@chamod__hirushan: හැම තප්පරයකම මං උඹට ආදරේ කළේ මගේ මුළු ආත්මයෙන්මයි. ලෝකෙ කාටවත් වඩා මං උඹව විශ්වාස කළා. ඒත් උඹ කළේ මගේ ඒ අසීමිත ආදරේ මෝඩකමක් ගාණට දාලා, මට කියන්න පුළුවන් උපරිම බොරු කියලා, මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු එක විතරයි. මට රිද්දන්න පුළුවන් උපරිමයටම රිද්දලා උඹ කිසිම ගාණක් නැතුව මාව දාලා ගියා... ඒ රිදවීම් අස්සේ මං අඬපු තරම, මං විඳවපු තරම දන්නේ මං විතරයි. ඒත් ඒ හැම වේදනාවක්ම මාව වෙනස් කළා. අද මං මෙතැන ඉන්නේ එදා උඹ වෙනුවෙන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු මනුස්සයා විදියට නෙමෙයි... උඹ මට දුන්න ඒ තිත්ත ඇත්ත මං තේරුම් ගත්තා. මගේ හිතේ උඹ වෙනුවෙන් තිබ්බ ඒ ආදරේ, ඒ හැම පුංචි හැඟීමක්ම මං මගේ අතින්ම මරලා දැම්මා.. දැන් ඒ ආදරේ මගේ හිත ඇතුළේ සදාකාලිකවම මැරිලා ඉවරයි. මං උඹෙන් පලිගන්න වෛර කරන්නේ නැහැ. මොකද වෛර කරන්නත් හිතේ මොකක් හරි හැඟීමක් ඉතිරි වෙලා තියෙන්න ඕනේනේ.. අද මගේ හිතේ උඹ වෙනුවෙන් තියෙන්නේ සම්පූර්ණ හිස්කමක් විතරයි. ආයේ කවදාවත් ඒ මැරිල ගිය හැඟීම්වලට පණ දෙන්න, මගේ හිත ඇතුළට එන්න උත්සාහ කරන්න එපා.. මං උඹට ආදරේ කරපු තරමටම, අද මං ඒ හැඟීම් මරලා දාලා ඉවරයි..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Saturday 08 August 2026 09:10:16 GMT
Music
Download
Comments
❤️Shenu Shenu❤️ :
mmm☺️❤️🩹🤟
2026-08-08 14:12:02
0
දෝණි 💝🦋 :
හ්ම්ම් 🥺
2026-08-08 10:55:00
0
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
💖💖💖
2026-08-08 11:31:37
1
dima. :
✊🙂
2026-08-08 09:59:54
1
🦄🍓🇦🇪Madu🌻 :
📌
2026-08-24 03:28:14
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.