@motiv8production: ඔයා අදින් අවුරුදු පහකට කලින් ගියපු ලස්සන ගමනක්, නැත්නම් පොඩි කාලේ අහපු සින්දුවක පද පේළියක්, එහෙමත් නැත්නම් අතීතයේ වුණු අමිහිරි සිදුවීමක් මේ මොහොතේ මතක් වෙනකොට, ඒ මතකය මීට තත්පරයකට කලින් තිබුණේ කොහෙද කියලා කවදාහරි ඔයාට හිතිලා තියෙනවද? අපි පුංචි කාලේ ඉඳන්ම හිතන් ඉන්නේ මතකය කියන්නේ අපේ මොළය ඇතුළේ කොහේ හරි Memory Chip එකක Save වෙලා තියෙන දෙයක් කියලනේ.. අපිට හිතෙන්නේ හරියට පරිගණකයක Hard Drive එකක Data File එකක් Save කරලා තියෙනවා වගේ, අපේ මොළයේ සෛල ඇතුළෙත් අතීත සිදුවීම් Photo එකක් හෝ Video එකක් විදිහට තැන්පත් වෙලා තියෙනවා කියලයි. හැබැයි ස්නායු භෞතික විද්‍යාවයි, බුද්ධ දේශනාවේ එන අභිධර්මයයි කියන දෙකම එකතු වෙලා මේ ගැන හරි ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ලෝකයේ කිසිම තැනක "මතකය" කියලා තැන්පත් කරලා තියෙන භෞතික ද්‍රව්‍යයක් හෝ එක තැනක් නැහැ. මේක තේරුම් ගන්න මෙන්න මේ සරලම උදාහරණය ගැන පොඩ්ඩක් හිතන්නකො. මොළය කියන්නේ රේඩියෝවක් වගේ දෙයක්. මතකය කියන්නේ ඒ රේඩියෝවෙන් ඇහෙන 'සංගීතය'. යම් හෙයකින් ඒ රේඩියෝව බිම වැටිලා කැඩුනොත්, නැත්නම් ඒකේ Circuit එකක් පිච්චුනොත් සංගීතය ඇහෙන්නේ නැති වෙනවා. හැබැයි ඒ කියන්නේ සංගීතය කියන දේ නැත්නම් රේඩියෝ තරංග කියන දේ විශ්වයෙන් සහමුලින්ම නැති වුණා කියන එක නෙවෙයි නේද? රේඩියෝව කළේ අහසේ තියෙන තරංග අරන් අපිට ඇසෙන ශබ්දයක් බවට පත් කරලා දුන්නු භෞතික උපකරණය විතරයි. අන්න ඒ වගේ, අපේ භෞතික මොළය කියන්නෙත් මනසට මේ භෞතික ලෝකය එක්ක සම්බන්ධ වෙන්න, සංඥා ග්‍රහණය කරගන්න උදව් වෙන උපකරණයක් විතරයි. වයසට යද්දී නැත්නම් මොළයට වෙන යම් හානියක් නිසා කෙනෙකුට මතකය නැතිවෙනවා කියන්නේ, මොළය කියන ඒ රේඩියෝ යන්ත්‍රය සෙමින් සෙමින් Tune කරගන්න බැරිව යනවා කියන එක මිසක්, මනසේ තියෙන සංස්කාර ශක්තිය නැතිවෙනවා කියන එක නෙවෙයි. අපි හැමතිස්සේම හිතන්නේ යම් දෙයක් පවතින්න නම් ඒකට භෞතික "තැනක්" තියෙන්න ඕන කියලා. ඒත් මතකය කියන්නේ පෙට්ටියක දාලා මොළයේ මුල්ලක සඟවලා තියෙන්න පුළුවන් ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක අවශ්‍ය හේතු යෙදෙන මොහොතේදී සිද්දවෙන ක්‍රියාවලියක් විතරයි. "ගින්දර තියෙන්නේ කොහෙද?" කියලා කෙනෙක් ඇහුවොත් අපිට ලෝකයේ කිසිම තැනක් පෙන්වන්න බෑ නේද? ගින්දර කියන දේ ගිනිකූර ඇතුළෙත් නෑ, ගිනි පෙට්ටියේ පැත්තෙත් නෑ. හැබැයි ඒ ගිනිකූරයි ගිනි පෙට්ටියයි එකිනෙක ගැටෙන ඒ ක්ෂණික මොහොතේදී, ඊට කලින් නොතිබුණු ගින්දර එකපාරටම උපදිනවා. මතකය කියන්නෙත් අන්න ඒ වගේ දෙයකට. පරණ සුවඳක්, පැරණි රූපයක්, ශබ්දයක්, නැත්නම් හිතට එන පුංචි සිතුවිල්ලක් අපේ ඉන්ද්‍රියයන්ට හමු වූ සැනින්, අතීත අත්දැකීම්වලින් හිතේ ඉතිරි වුණු සංස්කාර ශක්තිය නිසා ඒ මතකය කියන දේ වර්තමාන සිත ඇතුළේ එකපාරටම මතු වෙනවා. තවත් විදිහකට කිව්වොත් ඒක හරියට අහසේ විදුලිය කොටනවා වගේ වැඩක්. වලාකුළු දෙකක් එකිනෙක ගැටෙනකොට අහසේ විදුලිය මතු වෙනවා. ඒ විදුලිය ඊට කලින් අහසේ කොහේ හරි හැංගිලා තිබුණේ නැහැ. එතන සිදුවුණේ යම් යම් හේතූන් එකිනෙක ගැටෙන විට විදුලිය කියන සංසිද්ධිය මතු වෙන එක විතරයි. අභිධර්මයේදී මේක පැහැදිලි කරන්නේ "සමනන්තර ප්‍රත්‍යය" සහ "උපනිස්සය ප්‍රත්‍යය" කියන ලොජික් එකෙන්. සිත ඇතුළේ එක චිත්ත ක්ෂණයක් නිරුද්ධ වී යද්දී, ඒ සිතේ තිබුණු සියලුම අත්දැකීම් සහ ශක්තීන් ඊළඟට උපදින සිතට සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. මතකය කියන්නේ කොහේ හරි තැන්පත් කරලා තියෙන එකක් නෙවෙයි. පෙර සිත පසු සිතට ශක්තිය ලබා දෙමින්, කිසිදු හිස්තැනක් නැතිව අතිවේගයෙන් එක පෙළට ගලාගෙන යන නාම ප්‍රවාහයක යම් යම් හේතු යෙදෙද්දී සිදුවෙන එකපාර මතු වීමකටයි. ස්නායු විද්‍යාවෙන් අද හොයාගෙන තියෙන්නෙත් අන්න ඒ දේමයි. අපේ මොළය ඇතුළේ මතකයන් විදිහට තැන්පත් වුණු "පින්තූර" නෑ. මොළය කරන්නේ අතීතයේ යම් සිදුවීමක් වන විට සක්‍රීය වුණු ස්නායු ජාලයන්, ඒ අදාළ හේතුව හමුවේ නැවත වරක් ඒ සමාන රටාවකට සක්‍රීය කරන එක විතරයි. ඒ කියන්නේ මතකය කියලා කියන්නේ "කොහේ හරි තැන්පත් කරලා තියෙන දෙයක්" නෙවෙයි, ප්‍රත්‍යයන් හමුවේ "නැවත නැවත මතු වෙන" ධර්මතාවයක්. කෙටියෙන්ම කිව්වොත්, මතකය කියන්නේ කොහේ හරි තැන්පත් කරලා "තිබෙන" දෙයක් නෙවෙයි, හේතු යෙදෙන මොහොතේ "හටගන්නා" ධර්මතාවයකට. එතකොට පොඩ්ඩක් හිතලා බලන්න... ඔයා "මගේ අතීතය", "මගේ මතකයන්", "මම විඳපු දුක්" කියලා මුළු ජීවිත කාලෙම පස්සෙන් දුවන්නේ, ඇත්තටම කොහෙවත් තැන්පත් වෙලා නැති, මේ මොහොතේ හිත ඇතුළේ ඉපදිලා ඊළඟ තත්පරයේදී සහමුලින්ම නැතිවෙලා යන හුදු මානසික සිතුවිලි රැල්ලකට විතරක් නෙවෙයිද? 🤷♀️✨ ඔබ සැමට උතුම් ධර්මාවබෝධයම ලැබේවා! ☸️🙏🌕 ලිපිය වැදගත් නම් තව කෙනෙක්ට කියවන්න Share කරන්න. 🙏🙏 #Buddhism #Abhidhamma #MindAndBrain #Neuroscience #MindStream
Motiv8
Region: LK
Wednesday 19 August 2026 03:37:04 GMT
Music
Download
Comments
PrabhathMadhushan :
නෑ මතකය කියන්නේ නියුරෝන අතර අති විදුත් රසායනික රටා වලට. පිටින් එන්නේ නෑ මොකුත්. එක රාටාවක්..... හැබැයි මැරුන කියල රටාව නැති වෙන්නේ නෑ හැබැයි. එ රාටාවම අයේ හැදෙන්න අවස්තා තියේවි කාලය අනන්තයිනේ. එහෙම ස්තිර ඌ ආත්මයකුත් නෑ ශරීරයට සම්බන්ද වෙන... අනිත්‍යයි, දුක්කයි, අනාත්මයි. හැම දෙයක්ම වෙනස් වෙන එකිනෙකට වෙනස් රටා එච්චරයි.
