@kavi.rekha: හිතක් අයිති කරගන්න බැරි වුණාට... ඒ හිතට මුළු ජීවිතේම ආදරේ කරන්න පුළුවන් කියන එක මට කියාදුන්නේ ඔයා… 🥺❤️🩹 ඔයා මගේ නෙවෙයි කියලා තේරුණු දවසේ ඉඳන්ම මම කළේ ඒ ආදරේ මගේ හිත ඇතුළෙම හිරකරගත්ත එක. ඔයා හිනාවෙනකොට ඒ හිනාවේ මට කිසිම අයිතියක් නැතත්, ඒ දිහා ඈතින් බලාගෙන මමත් ගොඩක් සතුටු වුණා. සමහර දවස්වලට ඔයාට ගොඩක් ළං වෙන්න, ඔයාගේ දුකකදී ඔයාගේ ළඟින්ම ඉන්න හිතෙනවා… ඒත් "මට ඒකට අයිතියක් තියෙනවද?" කියන ප්‍රශ්නෙ ඉස්සරහා මගේ පියවරවල් ඉබේම නතර වෙනවා. 🥀 හිතින් දාහක් දේවල් ඔයාට කිව්වත්, ඔයා ඉස්සරහා මම ගොළු වෙන්නේ ඒ නිසාමයි. මගේ හිතේ ඔයාට තියෙන තැන ඔයාට කවදාවත් තේරෙන්නේ නැති වෙයි… මොකද මම ඒක කවදාවත් ඔයාට පේන්න නොතැබූ නිසා. 😔 ආදරේ කියන්නේ ළඟ තියාගෙන අයිතිවාසිකම් කියන එකටම නෙවෙයි… තමන්ට කවදාවත් අයිති වෙන්නේ නෑ කියලා දැන දැනත්, ඒ කෙනාගේ සතුට වෙනුවෙන් ඈතට වෙලා ආශීර්වාද කරන එකට. ❤️🩹 මගේ ලෝකේ ලස්සනම මතකේ ඔයා. ඒ මතකේ ඇතුළේ මට කවදාවත් ජීවත් වෙන්න බැරි වෙයි… ඒත් කමක් නෑ, ඔයා මගේ නොවුණට මගේ හිතට දැනුණු ලස්සනම ආදරේ ඔයා. 🥺🥀 අදටත් හිතට වද දෙන එකම එක ප්‍රශ්නයක් තියෙනවා… "මගේ නොවෙන ඔයාට මේ තරම් ආදරේ කරන්න පුළුවන් නම්… ඔයා මගේම වුණා නම්, මම ඔයාට කොච්චර නම් ආදරේ කරන්න තිබුණද…" 🥺❤️🩹 #kavirekha #myfeelings #sketchbookdrawing #viralpic #foryoupages
Kavi Rekha
Region: LK
Monday 17 August 2026 10:30:00 GMT
Music
Download
Comments
Sarah_KV :
caption plz
2026-08-21 02:21:42
1
Dineli😃 :
🥰
2026-08-17 18:09:22
1
15:42 :
🥰
2026-08-19 11:19:04
1
Sarah_KV :
මගෙ නොවුනට දැනුන ලස්සනම ආදරේ ඔයා ❤️🩹
2026-08-17 11:20:14
1
Aviro :
🖤
2026-08-19 10:58:07
1
Thisara Piyankara :
❤️❤️❤️
2026-08-17 16:11:21
1
❤️Kavi❤️ :
😢😢😢
2026-08-18 01:32:25
1
Laky :
🥰
2026-08-17 10:47:13
1
veloura_candles :
❤️
2026-08-17 12:15:58
1
Wanderlust :
🥺💔
2026-08-19 11:17:23
1
To see more videos from user @kavi.rekha, please go to the Tikwm
homepage.