@laila.lyrics12: __ඔසප් වීම__ දවස් දෙක තුනක්.... නැත්නම් සමහර කෙල්ලන්ට සතියක් දෙකක් පුරාවට.... කෙටියෙන් කිව්වොත්, ඒ කෙල්ලගේ කෙස්ගහේ ඉඳලා යටි පතුල දක්වාම තියෙන්නේ දරාගන්න බැරි පට්ට වේදනාවක්....! 😫🩹 ඇවිදගන්න බෑ.... නිදාගන්න බෑ....ඒ අමාරු දවස්වලට බත් කටක්වත් කන්න බැරි තරමටම ඇඟ ඇතුළෙන් රිදෙනවලු. 😔💔 කෙල්ලෙක් වැඩිවියට පත්වුණාම, ඇය දවසක "මවක්" වෙන්න සුදුසුයි කියන ස්වභාවදහමේ සලකුණ තමයි මේ. ඇයගේ ගර්භාෂය ඇතුළේ දරුවෙක්ට වර්ධනය වෙන්න පුළුවන් පරිසරය හැදෙනවා. හැබැයි එහෙම නොවෙන හැම මාසෙකම, ඒ ගර්භාෂ බිත්ති බිඳිලා ලේත් එක්ක ශරීරයෙන් පිටවෙලා යනවා. සරලවම කිව්වොත් ඒක තමයි ඇතුළේ සිද්ධ වෙන්නේ. 🔄🩺 පියයුරු දෙකෙන් එන කැක්කුම.... යටි බඩ ගලක් වගේ තද වෙද්දී.... දවසට තුන් හතර පාරක් කලන්තේ දාන්න එද්දී.... කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉන්නවත් පණක් නෑ. 😣 වාඩි වෙන්න බෑ, සනීපාරක්ෂක තුවාය ලේ වලින් පෙඟිලා යද්දී, මුළු ඇඟෙන්ම වෙනස්ම සුවඳක්/ගඳක් දැනෙද්දී.... බඩ හෙල්ලෙන්නේ නැති වෙන්න අමාරුවෙන් අඩියෙන් අඩිය තියලා ඇවිදින කෙල්ලෝ ඉන්නවා. 🚶♀️ බිත්තියට හේත්තු වෙලා, ඇඳේ ඉන්න විදියක් තේරෙන්නේ නැතුව එහාට මෙහාට පෙරළෙද්දී, නොදැනුවත්වම බෙඩ්ෂීට් එක පුරාම ලේ තැවරෙන වාර අනන්තයි. 🛏️🩸 ඊටපස්සේ ඒ ඇඳුම්, ඒ ලේ පැල්ලම් කල් නොදා හෝදගන්නත් ඕනේ. 🧼 හිටපු ගමන් බඩේ කොරය අල්ලලා දරාගන්න බැරිම තැන, "අනේ අම්මේ ඉන්න බෑ.... බඩ රිදෙනවා...." කියලා අඬන වාර ගිණිය නොහැකියි. 😭 "ෆෙම්ස්" (Fems) හෝ "ඊවා" (Eva).... කෙල්ලෝ පාවිච්චි කරන්නේ මේවා තමයි. හැබැයි ඒවා ගන්න සල්ලි නැති සමහර අසරණ, දුප්පත් කෙල්ලෝ අදටත් අම්මගේ පරණ චිත්ත කෑල්ලක්, නැත්නම් තාත්තගේ පරණ සරම් කෑල්ලක් නමලා පාවිච්චි කරනවා. දවසට තුවා කෑලි 7ක් 8ක් මාරු කරන්න සිද්ධ වෙන ගැහැනු ළමයිනුත් මේ සමාජයේ ඉන්නවා. 🥺 සැබෑ තිත්ත ඇත්ත ඒකයි....! වොශ්රූම් එකට යන්න හදද්දිත් ඇඟ ගැහෙනවා. වතුර බිංදුවක් බඩ උඩට වැටෙද්දී කලන්තේ හැදෙන්න වගේ එනවා, මුළු ඇඟම වෙව්ලනවා. තමන්ගේම ඇඟෙන් ලේ වැගිරෙනවා බලන් ඉන්න එක ලෙහෙසි නෑ. 🥺 දරාගන්න බැරිම තැන පැනඩෝල් පෙති බොනවා. හැබැයි ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලපානවා කියලත් කියනවා. 