@by_laurawild: තව සෑහෙන්න කාලෙකින් දවසක, තව කාට හරි ඔයා ඔයාගෙ ජීවිතේ කතාව කියද්දී, “මාව වෙනස් කරපු කෙනෙක් හිටියා” කියලා, මං ඔයාගෙ ලඟින් හිටපු කොටසත් අනිවාර්යයෙන්ම කියයි.. ඒ වෙලාවෙ ඔයාගේ ඇස් අර ඉස්සර වගේම දිලිසෙයි.. සිගරට් බොන්න එපා කිය මන්තරේ වගේ කියවපු, රස්තියාදුකාරයෙක් වගේනේ අනේ ඔහොම ශර්ට් අඳින්න එපා කියලා වද දුන්නු, පිස්සෙක් වගේ එන්න එපා ඔය කොන්ඩෙ පීරගන්නකො කියලා නෝක්කාඩු කියපු, හොය හොයා අරක කරන්න මේක කරන්න ඔයා ඉස්සරහටම යන්න ඕන කියලා පාර පෙන්නපු, මං ගැන, ඔයා එයාට කියයි! ⁣පන්සල් බෝධි වල ඔයාගේ හීන හැබෑවෙන්න කියලා පඬුරු ගැටගහපු, කන්න බෑම කිව්ව දවසකත් උයාගෙන ඇවිත් බත් කටක් බලෙන්ම හරි කවපු, "දැන්වත් ඔය හිතුවක්කාරකම් නතර කරලා ජීවිතේ ගැන වගකීමෙන් හිතන්නකෝ " කියලා ඉල්ලපු, මොනව කොහොම නැති උනත් ඔයාව,ඔයාගේ ආදරය විශ්වාස කරපු, මං ගැන ඔයා එයාට කියයි! අපිට අපෙ අත් අතෑරෙන බව දැන දැනත් තව ටිකක් අපිට ඉවසන්න තිබුන නේද කියලා හිතපු, අතෑරුනාට පස්සෙත් ඈත ඉඳන් ඔයාට සෙත් පතපු, මට නැති උනත්, ඔයාගෙ ජීවිතේ මල් පිපෙන්න ඕන කියලා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලපු, මං ගැන ඔයා එයාට කියයි! 🫀 🌕Ruu #Love #iloveyou #lovestory #destiny #us

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 09 August 2026 07:36:56 GMT
6062
370
5
12

Music

Download

Comments

maduwanthi_dissanayake41
Nimesha Maduwanthi :
Captain ek dennko🥹
2026-08-10 09:46:31
0
prasadnawinda
...𝓝𝓪𝔀𝓲𝔂𝓪... :
🤍
2026-08-09 07:45:15
1
thamara.dilrukahi
🇱🇰DilRuu🇰🇼 :
🩵🩵
2026-08-09 15:04:31
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About