@hirunews: ඩයලොග් ආසිආටා රජයේ ආදායමට රුපියල් බිලියන 30.9ක් සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 18.5ක ආයෝජනයක් කරයි ඩයලොග් ආසිආටා සමාගම (Dialog Axiata PLC) විසින් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ පළමු භාගය සඳහා වන (1H 2026) ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කාල සීමාව තුළ ඩයලොග් සමූහය රජයේ ආදායම සඳහා සමස්ତයක් ලෙස රුපියල් බිලියන 30.9ක් ලබා දී ඇති අතර, එයින් රුපියල් බිලියන 8.1ක් සෘජු බදු සහ ලෙවී ලෙසද, රුපියල් බිලියන 22.8ක් රජය වෙනුවෙන් එකතු කරන ලද වක්‍ර බදු ලෙසද වාර්තා වී ඇත. පසුගිය වසරට සාපේක්ෂව මුළු බදු දායකත්වය 9%කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහ 5G තාක්ෂණික සංවර්ධන කටයුතු වෙනුවෙන් සමූහය විසින් රුපියල් බිලියන 18.5ක ප්‍රාග්ධන වියදමක් (Capex) සිදු කර ඇති බව සඳහන්. මොබයිල්, ෆික්ස්ඩ් සහ ඩිජිටල් පේ ටීවී (Digital Pay Television) ව්‍යාපාරවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මත 2026 පළමු භාගයේ සමූහ ආදායම රුපියල් බිලියන 95.5ක් දක්වා 9%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සමූහයේ ශුද්ධ ලාභය (NPAT) රුපියල් බිලියන 19.3ක් ලෙස සටහන් වී තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Tuesday 18 August 2026 05:36:36 GMT
Music
Download
Comments
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.