@tailsoffreedomsl: අපේ අලුත්ම විශ්‍රාමිකයන් හතරදෙනා හඳුන්වා දෙන්නයි මේ. ❤️ Sonia, Jenny, Agar සහ Blackie අගෝස්තු 1 වෙනිදා නුවර පැවැත්වුණු නිල සුනඛ වෙන්දේසියේදී Tails of Freedom අපි භාරගත් සුනඛයන් හතරදෙනා. ඔවුන්ගේ සේවා කාලය දැන් අවසන්. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ ඊළඟ කාලය ආරක්ෂිතව, සුවපහසුවෙන් සහ ආදරයෙන් ගත කරන්න අවශ්‍ය රැකවරණය ලබාදීම දැන් අපේ වගකීමයි. ඒ වගේම මේ හතරදෙනාගෙන් මේ වැඩේ අවසන් වෙන්නේ නැහැ. ඉදිරියේදී සේවයෙන් විශ්‍රාම යන නිල සුනඛයන්ට ස්ථාවර සහ විශ්වාසදායක විශ්‍රාමික රැකවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා අපි මේ වනවිට යෝජනාවක් සකස් කරමින් සිටිනවා. ඒ වෙනුවෙන්ම වෙන්වූ ස්ථානයක් සහ දිගුකාලීන රැකවරණ වැඩපිළිවෙළක් ගොඩනැගීමත් එම යෝජනාවේ කොටසක්. මෙය Tails of Freedom අපේ ප්‍රධාන වැඩසටහන් අතරින් එකක් බවට පත්කරගෙන, ඉදිරියේදී සේවයෙන් විශ්‍රාම යන තවත් සුනඛයන් වෙනුවෙන් මේ වගකීම දිගටම ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා. Sonia, Jenny, Agar සහ Blackieගේ විශ්‍රාම දිවියේ මේ අලුත් පරිච්ඡේදයට අපිත් එක්ක ඔබත් එකතු වෙන්න. 🐾 සැලකිය යුතුයි : පොලිස් නිල සුනඛ වෙන්දේසිය යනු අපේ රටේ පවතින නීතිය අනුව සිදු කළ යුතු දෙයක් මිස ලාභය තකා කරන ක්‍රියාවලියක් නොවෙයි. මේ සුනඛයන් විශ්‍රාම ගිය පසු ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පොලිසියට හිතුමතේ තීරණය කළ හැකි දෙයක්ද නොවෙයි. රජයේ පවතින නීති, රෙගුලාසි සහ ක්‍රියාපටිපාටි අනුව පොලිසියටත් කටයුතු කරන්න වෙනවා. ඒවා වෙනස් කිරීමත් එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ අනුව කාලයක් ගියත් පවතින ක්‍රමයට දොස් නගනවා වෙනුවට සතුන්ට වඩාත් හොඳ ක්‍රමයක් ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙමු. #srilanka #servicedogs
tailsoffreedomsl
Region: LK
Sunday 02 August 2026 10:38:51 GMT
Music
Download
Comments
Sepali :
ඇයි එයාලව ලංසු තියලා විකුනන්නෙ , ආදරෙන් හදන කෙනෙකුට නිකං දෙන්න පුළුවන් නෙද
2026-08-04 05:43:44
0
CKM :
ගොඩක් පිං🙏
2026-08-04 09:10:26
0
zlatan ibrahomvic :
good job ❤
2026-08-03 02:34:48
1
warsha🩺🦷 :
මට කෙනෙක් ඔන ගන්නේ කොහොමද
2026-08-04 06:35:31
0
udayangani udayangani :
ඔයාලට ගොඩක් පිං🙏එයාලව හොදින් ආදරයෙන් බලාගන්න
2026-08-03 05:01:12
1
Chandi Dasanayake :
ඇත්තටම මෙතරම් සේවයක් කරපු එයාලව විශ්‍රාම ගෙවූ පසු රජයෙන් මේ ගොල්ලන්ව බලා ගන්න එක යුතුකමක් නෙමෙයිද? ඒ වයසෙදි වෙනත් අයට හුරු වෙන්න අමාරුත් ඇතිනේ. ඒ වගේම හිතට දුකක් දැනෙනවා ඇති😥😥😥
2026-08-03 02:33:09
39
Nipun lakshan :
හරිනම් මැරෙනකන් රජයෙන් බලා ගන්න ඕන... මෙයාලටත් පෙන්ශන් එකක් හදල ඒකෙන් එයාලව බලා ගන්න යොදවන්න පුලුවන්..මෙහෙම වෙන්දේසී කරන් එක මහා ජරාම වැඩක්.. පොලීසි උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තූ වෙන්නත් බෑ ඉතින්
2026-08-03 10:10:08
23
Dog lover :
අනේ මේ දරුවෝ අවසන් කාලේ සතුටින් ඉන්න ට ලැබේවා 🙏🙏🙏🤗🤗ඔයාලට පිං අය්යේ
2026-08-03 01:42:35
14
Truth :
Why not government take care of them ? Hope someone from authority will see this and do the needful to take a good care of them without setting them after their valuable service
2026-08-02 15:42:21
2
sweetsyon28 :
Ane Thank You 🥺🙏🏻
පිං
2026-08-02 15:38:01
3
User7273637 :
Thank you for loving and taking care of these babies
2026-08-02 13:18:19
6
❤️😍 :
I truly appreciate you for choosing a service dog that no one else had even placed a bid on or paid attention to. They are the ones that need love, care, and support most… hats off
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
2026-08-02 15:59:43
15
Σ Я Λ П :
Truly appreciate your kind 🖤
2026-08-02 18:15:58
1
lords.speak :
Thank you team❤️Really touched by this video and this won a donation from mine.
2026-08-02 14:27:04
3
Pamod dewapriya :
2026-08-02 16:01:41
1
Dishna Wanniarachchi :
2026-08-03 01:55:19
1
Pawani Umayangana :
This is great
2026-08-02 14:54:27
1
methhxxxx_ :
Amazing u guys
2026-08-02 16:54:27
1
Gihan Oshi :
Respect
2026-08-02 14:41:49
1
hesharavi warangana :
God bless you dear ❤️
2026-08-02 14:19:03
0
Ramith :
Echchara service ekak karapu unwa vendesi karanawa kiyanne kathama wedak be. aei rahayata bari marenakan eyalawa bala ganna
2026-08-03 01:48:48
3
ViMorgana :
Paw anee
2026-08-02 12:23:25
1
Wathmi :
Thank You soo much for you Kindness. ❤️❤️❤️
2026-08-02 15:52:45
1
talking dog :
ඒගර් සුභ ගමන් ❤️❤️❤️❤️
2026-08-02 15:12:10
1
To see more videos from user @tailsoffreedomsl, please go to the Tikwm
homepage.