@sudeerathennakoon1: සංසාරයේ අඳුරු අතීතය පුරා අප නොගිය තැනක්, නොවිඳි දුකක් නැත. සත්‍යය කුමක්දැයි නොදැන, අතපත ගාමින් ආ මේ මහා සංසාර ගමනේ, බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් නාමය පවා ඇසීමට නොලැබෙන අන්ධකාර යුග ගණනාවක් අප ගෙවා දමන්නට ඇත. එහෙත් අද... මා මේ සිටින්නේ කෙතරම් නම් පින්වත් මොහොතකද...? උන්වහන්සේගේ අසමසම සර්වඥතා ඥානය ගැන සිතන විටත් සිත ගෞරවයෙන් සහ විස්මයෙන් පිරී යන්නේ මා නොදැනුවත්වමය.... සකල ලෝකධාතුවම, කර්මයේ අදෘශ්‍යමාන සංකීර්ණ රටාවන්, සංසාරයේ නොදුටු කෙළවරවල් නූලෙන් නූල දැකිය හැකි ඒ මහා නුවණට සම කළ හැකි වෙනත් කිසිවක් මේ විශ්වයේම නැත. අපගේ කුඩා මොළයට තබා සිතාගන්නටවත් නොහැකි ඒ අසමසම ඥාන සම්ප්‍රදාය හමුවේ සිත නිරායාසයෙන්ම නමස්කාර පූර්වක වෙයි..... ඊටත් වඩා මා සංවේදී කරවන්නේ, ඒ උතුම් ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළ අමෘත ධර්මය තාමත් ජීවමානව ඇසෙන, දැනෙන යුගයක සහ භූමියක ඉපදීමට ලැබීමයි. මිනිස් ආත්මයක් ලැබීමම අතිශය දුර්ලභ මොහොතක, ඒ ධර්මය මට ඇසෙන්නට ලැබීම, එය හුදෙක් අසා සිටිනවාට වඩා මගේ සිතට තදින් දැනෙන්නට ලැබීම... "ඇත්තටම මම කෙතරම් නම් වාසනාවන්තද?" මෙය නිකම්ම නිකම් අහම්බයක් විය නොහැක. සංසාරයේ කවර හෝ ආත්මයක තැබූ පිනක, කළ ප්‍රාර්ථනාවක ඵලයක් විය යුතුය. ලොව අතිශය ශ්‍රේෂ්ඨතම ඥානවන්තයාණන්ගේ පිරිසිදු ධර්මය තේරුම් ගැනීමට පවා මානසික පරිසරයක් ලැබීම ගැන සිතද්දී සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි සාමකාමී, පිවිතුරු හැඟීමකි. ඒ උතුම් ධර්මය අපගේ මෙලොව ජීවිතය එළිය කිරීමටත්, සංසාර දුකෙන් මිදීමටත් පහන් ටැඹක්ම වේවා.... ✍️ සටහන : © සුදීර තෙන්නකෝන් #foryou #sudeerathennakoon1 #buddha #globalbuddhism #buddhism
Sudeera Thennakoon
Region: LK
Thursday 20 August 2026 16:03:23 GMT
Music
Download
Comments
user7496844159396 :
caption eka comment krnnko 🙏🙏🙏
2026-08-20 17:21:32
1
To see more videos from user @sudeerathennakoon1, please go to the Tikwm
homepage.