්දේශ විය හැකි චිත්‍රපටයක් බව නොඅනුමානය.🧿❤️‍🩹 ##sinhalafilm##roomno106 ##film##fyp###foryou

Hashini Karunarathne
Hashini Karunarathne
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 01:49:54 GMT
25804
1060
29
141

Music

Download

Comments

sulani.ranathunga
Sulani Ranathunga :
දෙයියනේ මේ මගේ කතාවමයි..මේ විදිහටම එයා ගියා 😔😔😔😔💔💔💔
2026-07-24 12:38:37
2
sara2024310
Sara 2024 :
අම්මො...මගෙ.පපුව.රිදුනා
2026-07-24 12:17:27
4
lanka.achini
🖤🌻🌼lanaka achini 🌼🌻🖤 :
mekada aeththatama une
2026-07-24 11:13:56
2
shyama576
chathu ... S ..... S♥️🌹💔🥀 :
මේව සත්‍ය කථා😭😭😭
2026-07-24 10:40:34
1
anna.fdias3
Ann Fernando dias🇱🇰 :
හරිම ලස්සනයි ෆිල්ම් එක..❤️
2026-07-24 09:47:02
1
chamodihettiarac8
chamodihettiarac8 :
Plz මේ ෆිල්ම් එකේ නම දාන්න . 🥺
2026-07-24 10:26:09
1
jayantha.sis
jayantha sis :
හොදම නළු නිලි කැ ල ❤️👍🏼
2026-07-24 14:07:48
1
akeerahansamli
𝗟𝘂𝗻𝗮'𝘀 𝗱𝗶𝗮𝗿𝘆 🎨📜♥️ :
Meka att kthwk😒.
2026-07-24 12:33:51
1
kaushikfernando1
Kaushi Fernando :
Meke full eka nedda
2026-07-24 11:56:05
1
anne.nadeeka.priy
Anne Nadeeka Priyadarshani :
මේ අර ගෑනු ලමයෙක් මරල සූට්කේස් එකේ දාපු කතාවද
2026-07-24 05:30:55
2
nikisha913787868363736
Nikifernando”#🇱🇰 :
Ammboo mage papuwa🥺 geniyekta duk dunnu hemoma e ginnen pichchei
2026-07-24 13:54:42
0
gayanthika133
Gayanthika133 :
🥰🥰🥰
2026-07-24 12:44:33
1
dilaz013
A🫶N🫶R :
🪶🕊
2026-07-24 13:42:32
0
niro4461
🦄❤️🌹නිරෝ ❤️C❤️😘Udayarathna. :
❤️💔😓
2026-07-24 07:15:36
1
To see more videos from user @hash.ru, please go to the Tikwm homepage.

Other Videos


About