2026-08-23 18:35:14
4
user3844614079599 :
මතකය සිහිය සියල්ල පවතින්නේ මොළයේ තියන බිලියනගානක නියුරෝන මතයි..මොළයට රුධිරය නැවතුනමොහොතක සියලු නියුරෝන නිමේසයකින් බිදීයනවා..මතකය එම මොහොතේම අව්සන් වෙනවා..
2026-09-14 20:10:48
1
sampath dunuwila :
🙏🙏🙏 සාදු! සාදු!! සාදු !!! උතුම්වූ ධර්මරත්නයට නමස්කාරවේවා !!!
2026-08-19 05:22:30
3
Nadun&Anusha :
ආශ්‍රව සහ අනුසය ක්ෂය කරන්න පුළුවන් ,ඒවාට නැවත නැවත පෝෂණය වෙන්න නොදී සිත zero මට්ටමේ තියා ගත්තොත්
2026-08-19 07:28:45
1
Udayanga Silva225 :
සංස්කාර ශක්තීන් කියන්නෙ මොනවද? පැහැදිලි කරන්න.
2026-09-04 02:31:18
0
🌹💘Nishshanka Official❤️😍 :
ස්නායු ජාලයක් නැවත සෑදීම 👍
2026-08-20 02:25:18
0
user3844614079599 :
මිත්‍යාදෘෂ්ටික ආගම් පදනම් කරගැනීම වැරදියි.
2026-08-25 03:22:50
0
Thamoddya Dissanayake :
Agreed 💯
2026-08-19 04:12:14
1
Viraja :
wayasata yamedi mathaka netiwima yanu weradi mathauaki. kalayath samaga ekathuwana thorathuru sambaraya thula parinatha sitha wisin karana palanauak wiya heki. udaharanayak Lesa ma danna viyapath majacharayawarayek diya pena potha pawa amathaka wuwath diya vishaya karunu ha sankyalekana awrudu gananawaka daththa pilibanda mathakayak pawathi.
2026-08-26 09:12:11
0
Lankan :
🙏❤️
2026-08-19 04:46:26
1
Ruwan@.💖🇮🇱🇮🇱💖 :
🙏🙏🙏🙏🙏
2026-08-19 15:47:29
1
Suna :
🙏🙏🙏🙏👍👍👍👍
2026-08-20 07:22:44
0
Pradeep Nissanka Kumara :
🙏🙏🙏
2026-08-19 14:16:46
1
Rasika Kumara :
❤️❤️❤️
2026-09-14 08:24:58
0
Hotplate :
දක්වන ලද ප්‍රකාශයේ සඳහන් "මතකයට භෞතික පදනමක් නැත" සහ "මොළය යනු රේඩියෝවක් වැනි උපකරණයක් පමණි" යන මතය නූතන ස්නායු විද්‍යාත්මක (Neuroscience) සොයාගැනීම් හමුවේ අසත්‍ය වන ආකාරය පැහැදිලි වන ප්‍රධාන සාක්ෂි
1. ස්නායු ප්ලාස්ටික්තාව සහ එන්ග්‍රෑම් (Synaptic Plasticity & Engrams)
මතකය යනු අවකාශයේ පාවෙන දෙයක් නොවේ. යම් දෙයක් මතක තබා ගන්නා විට මොළයේ ස්නායු සෛල (Neurons) අතර සම්බන්ධතා භෞතිකව වෙනස් වේ. Long-Term Potentiation (LTP) ක්‍රියාවලිය හරහා ස්නායු සන්ධි (Synapses) වල අලුත් ප්‍රෝටීන සංස්ලේෂණය වී ව්‍යුහමය වෙනස්කම් සිදු වේ. මෙම භෞතික සලකුණ ස්නායු විද්‍යාවේදී Engram (මතක සලකුණ) ලෙස හඳුන්වයි.