💊 කෙල්ලෙක් කියන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි මචං.... කොල්ලෙක්ගේ හයිය තියෙන්නේ එළියෙන් වුණාට, කෙල්ලෙක්ගේ හයිය තියෙන්නේ ඇතුළෙන්....! 💪❤️ තව ලියන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි කියවන්නත් අමාරු නිසා මෙතනින් නවතින්නම්. මේක කියවන කෙල්ලෝ මේ වේදනාව ගැන හොඳටම දන්නවා ඇති. 🥺✨ කොල්ලන්ට චූටිම චූටි පණිවිඩයක් 🥺 උඹේ කෙල්ලව මේ වගේ දවස්වලට ආදරයෙන්, ඉවසීමෙන් බලාගනින් මචං. 🫂❤️ හැම ගැහැනු ළමයෙක්ටම ගරු කරන්න පුරුදු වෙයන්. 🙏✨ (මේ පණිවිඩය සමාජයට අත්‍යවශ්‍ය නිසයි බෙදාගත්තේ. කාගේ හරි හිතක් රිදුණා නම් සමාවෙන්න.) 🩸❤️🙏 මේ ගැන ඔයාලගෙ අදහස කියාගෙන යන්න.❤️ -copid- #fyppppppppppppppppppppppp #girl #period #confidence #feelings
Laila
Region: LK
Sunday 02 August 2026 16:54:52 GMT
Music
Download
Comments
✿𝑴𝒂𝒍𝒆𝒆𝒔𝒉𝒂༺💄👰 :
අම්ම ලග ඉන්නකං මේ හැම දවසක්ම නොදැනිම ගෙව්නත්, දවසක මේ වගේ දවස් තනියම දරා ගන්න වෙයි, ඉතිං මං කොහොමද අම්මෙ ඔය නැති ජිවිතයක් ගැන හිතන්නෙ..!
2026-08-03 17:30:47
3
sineth_hansaka :
අයියගෙ කතාවට respect නොදන්න දෙයක් ඉගෙනත් ගත්ත මාත් විශ්වාස කරනව ගැහැනු අයට ගරු කරන්න ඕනෙ කියල හැබැයි ගරුත්වය ගන්න වගේ දෙන්නත් දන්න අයට 🥰
2026-08-04 00:07:39
2
Hiru__bbh :
මං කෙල්ලෙක් විදියට මේ වචන ටිකට respect කරනෝ බං උබට උබ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත්
2026-08-03 12:44:59
5
🦋🐬_° Akarsha°_💕✨️ :
දෙයක් කියන්නද ඔයා කව්ද කියලා මං දන්නෙ නෑ මං කෙල්ලෙක් විදිහට ඔයාට Respect කරනවා..🥺💗
2026-08-02 18:14:38
474
HESHI 🫦🦋 :
මේ වගේ බුද්ධියක් තියෙන,තේරුම් ගැනීමක් තියෙන, කෙනෙක් හැම කෙල්ලගෙම ජීවිතේට ඕනෙ.🥺❤️
2026-08-03 09:21:41
5
@Shani dil :
ඒ වචන ටික 🥺🥺
2026-08-03 13:57:24
1
Angell💋🧚♂️🥹 :
aththatama respect 🥹❤️🩹
2026-08-03 16:05:58
3
~vimu k kaushi~ :
මටත් ඕනි කවදාහරි මේ වගේ ම හිතන දැනෙන ආදරණීය කොල්ලෙක්.. පුතු පැටියෙක් ඉන්න බංඩි අම්මෙක්ගෙ එකම පැතුම🥺
2026-08-03 04:25:19
110
❤︎✈︎𓇽•pavan𓇽✈︎❤︎ :
❤️🩹"කෙල්ලොන්ව අපි ආරක්ශා කරන්න ඕනේ...!!!
