@toeybokpro: ชุดฝักบัวแรงดันสูง 5IN1 หน้ากว้าง 5 นิ้ว ทนแรงดัน ใช้กับเครืองทำน้ำอุ่นได้ #ฝักบัวอาบน้ํา #ฝักบัวแรงดันสูง #ฝักบัวอาบน้ําแรงดันสูง #ของใช้ในบ้าน #ของดีบอกต่อ

พี่เต้ยบอกพิกัดของถูก
พี่เต้ยบอกพิกัดของถูก
Open In TikTok:
Region: TH
Wednesday 19 August 2026 05:00:00 GMT
203
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @toeybokpro, please go to the Tikwm homepage.

Other Videos

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය. කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි. 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය. කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබේ. එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය. පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය. 1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී. එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය. නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි විය. ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය. "දන්නෝ බුදුන්ගේ" වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමිකරගෙන ඇත. "ගලන ගඟකි ජීවිතේ", "මේ සිංහල අපගෙ රටයි", "රංග සැඩොල් කඳුළු", "හඳ හාවුන්", "දෙනෝදහක් නුවන් අතරේ", "අම්මාවරුනේ", "අහසින් පොළවට" සහ "ඉවුරු බිඳුණු ගංතලාවේ" ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර වූවාය. ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සිය ගායන හැකියාව රැගෙන ගිය නන්දා මාලනී මහත්මිය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී වී තිබේ. 1988 දෙසැම්බර් 16 වැනිදා ඇය සිය 250 වැනි ප්‍රසංගය පවත්වා ඇති අතර, 2010 වසරේදී සිරස නාලිකාව සමඟ එක්ව දිවයින පුරා සජීවී ඒක පුද්ගල ගී ප්‍රසංග 25ක්ද පවත්වා තිබේ. ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි. #nandamalini #නන්දාමාලනී

About