@hirunews: සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි ලබන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඊට අදාළ සියලුම තාක්ෂණික හා යටිතල පහසුකම් මේ වන විටත් සූදානම් කර ඇති බව සඳහන්. එමෙන්ම, රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) මේ වසර අවසාන වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 19 August 2026 11:41:59 GMT
Music
Download
Comments
SENIDU RANDITHA :
අන්න හොඳ වැඩ
2026-08-19 14:41:04
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.