@usernamenhatnguyen: Hành trình 30 ngày bỏ nhậu=>Ngày thứ 3 😄#viral

Cafe Sữaaa
Cafe Sữaaa
Open In TikTok:
Region: VN
Tuesday 04 August 2026 04:56:58 GMT
1132
91
2
2

Music

Download

Comments

embemua61
Dânn Nữ Bình Dương🥰 :
2026-08-04 09:47:54
0
nguyenhuutai2711
nguyenhuutai2711 :
🥰🥰🥰
2026-08-04 07:47:42
0
To see more videos from user @usernamenhatnguyen, please go to the Tikwm homepage.

Other Videos

ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී උත්සව අවස්ථාවකදී රටේ රාජ්‍ය නායකයා ඉදිරියට ආපු වයෝවෘද්ධ සාම්ප්‍රදායික ශිල්පියෙක්, සිරිතක් විදිහට ඉස්සෙල්ලාම හිස නමා ආචාර කළ මොහොත කාගෙත් නෙත ගැටෙන්න ඇති. ඒක නිකම්ම සුබපැතීමක් නෙමෙයි;  ඓතිහාසික රාජකාරි ක්‍රමයත් එක්ක පාරම්පරික ශිල්පීන් ප්‍රභූවරුන් සහ නිලමේවරුන් හමුවේ පෙන්වන ගෞරවනීය යටහත් බව. එතැනට ආපු ඒ වැඩිහිටි තාත්තා මුලින්ම කතා කරන්න ගත්තෙත් බිම බලාගෙන, හරිම බියපත් හැඟීමකින්. නමුත් ඒ තාත්තා කවුද? එතුමා 1956 වසරේ ඉඳලා අඛණ්ඩව වසර 69ක් තිස්සේ දළදා පෙරහැරේ හොරණෑ වාදනය කරපු සුවිශේෂී කලාකරුවෙක්. සර් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව වගේ අග්‍රාණ්ඩුකාරවරුන්ගේ ඉඳලා ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දක්වා රට පාලනය කළ රාජ්‍ය නායකයින් දහදෙනෙකුට වැඩි පිරිසක් ඉදිරියේ මේ රටේ පාරම්පරික කලාව වෙනුවෙන් දහඩිය හෙළපු ප්‍රවීණයෙක්. පැරණි සමාජයේ විලියම් ගොපල්ලව මැතිතුමාට පවා සමහරු ඇමතුවේ
ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී උත්සව අවස්ථාවකදී රටේ රාජ්‍ය නායකයා ඉදිරියට ආපු වයෝවෘද්ධ සාම්ප්‍රදායික ශිල්පියෙක්, සිරිතක් විදිහට ඉස්සෙල්ලාම හිස නමා ආචාර කළ මොහොත කාගෙත් නෙත ගැටෙන්න ඇති. ඒක නිකම්ම සුබපැතීමක් නෙමෙයි; ඓතිහාසික රාජකාරි ක්‍රමයත් එක්ක පාරම්පරික ශිල්පීන් ප්‍රභූවරුන් සහ නිලමේවරුන් හමුවේ පෙන්වන ගෞරවනීය යටහත් බව. එතැනට ආපු ඒ වැඩිහිටි තාත්තා මුලින්ම කතා කරන්න ගත්තෙත් බිම බලාගෙන, හරිම බියපත් හැඟීමකින්. නමුත් ඒ තාත්තා කවුද? එතුමා 1956 වසරේ ඉඳලා අඛණ්ඩව වසර 69ක් තිස්සේ දළදා පෙරහැරේ හොරණෑ වාදනය කරපු සුවිශේෂී කලාකරුවෙක්. සර් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව වගේ අග්‍රාණ්ඩුකාරවරුන්ගේ ඉඳලා ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ දක්වා රට පාලනය කළ රාජ්‍ය නායකයින් දහදෙනෙකුට වැඩි පිරිසක් ඉදිරියේ මේ රටේ පාරම්පරික කලාව වෙනුවෙන් දහඩිය හෙළපු ප්‍රවීණයෙක්. පැරණි සමාජයේ විලියම් ගොපල්ලව මැතිතුමාට පවා සමහරු ඇමතුවේ "ගොපල්ලව රජ්ජුරුවෝ" කියලා. එදා මෙදා තුර බලය හමුවේ සාමාන්‍ය මිනිසා දැක්කේ තමන්ට කිට්ටු වෙන්න බැරි මහා දුරස්ථ ප්‍රභූ පෙළැන්තියක් විතරයි. ඒත් මේ හැම අතීතයක්ම වෙනස් වෙන්න ගතවුණේ තත්පර කිහිපයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වැඩිහිටි ශිල්පියාගේ අතින් අල්ලගෙන, ළඟට අරන්, හදවතින්ම තොරතුරු විමසන්න පටන් ගනිද්දී ඒ මුහුණේ තිබුණු භය නැතිවෙලා ගියා. බිමට බර වෙලා තිබුණු හිස කෙළින් වුණා. බලයේ තාන්න මාන්න මොහොතකින් දියවෙලා, අවුරුදු 69ක් පෙරහැරේ ගිය ඒ තාත්තාගේ මුවින් එකවරම පිටවුණේ "අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ..." කියන අසීමිත සෙනෙහෙවන්ත වචනය. රටක පළමු පුරවැසියාට බියෙන් "සර්" කියන්න මිනිස්සුන්ට පුරුදු කරන්න පුළුවන් වුණත්, සැබෑ සෙනෙහසින් රටේ නායකයාට "පුතේ" කියන්න හදවතින්ම දැනෙන ආත්මීය බැඳීමක් තියෙන්නම ඕන. 1978 ව්‍යවස්ථාවත් එක්ක පාලකයෝ තමන්ව හඳුන්වාගත්තේ "ජනාධිපති උතුමාණන්" කියන වැඩවසම් නාමයෙන්. ඒ වගේ අතීතයක් පසුකරපු රටක, රටේ ඉහළම නායකයා ඉදිරියේ සාමාන්‍ය ගැමි වැඩිහිටියෙකුට තමන්ගේම දරුවෙක් ඉදිරියේ ඉන්නවා වගේ හැඟීමක් දැනීම කොයිතරම් සුන්දර සංස්කෘතික වෙනසක්ද? පැහුණු වී කරලක් බිමට නැමෙන්නේ එහි ඇති පිරිපුන් බව නිසාමයි; සැබෑ නිහතමානීකම කියන්නේ නායකත්වයක තිබිය යුතු ශ්‍රේෂ්ඨතම ලක්ෂණය. දළදා මාලිගා පරිශ්‍රයේ සිදුවූ නිල හමුවීම් වාර්තා සහ සජීවී දර්ශන ඇසුරින්. අධිකාරීවාදී බලය වෙනුවට මානව දයාව සහ සැබෑ මනුස්සකම රජයන සමාජයක වටිනාකම සැමවිටම අගය කරමු. Copied Credit goes to first owner!✨

About