2026-08-03 13:51:18
24
J A N U U🤍🪬🇯🇵 :
අනේ මංදා කියවලා ඉවරවෙනකොට ඇස් වල කදුලු පිරිලා❗️
2026-08-03 05:23:46
61
Pabasha Rajapaksha 🇯🇵 :
කොච්චර අමාරු උනත් වැඩට යන්නත් වෙද්දී, වැඩ කරන ගමන් කාටවත් පෙන්නේ නැති වෙන්න කදුළු පිහිදාන ගමන්,ගෙදර යන්න ඕනි කියන හැගීමක් ආවත්,යන්නබැරිතරම් දුරකනේද ඉන්නේ කියලා හිතින්වැටෙන වාර අනන්තයි 🥲🥺
2026-08-03 03:08:45
30
Hiru Girl 07 :
කියවලා ඉවර වෙනකොට ඇස්වල කදුලු...ඔයා කවුද නම් දන්නෙ නෑ.හැබැයි respect. ඔයාට තේරෙන විදිහට කෙල්ලෙගෙ දුක,හැගීම් ගැන ලිව්වට.සමහර වෙලාවට කෙල්ලෙක් තමන්ගෙ දුක ගැන කියනකොට දැන් සමාජෙ බලං ඉන්නෙ හිනා වෙන්න.ඒ අතින් ඔයා නම් සුපිරියි.🤍🤍🥰
2026-08-03 07:16:19
16
💫 🌸𝒫𝒜𝒩c͠h͠i͠➻.🕊️ :
අනේ ඒ වචන ටික. ඒ වේදනාව දරාගන්න බැරුව හයියෙන් කෑ ගහලා අඩලා ඇති ඒ තරමටම දරා ගන්න බෑ.කෙල්ලන්ව සෙල්ලමට ගන්න මේ සමාජේ ඔහොම හිතන පිරිමි මේනැති තරම් ඒ අතින් මන් කෙල්ලෙක් විදියට ඔයාව Respect කරනවහ් 🥹☺️❤
2026-08-03 13:54:09
7
IaMaShA 🤍💋 :
ඒ වේදනාව විදින ගමන් ඉන්නෙ වෙලාවකට දරා ගන්න බැරි තැන හයියෙන් කෑගහලා අඩනවා ඒ තරමට දරා ගන්න බෑ 🥺🤍 මේ වචන ටික ලියපු ඔයා කවුද කියලා නම් දන්නෑ මං කෙල්ලෙක් විදියට ඔයාට Respect කරනවා... 🥺❤️
2026-08-03 06:24:06
14
Sithuuu Babyh 💗 :
Respect liwwa kenata🥹❤️🩹
2026-08-03 02:40:56
62
♡𝚊𝚗𝚞 ͩ✈︎♡💋 :
අනේ මේ වගේ දවසට මගේ කොලු පැටියා එයාගේ මොන වැඩේ තිබ්බත් දාලා මං ගාවට එනවා සිද්දාලේප එකයි ,උණු වතුර එකයි අරන් උදේ ඉදන් හවස් වෙනකල් මගේ කකුල් දෙකෙන් නැගිටලා හිනා වෙලා ඉන්නකල් එයා මාරම විදියට මං වෙනුවෙන් කැප වෙනවා..🥹🤍 පැනඩෝල් නැතුව මගේ වේදනාවල් නැති කරන්න පුළුවන් වුනේ එයාට .❤️දෙවියෝ මට දුන්න හොදම වටිනම තැගි තුනෙන් වටිනාකම වැඩිම දේ මගේ( bf @ ) මේක ලියපු කොල්ල ත් කෙල්ලෙක්ගේ ඒ වෙදනාව හරියටම තේරුම් අරන් තියෙනවා respect brother 🫡🤍
2026-08-02 19:10:16
22
ヒマ :
කෙල්ලන්ව සෙල්ලමට ගන්න පිරිමි ඉන්න මේ සමාජයේ.. මේ වගේ දෙයක් ලිව්ව ඔයාට respect කරනවා.. ❤️.. ඒ වේදනාව දන්නේ තවත් කෙල්ලෙක් ම විතරයි.. 🥺
2026-08-03 07:03:28
9
нє | ѕнαη🌀 :
Viral ynn oni video ekk 🥹🥺❤️🩹
2026-08-03 03:14:11
17
❤️❤️Sudu manike❤️❤️ :
Ane ee wacana tikata akamma recspat🥺🥺
2026-08-03 16:06:49
1
ASHINI DHANANJANI 🧿 :
Thank you oyata ❤️
2026-08-03 07:43:08
3
Chamith Omalka :
2026-08-03 09:28:35
1
vishvara 🧚♀️❤️ :
කොල්ලෙක් හිටියත් එයා ට මන් ගැන කිසිම ගානක් නැ කියලා මතක් උනාම පට්ට දුකයි ඒ අතින් ඔයා ට හම්බ වෙන කෙල්ල ගොඩාක් වසනාවන්තයි අයියේ
2026-08-03 14:05:44
2
monikaseww :
දැනුත් ඒ වේදනාව විදිමින් ඉන්නේ....🥺❤️🩹
2026-08-03 12:18:23
2
To see more videos from user @laila.lyrics12, please go to the Tikwm
homepage.