2. වයිල්ඩර් පෙන්ෆීල්ඩ්ගේ (Wilder Penfield) පරීක්ෂණ
කනඩේජානු ස්නායු ශල්‍ය වෛද්‍ය වයිල්ඩර් පෙන්ෆීල්ඩ් මොළයේ සැත්කම්වලට ලක්වන රෝගීන්ගේ බාහිකයට (Cerebral Cortex) කුඩා විදුලි ධාරාවක් (Electrical stimulation) යොමු කළ විට, එම රෝගීන්ට තමන්ගේ අතීත සිදුවීම්, සින්දු, සහ සුවඳවල් ඒ අයුරින්ම යළි සිහිපත් විය. මොළයේ යම් භෞතික ස්ථානයකට විදුලි සංඥාවක් දුන් විට අතීත මතකය මතු වීමෙන් පැහැදිලි වන්නේ මතකය මොළයේ භෞතික පද්ධතිය තුළම තැන්පත් වී ඇති බවයි.
3. Patient H.M. සහ හිපොකැම්පසයේ (Hippocampus) හානිය
හෙන්රි මොලයිසන් (Patient H.M.) නමැති රෝගියාගේ මොළයේ හිපොකැම්පස් (Hippocampus) ප්‍රදේශය ශල්‍යකර්මයකින් ඉවත් කළ පසු, ඔහුට අලුත් මතකයන් ගබඩා කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති විය. මොළය රේඩියෝවක් නම්, මෙම කොටස ඉවත් කළ විට සිදු විය යුත්තේ තරංග අසුරගැනීමේ අපහසුවක් මිස, යම් නිශ්චිත මතකයන් සෑදීමේ භෞතික පද්ධතිය විනාශ වීම නොවේ.
4. ඔප්ටොජෙනෙටික්ස් (Optogenetics) මගින් මතකයන් මකා දැමීම
නූතන Optogenetics තාක්ෂණය මගින් විද්‍යාඥයන් විසින් පරීක්ෂණාත්මකව මොළයේ මතකය ගබඩා වී ඇති විශේෂිත එන්ග්‍රෑම් සෛල (Engram cells) ආලෝක කිරණ මගින් සක්‍රීය කිරීමට, අක්‍රීය කිරීමට (මතකය මකා දැමීමට) සහ අසත්‍ය මතකයන් (False memories) නිර්මාණය කිරීමට පවා සමත් වී ඇත. මතකය භෞතිකව පාලනය කළ හැකි බවට මෙය සෘජු සාක්ෂියකි.
5. "රේඩියෝ උපමාවේ" ඇති තාර්කික දෝෂය (Cartesian Dualism Fallacy)
රේඩියෝවක් වාතයේ ඇති තරංග ග්‍රහණය කරගන්නවා මෙන් මොළය විසින් බාහිරින් එන "මනසක්" ග්‍රහණය කරගන්නේ යැයි පැවසීම ද්වෛතවාදී (Dualism) මතයකි. නමුත් මෙතෙක් සිදු කළ කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් මොළයෙන් බාහිරව පාවෙන "මනසක්" හෝ "තරංගයක්" සොයාගෙන නැත. මනස සහ මතකය යනු මොළයේ බිලියන සංඛ්‍යාත ස්නායු සෛල එකිනෙක සන්නිවේදනය කිරීමේදී ඇතිවන ජෛව විද්‍යාත්මක ඵලයකි (Emergence).
2026-08-25 02:18:11
1
To see more videos from user @motiv8production, please go to the Tikwm
homepage.