@hirunews: ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athletics) නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට ජර්මනියේ ජූලියන් වීබර් සමත්ව තිබෙනවා. ඉකුත් දිනවලදී ජාත්‍යන්තර තරග බිමේ දක්වන ලද විශිෂ්ට දක්ෂතා පදනම් කරගනිමින් ජූලියන් වීබර් මෙසේ පළමු ස්ථානයට පැමිණ සිටිනවා. මීට පෙර එම ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට මෙම නවතම වර්ගීකරණය අනුව එක් ස්ථානයක් පසුපසට යාමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, ලෝකයේ ප්‍රබලතම මලල ක්‍රීඩකයින් අතර ඉදිරිපෙළ රැඳී සිටිමින් රුමේෂ් තරංග දැක්වූ දක්ෂතාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. ඒ අනුව ඉදිරි ජාත්‍යන්තර තරගාවලි හරහා නැවතත් ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංගට අවස්ථාව පවතිනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 19 August 2026 14:25:09 GMT
Music
Download
Comments
𝐑𝐮𝐬𝐚𝐫𝐚 𝐇𝐚𝐧𝐬𝐚𝐧𝐚 :
2026-08-19 14:42:32
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.